"මන් කියන්න කැමති සහෝදරවරුනි අපි ජනාධිපතිවරනය පැරදුනා තමයි.ඒත් ඔබතමුන්නාන්සෙලා මතක තියාගන්න අපි නැවත මේ මැතිවරණයේ දී නැගිසිටිනවා.අපිට එක පාරක් වැරදුනා තමයි හැබැයි ආයෙත් වරදින්නේ නැහැ.අපි අනිවාර්යෙන්ම නැගී සිටිනවා.මේ රට නැවත වික්රමසිංහ යුගයන් දක්වා ගෙනයන බව මන් කියන්න කැමති..."
ජය වේවා අපේ නායකයානෙනි..."
"අනේ මෙච්චර මුන් මේවා කරලා ත් මිනිස්සු මු ට ජයවේවා කියනවා නේ අච්චි.අරක්කු බෝතලය යි බත් පැකට් එකටයි නේ මේ යන්නේ.මන් නම් කවදාවත් මේ වගේ හොර වැඩ කරලා නැහැ.අපරාදේ ජනතාවගේ බදු මුදල් අපි වගේ සාධාරණ විදිහට දේශපාලනය කරන්න හරි අඩුවෙන්.."
"කටවහන් ඔන්න ඕක අහගන්න..."
"මන් කියන්න කැමති සහෝදරවරුනි මේ රට දැන් බලයේ ඉන්න තක්කඩි ආගදයටයි අරන් යන්නේ.අපි ඉන්න කාලේ ඔබතමුන්නානසේලා නය කළේ නැහැ.දැන් ඉන්න රජය ණය රුපියල් බිලියන තුන්සියයයි.ඒ වගේම මන් කැමති දැනගන්න අපේ අලුත් අගමැති අපේක්ෂක තුමාගෙන් ඔබ තුමා කොහොමද දේශපාලනයට ආවේ කියලා.මන් ඔබතමුන්සේලා ට කියන්න කැමති නොදන්නා දෙවියට වඩා දන්න යකා හොදයි කියලා.ඒ වගේම මේ වික්රමසිංහ ට මුහුණ ට මුහුණ අභියෝග කරපු පළවෙනියත් එතුමා.නමුත් මන් එතුමාගේ අභියෝගය චන්දෙන් පස්සේ පිළිගන්න කැමති.රටක් දන්නවා හිරුන් අපෙක්ෂකතුමා ගේ කෙරුවාව.මන් අහන්න කැමති මෙතරම් හොඳ රටක් ගොඩනැගූ මට පිටුපෑම හරිද කියලා.කලින් චන්දෙන් සිදුවූ හිත් රිදීමත් සමග මන් මෙවර අගමැති දුර්යට තරග නොවැදුණත් මන් වෙනුවෙන් තරඟ වදින්නේ මගේම සිංහ ලේ ඇගේ දුවන අපේක්ෂකයෙක්.ඔබතමුන්නාන්සේලගේ ජන දුක හඳුනන කරුණාබර හදැති පින්වත් අපේක්ෂකයෙක් බව.ලේ තැවරුණු මිනීමරු දෑත් නැහැ අපේ හාමුදුරුවනේ.එහෙනම් මන් කැමති මගේ මේ කටින් ම මේ පක්ෂයේ අනාගතය රටේ අනාගතය මේ මිනිස්සුන්ගේ අපේක්ෂාව අනාගතය වෙන කවුරුත් නෙවේ අපේ හාමුදුරුවනේ මගේ දෙවෙනි පුත් මෙවින් තේජාන්ය වික්රමසිංහ..."
"දෙයියනේ එතකොට අරුනෝද නෙවේ ද අපේක්ෂකයා මෙච්චර වෙලා මන් හිතන් හිටියෙ අරුනොද කියලානේ.මේ මනුස්සයාව අපි කොච්චර පට්ට ගැහුවත් මේ මනුස්සයා වැඩිය දේශපාලනයේ නැහැ නේ.එතකොට ට මූ එක්කද මට තරග කරන්න තියෙන්නේ.හරි අපි බලමුකෝ වික්රමසිංහ ඇමතිතුමා ඔබතුමා සිංහයෙක් නම් මන් රාජාලියෙක්. ඔබතුමා ගේ දුර්වල ම තැන් ඉක්මනින් මන් හොයාගන්නම් මේ ඡන්දය රටේ විතරක් නැවේ ඔබතුමා ගේත් ජීවිතේ අනාගතය තීරණය කරන ඡන්දයක්.."
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasíaමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ
