දේශපාලන වේදිකාව කියන්නේ මන් අවුරුදු ගානක් හීන දැකලා මන් විසින් ගොඩනගා ගත්තු දෙයක්.පවුලේ කෙනෙක් වත් නැතුව දේශපාලනයට එනවා කියන්නේ ලේසි දෙයක් නෙවේ . ඒත් නොහිතපු විදිහට මන් අද ආණ්ඩු පක්ෂේන් අගමැති වරනේට ඉල්ලන අපේක්ෂකයා. පක්ෂය ඇතුලෙන්ම මොන ප්‍රශ්න ආවත් ඒ හැම එකක්ම ඉවසාගෙන මන් ආපු ගමන ගැන මට තියෙන්නේ මන් ගැනම ලොකු ආඩම්බරයක්...
"ප්‍රේමචන්ද්‍ර ඇමතිතුමා අද ගෝල් ෆේස් පිට්ටනියේ තියෙන රැලියට ඔබතුමා දැන් යනවද"
හිරුන් ආකෙන්‍ය ප්‍රේමචන්ද්‍ර
අවුරුදු 29"අනිවාර්යෙන්ම මංගල රැලියට මන් නොයා හරියනවද මිස්ටර් බාලසූරිය වාහනේ ලෑස්ති කරන්න කියන්න තුනයි තිහ වෙද්දී මන් එතන ඉන්න ඕනේ.."
"සර් ජනාධිපතිතුමා මේකට සම්බන්ධ වෙනවා කිව්වද.."
"නැහැ එතුමාට අද වැඩක් තියෙනවා කිව්වා ඒ නිසා එතුමා මේ වතාවෙ ඡන්ද රැලියට එන එකක් නැහැ.අනිත් ඇමතිවරු එයි.හැබැයි බාලසූරිය දන්නවනේ සමහරක් පක්ෂේම අය මට අපේක්ෂක කම දුන්නාට එච්චර හිත හොදයි නැහැ තාමට..."
"ඒ උනාට හැමෝම කියන්නේ මේ පාර විපක්ෂය ආණ්ඩු බලය ගනී කියලා.ඔබතුමා දන්නවනේ මිනිස්සු රාජේන්ද්‍ර වික්‍රමසිංහ කියන නමට ගරු කරනවා කියලා.."
"බොරුවෙන්ම මිනිසුන්ව රවට්ටන ඒ වගේ මිනීමරුවෙක් ට ආණ්ඩු බලය ගන්න කියටවත් මන් ඉඩ දෙන්නේ නැහැ.එකක් ජනාධිපති තුමා මන් ගැන තිබ්බ විශ්වාස මට කඩන්න බැහැ.අනිත් එක තාම මේ සෙල්ලම පටන් ගත්තා විතරයි බාලසූරිය. දේශපාලනය කියන්නේ හරියට චෙස් ගේම් එකක් වගේ. හරි වේලාව එනකන් අපිට ඉවසන්න වෙනවා.අවස්ථාව ආවාම චෙක් මේට් කරන්න තියෙන්නේ..'
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ