🖤හුස්ම🖤

2K 301 71
                                        

"

හරි මන් කතා කරන්නම් . ඒත් මොකටද? මන් කලින් කිව්ව දේශපාලන හතුරු මිතුරු තියරියට ගන්න හොඳ මනුස්සයෙක් නෙවේ ආකෙන්‍ය කියන්නේ..."

"ඒ බව මන් දන්නවා අප්පච්චි.ඒත් මන් කියන්නේ මේ වෙලාවේ අපි පොඩ්ඩක් එයාව බය කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද.එයා දේශපාලන වේදිකාවේ නටනවා වැඩි ජනාධිපතිවරණයේ දී අපිට වෙච්ච දේ මේ පාර කීයට වත් වෙන්න දෙන්න බැහැ. එයාට පොඩි සද්දයක් දාමු.අපි සද්දෙ දාන පළවෙනි කෙනා එයා නෙවේ නේ.."


"උබ කියනවනම් පුතේ එහෙම කරමු හැබැයි වගකීම උඹේ අතේ.මොකද ඡන්දෙ කාලේ අපේ අතින් පොඩි වරදක් උනත් ඡන්ද පොදි ගණන් කැඩෙන්නෙ.අපේ රැළි ටික හොදට යනවා අනික තව ඡන්ද ගුණ්ඩු ටිකක් දුන්නා නම් අනිවාර්යෙන්ම මේ මිනිස්සු අපිට ඡන්දෙ දෙනවා.ඒවගෙන් වැඩක් නැහැ කරන දෙයක් පරිස්සමෙන් කරපං.මන් ආයෙත් මතක් කරනවා උබ ට ආකෙන්‍ය කියන්නේ දේශපාලන හතුරු මිතුරු තියරියට ගැලෙපෙන මනුස්සයෙක් නෙවේ..."

" මන් වැඩේ ගැස්සෙන්නේ නැති විදිහට කරලා දෙන්නම්. හැබැයි මට අද හවසට එයාව ගෙන්න ගන්න ඕනේ. තව පරක්කු උනත් මේක කළා කියලා ඇති වැඩක් නැහැ..."

අප්පච්චි ට කිව්වේ මගේ හිතේ තිබුණු දේට හාත්පසින්ම වෙනස් දෙයක්.මට ඕනේ එයාව බය කරන්න නෙවේ. එයා එන්නේ නැහැ කියපු ගුබ්බැයම ට එයාව ගෙන්නන්න.ඔයාට අනිවාර්යෙන් එන්න වෙනවා වීනස්.එන්නේ නැත්තේ මන් එන්න සිද්ද කරවනවා.

මිනිස්සුන්ගේ ජය හඩ මැද්දෙන් මන් ගිහින් කාර් ඒකට නෑග්ගා.අප්පච්චි එක්ක අයියා අනුරාධපුරේ වැඩකට යද්දී මන් ගෙදර යන්න හැදුවේ මට ඊට වඩා ගොඩක් වැදගත් වැඩක් අද කරන්න තිබුනා.
අනිවාර්යෙන් ම මන් අගමැති වෙන්නේ ඕනේ මොකද මෙතනින් මට ලැබෙන්නෙ ඒක විතරක් නෙවේ. ඔයා පරිදින්න ඕනේ වීනස් ඔයා පරදින්නම ඕනේ. ඔයා පරිදිනවත් එක්කම ඔයාගේ දේශපාලන ජීවිතේට ත් තිත තියන්න බලාගෙන ඉන්න





Akenya pov

"ඔබතුමා අන්තිම රැළිය වෙනකං ඉන්නේ නැතුව මේකට රැළි වලට සම්බන්ධ වෙන්න ගත්තු ඒකට මන් සතුටු වෙනවා.මොනවා කරන්නත් තව සතියක් වගේ කාලයක් නේ තියෙන්නේ..."

වීනස්( ONGOING) YIZHAN VERSION Where stories live. Discover now