01 වන පරිච්ඡේදය

57 5 12
                                    

ඔක්තෝබර් මාසය කියන්නේ වස් කාලේ අවසන් දවස් වගේම...
නුවර කියන්නේ නිතැතින්ම ඇඟ හිරිවට්ටන සීතලක් තියෙන ප්‍රේමණීය නගරයක්....
කනට ඇහෙද්දිත් හිතට හරි සනීපයක් දැනෙන ලස්සන නවාතැන්පලක්...
ඉතින් සෙංකඩගල රාජධානියට මේක තවත් එක සීතල දවසක්...
රෑ පුරා අහස ගුගුරවමින් ඇද හැලුණු අනෝරාව දැන් නම් ගොඩක් දුරට පලාතම හේදගන අඩු වෙලා ගිහින්...

ඒත් එක්කෙනෙක්ට නම් වැස්සක් වැහැලා පෑව්වත් අහස ඔලුවටම කඩන් වැටෙනකම් දන්නෑ. ඒ තරම් නින්ද මිනිස්සුන්ට කොච්චර වටිනවද නේහ්... ඉතින් මේ සීතලට ගුලි වෙලා පස්ස උඩ දාන් නිදාගෙන ඉන්නේ සර්නේම් එක කිව්වම මුළු නුවරම දන්න දෑලබණ්ඩාර පවුලේ විනාඩියකින් එහෙ මෙහෙ උන පවුලේ බාල පුත්‍ර රත්නය. නමින් ආර්යය සස්නුක දෑලබණ්ඩාර....

කොච්චර සැප නින්දකට උනත් හෙනහුරා ගහනවා වගේ ආර්යයන්ට වැඩි වෙලාවක් එහෙම ඉන්න පුළුවන් උනේ නැහැ. කීප පාරක්ම දොරට හයියෙන් තඩි බාන සද්දෙට ආර්යයගේ නින්ද කැඩුනා. සද්දේ නවතින්නෙම නැති තැන නොරිස්සුමෙන් උනත් ඔලුව කස කස නිදිමත බේරෙන ඇස් දෙකෙන් එකකින් විතරක් ලාවට බලාගෙන ගිහින් දොර ඇරියේ එලියේ ඉන්න එකා මොකා උනත් හිතින් ඌට දෙහි කප කප..

" අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...
දකිනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.."

බාගෙට ඇරුණු හොටෙල් රූම් එකේ දොර ආර්යයවත් එක්කම තල්ලු කරන් මේ ඇතුලට ආවේ ආර්යයගේ අපාය සහයක අගසව්වෝ දෙන්නගෙන් එක්කෙනෙක්. පෙමිත් සුභාශිත පෙරේරා...

ඉතින් යාලුවව දැක්කම ආර්යයට මල. ඊයෙත් මහ රෑ වෙනකම් මැනේජර්කාරයා එක්ක හොටෙල් එකේ වැඩ ගොන්නකට යට වෙලා ඉදලා ගෙදර යන්න මහන්සි වැඩිකමට හොටෙල් එකේම නිදාගත්තා විතරයි මූ උදේ පාන්දරම ඇවිත් බෙලිකටුමල්ල හොලවන්න ගත්තම ආර්යය,

" කුණුහර්ප දන්නවද උබ? "

පෙමිත්ට බැන බැනම එයා ආයෙම ගිහින් ඇඳට වැටුණා. ඒ එක්කම දොර වහගෙන පෙමිත් ඇතුලට ආවේ තව ටිකක් අවුස්සන්න කට හද හද

" ආපෝ මොනාද මේ සිරිමත් වගේ ඉන්න මගෙන් අහන කතා.. "

" අනේ මගෙ කට! උදේ පාන්දරම ඇයි යකෝ තෝ මාවම කන්න බලන් ඉන්නේ.. "

රුධිරාත්ම [Ongoing] Donde viven las historias. Descúbrelo ahora