03 වන පරිච්ඡේදය

25 4 4
                                    

ඉතින් සෙනසුරාදා නිවාඩු දවසේ හොටෙල් එකට එන්න හිටපු හීසරව පෙමිත් එදා රෑම කෝල් කරලා තකහනියක්ම ගෙන්න ගත්තේ ආර්යය ගැන එයා තනියම බලාගන්නවට වැඩිය ඒක හොඳ නිසා.

" මොකද බන් වුණේ? "

" යකෝ උබ ඍද්ධියෙන්ද වැඩියේ මෙච්චර ඉක්මනට?! "

" නෑ බන් තාත්තගේ වැඩකට කෑගල්ලේ හිටියේ අද දවසම. කොහොමත් හෙට එන්න හිටපු එකේ එහෙම්ම ආවා මම. "

එහෙම කියාගෙන හීසර ආවේ ආර්යය සාමාන්‍යයෙන් හොටෙල් එකේ නවතින රූම් එකට.
ඔන්න ඉතින් අඩු වෙලා හිටපු කෙනත් ආවා.
මෙයා තමා ආර්යයගේ අගසව්වන්ගෙන් අඩුවට හිටපු කෙනා. Cardiologist කල්ප විජේතුංගගේ හා Neurosurgeon භාග්‍යා දිසානායකගේ එකම පුත්‍රයා හීසර විජේතුංග....
එයත් නුදුරේදීම සර්ව වෛද්‍යවරයෙක්.

පහ වසරේ ඉඳන් එකට හිටපු තෙමිතුරන්ගේ පොඩිම හරි වෙන්වීමක් වුණේ උසස් පෙලට විතරයි. මොකද හීසර වෛද්‍ය සිහිනය හඹා යන්න ජීව විද්‍යා අංශය තෝර ගනිද්දි අනිත් දෙන්නම වාණිජ අංශයෙන් ඉස්සරහට ගියා. ඒ වුනාට ඒ යාලුකමේ කිසිම හිස්තැනක් පලුද්දක් අදටත් හොයාගන්න නැහැ. එහෙම බැඳීම් හරි අඩුයි දැන් සමාජේ...

පෙමිත් ගිහින් ආර්යය ලඟින්ම දෙන්නෙක්ට ඉන්න පුළුවන් සෝෆා එකේ වාඩි වෙද්දි හීසර ඇවිත් වාඩි වුණේ තනි සෝෆා එකේ..
ඉතින් හවස නිල් ඇස් දැක්ක වෙලේ ඉඳන් ආර්යය කතා වහලා. සෝෆා එකට ඔලුව තියාගෙන මෙච්චර වෙලා කල්පනා කර කර හිටපු ආර්යය ඔලුව උස්සලා බැලුවේ හීසර එතනින් ඉඳගද්දි.

හවස ආර්යය පබ් එකට ඇවිත් පොඩ්ඩ වෙලාවක් යද්දිම නිල් ඇස් එතනින් යන්න ගියේ අර ලස්සන කෙල්ලත් එක්කමයි. පෙමිත් වුණත් මුකුත් නොකර ආර්යයව රූම් එකට එක්කන් ආවේ එයා ඉන්න මානසිකත්වය එක්ක එලියේ ඉන්න එක එච්චර ඇඟට ගුණ නැති නිසා. මොකද මොන දේ කොහොම සිද්ධ වුණත් මේ ඉන්නේ මේ හොටෙල් එකේ අයිතිකාරයා. ඉතින් මිනිස්සුන්ට කතා හදන්න නිකන් මාතෘකාවක් වෙන්න ඕනෙ නෑනේ.

සෝෆා එක ලඟ වීදුරු ස්ටූල් එකේ බියර් කීපයක් වගේම මෙගා බෝතලයක ජූස් එකකුත් තිබ්බා. බයිට් වර්ග එක්ක බාගෙට ඉවර කරපු රයිස් එකකුත් තිබ්බා.

රුධිරාත්ම [Ongoing] Donde viven las historias. Descúbrelo ahora