ජිමින් වගේම යුන්ගි මූණට මූණ කැෆේ එකේ ටේබල් එක දෙපැත්තෙ තිබුණ පුටු දෙකක වාඩිවෙලා හිටියා. හවස් වෙලාවට කැෆේ එකේ සෙනඟ සාමාන්‍ය විදිහට වැඩිවුණාත් ජිමින් යි , යුන්ගියි හිටපු පැත්තට නම් එහෙම වෙලා තිබුණෙ නෑ...
හෝසොක් එක්ක බන් බන්ව ගෙදර යවපු නිසා යුන්ගිට පුළුවන් වුණා ජිමින් එක්ක තනියම කතාකරන්න අවස්ථාවක් හදාගන්න.
" මොකද මිස්ටර් යුන්ගි.... ඔයාට ඔච්චරම පෞද්ගලිකව මට මොනවද කියන්න තියෙන්නෙ..? මම මේ කිව්වෙ.. බන් බන්වයි හොබීවයි ගෙදර යවලා...?"
ජිමින් ප්‍රශ්න කරනකොට යුන්ගි මේසෙට අත්දෙක තියලා ඉස්සරහට පාත් වුනේ බර හුස්මක් පිටදාලා.
" හොබී මට කිව්වා... ජිමින් අපේ ජන්කුක්ට කැමතියි කියලා. එත් මේකයි ජිමින්... ටේහ්‍යුන්ග් ගෙන් පස්සෙ මට ජන්කුක් එක්ක කාවවත් විශ්වාස කරලා තියන්න අමාරුයි... අයිමීන්... මම එ තරම් පරිස්සම් එයා ගැන...
ඔව්... මමත් මැරීඩ් දැන්... ජිමින් ගොඩක් හොඳ කෙනෙක් බව දන්නවා. ජිමින්ව ජන්කුක්ව තියන එක ගැන මට විශ්වාස කරන්න පුළුවන් කියලා මම දන්නවා... මොකද මට හොබී ජිමින් ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. එත් ජිමින් අතීතය නොදැන ඔයාව ජන්කුක් එක්ක පටලවන එක වරදක්..."
යුන්ගි කියද්දි ජිමින් සද්ද නැතුව බලාගෙන හිටියෙ යුන්ගිගෙ සර්වාංගයෙන්ම සීරියස් බව කියාපාන පෙනුම දිහා . මොකද යුන්ගි කියන්නෙ ජන්කුක් එක්ක ෆිට් කෙනෙක් වුනාට අනිත් අය එක්ක වැදගත් දෙයක් අැරෙන්න අනිත් දේවල් කතා නොකරන ජාතියේ මනුස්සයෙක් කියලා හොබී යුන්ගි ගැන ජිමින්ට අනන්තවත් කියලා අැති.
" දැන් මම මොකක්ද කරන්න ඔ්න...? "
ජිමින් අහද්දි යුන්ගි තමන් ඉස්සරහ තියලා තිබුණු තේ එක අතට ගත්තෙ ජිමින් දිහාට බැල්ම හෙලන ගමන්....
" පහුගිය අවුරුදු දෙකට කලින් ජන්කුක්ගෙ ජීවිතේ සිද්ධ වුන දේවල් දැනගන්න... මම මේ කියන කතාව ඔයාට වැදගත් වෙයි ජිමින්. දැන් මේ දේ අහලම තීරණය කරන එක ඔයාට භාරයි. ඔයාටත් ජන්කුක්ව ඔ්නිද... නැත්තම් එපාද කියලා... මොකද මං එ අහිංසකයගෙ ජීවිතේ ඔට්ටුවට තියලා පරදින්න සෙල්ලම් කරන්න කැමති නෑ..."
යුන්ගි කිව්වෙ ස්ථිර කටහඩකින්.... මොකද ජන්කුක් කියලා අැත්තටම ගොඩක් හොඳ හිතක් තියෙන මනුස්සයෙක්. යුන්ගි එක හොඳටම දන්නවා...
FLASH BACK
" කෝ... තාමත් නෑ මේ කූකියා..."
යුන්ගි තමන්ටම කියාගත්තෙ ජන්කුක් එනකම් බලාගෙන ඉඳලා දහවෙනි විනාඩිය ගෙවිලා යද්දි , තිබුණ ලොලිපොප් එකේ කවරෙ ගලවලා ලොලිපොප් එක කටේ ඔබාගන්න ගමන්.
" බිලාලයෝ...බිලාලයෝ...."
හති අරින ගමන් දුවලා අාව ජන්කුක් ගෙ මූණෙ ලස්සන හිනාවක් අැඳිලා තිබුණා. එත් යුන්ගි ලොලිපොප් එකක් කටේ ගහගෙන ඉන්න හැටි දැක්කම එ සතුට කොහෙන් ගියාද කියලා හිතන්න බැරි වුණේ වෙලාවක් නොතියමයි.
" තෝ... වසවර්ති බිලාලයා... මගේ රතුපාට හාට් එක වගේ ලොලිපොප් එක නේද ඔය කන්නෙ...? දැන් ඉතින් කොහොමද කියපං මං එයාව බලන්න යන්නෙ...? මං කිව්වෙ... එයාට අද මම තියන්නෙ මොනවද...? "
ජන්කුක් යුන්ගිගෙ අැඟට කඩන් පනිද්දි යුන්ගි මූණ කජු ලෙල්ලක් වගේ වගේ හදාගෙන තමන් බාගෙට කාපු ලොලිපොප් එක ජන්කුක්ගෙ දිහාට දික් කලා.
" උඹට දැන් මගෙන් වැඩක් නෑ නේද...? අර ටේටෙ ද ටාටාද කියන කොල්ලව දැක්ක දා ඉදන් උඹ මට සලකන්නෙ මහ කැත විදිහට..."
ජන්කුක් හිතාමතා යුන්ගිට අපහසුතාවක් අැති කරන්න කවදාවත් හිතලා නෑ... එත් තමන්ගෙ අත් වැරදීමකින් හරි එහෙම දෙයක් වුනා ද කියන එක ගැන ජන්කුක්ට නිකමට වගේ හිතෙන්න ගත්තා. යුන්ගි එයාගෙ ලොලිපොප් එක බේරගන්න බොරුවට මූණ හදාගෙන කිව්ව කතාවට ජන්කුක් කලබලවෙලා.
හායි ලමයි...
අද චැප්ටර් එකගැන මොකද හිතුනෙ....
ඔයාලට මේ කතාව ඔ්නි හැපි එන්ඩින් ද නැත්තම් සෑඩ් එන්ඩින්ද...?අදහස් කියාගෙන යන්න...
MUTHU_JIKOOK2
30.07.2024
![](https://img.wattpad.com/cover/372963128-288-k778938.jpg)
STAI LEGGENDO
💗 FOLLOW YOU💗 Jikook ff ( Complete ✅)
Fanfictionසත්‍ය ප්‍රේමයේ නියමයක් නැති සීමාව.. Deep breath jikook top jungkook bottom jimin lovely and romance