Chapter 07

53 12 3
                                    

FLASH BACK

" හායි ටේහන්ග්.... i love you "

තමන්ගෙ ඉස්සරහට දික්වුන රෝසමල දිහා බලපු ටේ එක දික් කරගෙන ඉන්න කෙනා කවුද කියලා බලන්න ඔලුව ඉස්සුවෙ ඊටත් පස්සෙ.

" මේ... තමුසෙ මොනවද හිතාගෙන ඉන්නෙ තමුසෙ ගැන...? තමුන් හිතාගෙන ඉන්නෙ... හායි.... මම ඔයාට කැමතියි කියලා කිව්ව ගමන් මම ඔහේට කැමැත්ත දෙන්න ඔහේ එලිසබෙත් මහරැජිනගෙ මුනුබුරා කියලද ? "

ටේ එහෙම කෑ ගැහුව නිසා ජන්කුක්ට ලොකු අපහසුතාවයක් දැනුනා.මොකද එ වෙලාවෙ යුනි එකට එන ගමන් හිටිය හැම කෙනෙක්ගෙම අැස්වලට අහුවුණ නිසා. කෙල්ලො කොල්ලො දෙක තුන රන් කරන කට්ටියට වගේ නෙවෙයි , ජන්කුක් කෙනෙක්ට තමන්ගෙ හැඟීම් ප්‍රකාශ කරන පලවෙනි වතාව.

" ටේ... කෑ ගහන්න එපා ප්ලීස්...."

ජන්කුක් කිව්වෙ මේ කාරණා ඔ්නි නම් සද්ද නැතිව වුනත් කතා බහ කරලා විසඳගන්න පුලුවන් නිසා.එත් ටේට එක ඔ්නි වුනේ නැහැ. ටේහන්ග් කියන්නෙ කොහොමටවත් සද්ද නැතිව ප්‍රශ්න විසඳන කෙනෙක් නෙවෙයි. තව කෙනෙක්ගෙ හැඟීම් තේරුම් ගන්න එක ටේහන්ග්ට අමාරුයි නෙවෙයි , කරන්න බැරි දෙයක්.

" අැයි.... මහත්තයට බයයිද මෙතන ඉන්න අය ඔහේව වට කරගෙන ගහයි කියලා.? තමුසෙට මොකක්ද ඔ්යි මාව අයිති කරගන්න තියෙන සුදුසුකම ? "

ටේ අහනකොට ජන්කුක් කල්පනා කලා. අැත්ත... ටේහන්ග් පෝසත් පවුලක ලස්සන පිරිමි ලමයෙක් . ජන්කුක් ගාව ටේට දෙන්න පුලුවන් දේකට තියෙන්නෙ , එයා ටේව දැක්ක දවසෙ ඉඳලා ටේ වෙනුවෙන් එකතු කරපු අාදරේ විතරයි. මොකද මධ්‍යම පාන්තික කාටවත්ම ටේ අදින අැඳුම් සූට් එකක් තියා එ අැඳුම් මහන්න ගන්න නූල් බොලයක්වත් ගන්න වත්කමක් නෑ.

" මම ඔයාට අාදරෙයි...."

ජන්කුක් අායෙමත් කිව්වෙ තමන්ගෙ අතේ තාමත් තියෙන , ටේ අතටවත් නොගත්ත රෝසමල අායෙමත් ටේ දිහාට දික්කරන ගමන්.

" සීරියස්ලි.... තමුසෙ හිතනවද ඔ්යි ඔය අාදරේ විතරක් තිබුණහම ජීවත් වෙන්න පුලුවන්. ජීවත් වෙන්න අාදරේ විතරක් අැති කියලද ....? "

💗 FOLLOW YOU💗 Jikook ff ( Complete ✅)Donde viven las historias. Descúbrelo ahora