වාහනේ පාක් කරලා තේජාන්ය මාවත් එක්කන් හොටල් එක ඇතුලට ගියා.
ලක්සරි වයිබ් එකකින් හොටල් එක තියෙද්දී වික්රමසිංහ ලා කොච්චර සැප ජීවිතයක් පොඩි කාලේ ඉඳන් ම ගෙවන්න ඇති ද කියලා මට හිතුනා..
"මේක ඔයාලා පොඩි කාලේ ඉඳන් ද තේජ් තියෙන්නේ..."
"ඔව් ඉතින් අපේ තාත්තා ඒ කාලේ ඉඳන් ම දේශපාලනය කළා නේ. දෙදහස් හයේ විතර තමයි මේක නම් හැබැයි හැදුවේ..."
"යමු ඇතුලට ...."
තේජ් මාව එක්කන් ගියේ වෙනම වෙන් කරලා තිබුණු පැත්තකට......
"ලස්සනයි මෙතන....."
"හම් වෙන්න ඇති...."
මෙසේ උඩ තිබුණු වයින් වීදුරුව මන් තොල ගෑවේ මහන්සිය ට තොල් වේලිලා තිබුණු නිසා
"සුදු මට දෙයක් අහන්න තියෙනවා..."
"ම්ම්ම් කියන්න.."
තේජ් දෙයක් කියන්න තියෙනවා කියලා ඒක දිගට මගේ ඇස් දිහා බලන් ඉන්න ගත්තේ මට එතන ඉන්න පොඩි අපහසුතාවයක් දැනෙද්දී...
"මොකද ඔයා ඔහොම බලන් ඉන්නේ..."
"ඔයා මාව මැරී කරන්න කැමති ද..."
"කැමති නැහැ..."
"එහෙමද..."
"නැහැ නැහැ විහිළුවක් කළේ මන් කැමති..."
තේජ් ආයෙත් එක දිගට මගේ ඇස් දිහා බලන් ඉන්න ගත්තා.
විනාඩි දෙකක් විතර එහෙම බලන් ඉදලා මන් ලඟට ආවේ මගේ පපුවේ සද්දෙ මටම ඇහෙද්දි
මොකද්ද ආකෙන්ය ඔයා මේ කරන්නේ. මෙහෙම හරියන්නේ නැහැ ඔයා මීට වඩා ගැම්මට ඉන්න ඕනේ.
එක පාරටම තේජ් නැගිටලා ඇවිත් මගේ තොල් වලට බර උනේ මටත් හිතාගන්න බැරි වෙද්දී..
ඒත් මට එයාව ඈත් කරන්න කිසිම උවමනාවන් තිබ්බේ නැහැ...
ටික වෙලාවකින් එයා මගේ තොල් වලින් ඈත් උනා. උඩින් මන් ඒකට අකමැති වගේ පෙන්නුවට මගේ හිත ඇතුලින් ඒකට පොඩි කැමැත්තක් තිබ්බ....
"මොනාද තේජ් ඔයා කරන්නේ..."
"ඉතින් ඔයා මාව බදින්න කැමති කිව්වා මන් ඉතින් කිස් කළා ඒක මගේ අයිතියක් නේ..."
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ
