"මාව මතක නැද්ද වීනස්..."
"තමුන්. තමුන්ට කොහෙන්ද මගේ නම්බර් එක..."
"වික්‍රමසිංහ ගේ පුතාට කෙනෙක් ගේ නම්බර් එකක් හොයාගන්න අමාරු වෙයි ද.අනික ඉතින් මන් මේ රටේ අනාගත අගමැති නේ ඒ නිසා ඔවා මහා ලොකු දෙයක් නෙවේ..."
"අනේ වෙයි වෙයි අනාගත අගමැති බලාගෙන ඉන්නවා.අනික තමුන් මොකටද තකහනියක් මට මේ මහා රෑ කෝල් කළේ.මන් ආයෙත් අගමැති උණු ගමන් කරන්නේ තමුන්ට හොඳ දඩුවමක් දෙන එක...."
"අනේ ඇත්තට මාත් ඔය ස්වීට් ස්වීට් දඩුවම් වලට ආසයි මොකද ඉතින් ඔය වගේ සිනිදු අතකින් කනේ පාරක් කෑවත් සැපයී..."
"කනේ පාරක් නෙවේ මන් තමුසේ ගේ ඉතින් මන් කියන්නේ නැහැ.මේ මිස්ටර් තෙජාන්ය තමුන් තමුන් ගේ ගෞරවය තියාගන්නවා.මන් දන්නවා මන් ලස්සනයි කියලා.එහෙමයි කියලා තමුන් වගේ තුප්පහි එක්ක ඉන්න මට කැහිල්ලක් නැහැ . ඒනිසා කරුණාකරලා මට වද දෙන්නා එපා.."
"අහ් එහෙමද වීනස් හැබැයි මේක මතක තියාගන්න ඔයා ඔච්චර හැප්පෙන්න දඟලන්නේ මිස්ටර් මෙවීන් තේජාන්‍ය වික්‍රමසිංහ එක්ක.මට ඕනේ නම් වීනස් ඔයාගේ කට ගැටගහලා අඩි හයක් පොළව යටට බස්සන්නත් පුළුවන්...."
"තමුන් මට තර්ජනය කරනවද.මෙන්න මේක මතක තියාගන්නවා මන් ඔය තර්ජන වලට බය නැහැ.මම මෙහෙම හිටියට හිතන්න එපා අපි මේවාට ආවේ කිසිම බලයක් නැතුව කියලා.තමුන් ට පුළුවන් නම් මට මොනවාහරි කරලා පෙන්නනවා.හැබැයි ඔය කටින් කියවන එක නවත්තලා වැඩ කරනවා.මොකද තව දවස් විස්සෙන් ඡන්දෙ.එදායින් පස්සේ බලාගමු තමුන් ද දක්ෂ මන්ද දක්ෂ කියලා..
"
"අහ් එහෙමද වීනස් මන් තමුසෙට කතා කළේ ඒ වගේ දේකට නෙවේ මොකද කියනවා නේ දේශපාලනේ සදාකාලික හතුරෝද නැත මිතුරෝ ද නැත කියලා.අන්න ඒකයි මන් කතා කළේ.හැබැයි තමුසේගේ ඔය කටේ සද්දෙ අඩු කරගන්න.නැත්තං හරි ඉක්මනට මන් ඔවා බස්සනවා..."
"අනේ මේ මට තමුසේ ලා එකෙක් එක්ක වත් මිත්‍ර සම්බන්ධතා පවත්වන්න ඕනේ නැහැ.තමුසෙලා ස්ත්‍රී දුෂ්කයෝ හොරු තුහ්....."
Beep beep beep beep
මේ මනුස්සයා කට් කළා නේද ශික් මට තව දෙකක් කියාගන්න බැරි උනා නේ.මුන් ගේ ලැජ්ජාවක් නැති කම මීසක් වෙන මොකද්ද.මුළු වික්‍රමසිංහ පවුලම එකයි.ආයෙත් නම් මූ මොනාහරි කිව්වොත් තමයි මන් කරන්නේ හොඳ වැඩක්.කොහොමත් ඕකුන් මහා සක්කිලි හැත්ත.කරන තරමක් කරන්නේ ජරා වැඩ නේ....
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ