"සුදු පුතා මෙන්න කව්ද ඇවිල්ලා..."
ආච්චි කව්ද ඇවිල්ලා කියලා කතා කරපු නිසා මන් පල්ලෙහට ගියා.
කව්ද අනේ මේ රෑ හම්බෙන්න එන්නේ මාව
"බොස් එහෙනම් කියපු විදිහටම වැඩේ කළා..."
"අහ් ඔයා මං ඒත් බැලුවා කව්ද කියලා..."
"බොස් වැඩේ කරන්න කිව්වේ කොහොමද ඒ විදිහටම වැඩේ කළා එක ශොට් එකයි මන්ත්රියා ගේ කතාව ක්ලෝස්...."
"හරි එහෙනම් සල්ලි ටික බැංකුවට වැටෙයි ..."
"අනිවාර්යෙන් ආයෙත් මොකක් හරි දෙයක් තියෙනවා නම් කියන්න බොස්. අපි ඉන්නවා ඕනේ දේකට...."
"හම්ම්ම්......"
දේශපාලනේ කරන්න පතාලේත් හයිය ඕනේ. මන්ත්රිකාරයව මරන්න "පට්ට පොකා" කියලා පාතාලේ නම තියං හිටපු එකෙක් ට කිව්වා . කිව්ව විදිහටම ඌ වැඩේ කරළත් තිබුණා.
මේ ගමන යන්න තව මිනිස්සු කී දෙනෙක් ගේ ලේ මගේ අතේ තවරාගන්න වෙයි ද දන්නේ නැහැ. හැබැයි කොච්චර ලේ ගැවුණත් මං මේක නතර කරන්නෙත් නැහැ.
මුල් පුටුවටම ගිහින් තමයි දවසක මන් නතර වෙන්නේ.
වික්රමසිංහ මහත්තයෝ එහෙනම් ඉක්මනට ඔයාගේ පපුවටත් කොකා ගැස්සෙන දවස එයි.....
මං පට්ට පොකා ගියාට පස්සේ සාලෙට වෙලා තව ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා ආයෙත් කාමරේට ගියා.
වෙනදා වගේම තේජ් මෙසේජ් දාලා තිබුණත් මුලින් එයාගේ මෙසේජ් දකිද්දී ආපු තරහා දැන් මට ආවේ නැහැ.
💬එහෙනම් අපි හෙට එනවා වක්කඩේ හොඳේ.
💬ඔයා හෙට රෑ ට මෙහේ නතර වෙනවා නේද තේජ්
💬අනිවාර්යෙන් අනිවාර්යෙන්. අහ් මේ එක නෙවේ ඔයාට මතක ද ඔයා පාර්ලිමේන්තුවේ දී කිව්වා මන් රත්නපුර පැත්තේ ගලක් කැපුවා කියලා...
💬ඔව් අර ඒ දවස් වල නිව්ස් වල එහෙම හෙනට ගියේ ඔයාලා රත්නපුරේ මැණික් ගල් වගයක සීන් එකක්. ඒ ගැන මං කිව්වේ
💬 මං හෙටත් ගලක් කපන්න කියලා බැලුවේ.
💬ඇහ් ඒ කියන්නේ හෙට මෙහේ එන්නේ නැද්ද
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ
