තරඟයෙන් පස්සේ ශේන්ව තියා එයාගේ එක සගයෙක්වත් කට්ටියට දකින්න හම්බුන්නැහැ. මේ එලඹිලා තියෙන්නේ ජයග්‍රාහකයක් අගයන වෙලාව. ඔක්කොම අය ඉස්සරහ පලවෙනි, දෙවෙනි, තුන්වෙනි ස්ථාන වලට කුසලාන පදක්කම් දෙද්දි එක දෙක තුන කියන ස්ථාන වෙනුවෙන් උස අඩුවන පිලිවෙලට හදලා තිබුණු පුංචි වේදිකාව උඩ අනිත් දෙන්නටම වඩා උඩ පඩියේ හිටගෙන රුහින්යු trophy එක අතට ගත්තා. ඒත් දෙවෙනි ස්ථානය පමණක් හිස්ව තිබ්බේ ශේන් ඒ වෙලාවෙදිවත් ආවෙ නැති නිසා. එතන හිටපු කැමරාකරුවන් හරි කලබලෙන් එහෙට මෙහෙට යන්නේ එතන වෙන හැම සිදුවීමක්ම නිසි ආකාරයෙන් මඟ නොහැර ඡායාරූප ගත කරගන්න ඕනෙ හින්දා. කාර්යය මණ්ඩලයත් එතන කටයුතු යුහුසුළුව කරන්න කාර්යබහුල වෙන අතර ප්රේක්ෂකයන්ගෙනුත් එතන ඉඩක් නැති තරමට පිරි ඉතිරී ගිහිනුයි තිබ්බේ.
ඒත් රුහින්යුගේ මූනෙ නම් ලොකු සතුටක් පේන්න නෑ. ෆොටෝස් වලට ෆේස් කරද්දි වගෙම කෙනෙක් ඇවිත් එයා එක්ක කතා කරනකොට ඒ පදක්කම් පලඳවන වෙලාවට විතරක් කට කොනක ලා හිනාවක් ඒ මූනේ තියෙනවා. රුහින්යුගේ ජයග්‍රහණය ඉදිරියේ එයා වෙනුවෙන් නුවීට ආර්යයට දැනෙන සතුට තරම්වත් පොඩිම හිනාවක් එයාගේ මූනේ නැහැ. අච්චර අමාරුවෙන් දිනපු රේස් එක ගැනවත් ඒ ජයග්‍රහණය ගැනවත් කිසිම සතුටක් තෘප්තිමත් හැඟීමක් නොපෙන්වා රුහින්යු ඉන්නේ ඇයි කියන්න හේතුවක් හිතාගන්න බැරුව ආර්යය හිතින් අහනවා.
'මේ මනුස්සයා නම් හිනාවෙන්න දන්නෙ නුවී එක්ක විතරයිද කොහෙද?'
'ඔය දත් ටික පොඩ්ඩක් පෙන්නුවම ඇඟෙන් කෑල්ලක් යනවද?!'
වෙන වෙලාවට කටින් වචනයක් පිට වෙන්නැතුව ඒ රූපේ ඉස්සරහ ගල් ගැහුනත් ආර්යයගේ හිත නම් ඕනාවටත් වඩා අද රුහින්යු එක්ක දොඩමළු වුණා.
කට්ටියම ඒ ආසන්නයටම වෙලා බලන් හිටියේ ගොඩක් ලගට යන්න බැරි තරම් එතන අනුග්රාහකයෝ වගේම විනිසුරුවන්, ආරක්ෂාවට ඉන්න අය, මාධ්‍යය ආයතනවලින් වටේටම පිරිලා හිටපු නිසා. ඒත් කාටත් නොදැනෙන්න ආර්යය නම් රුහින්යුට trophy එක දෙද්දි වගේම එයා එයාට දීපු තෑගි අතේ තියන් ඉන්න එක එක හැඩේ පින්තූර ගත්තේ ඊයේ පෙරේදා ආර්යයගේ ෆෝන් එකේ මතක සටහන් එකතු කරගන්න කියලා අලුතින් ඕපන් කරපු ගැලරියේ ෆෝල්ඩර් එකට ඒවා එකතු කරගන්න ගමන්මයි. ඒක තමයි දැන් එයාගේ ප්‍රියතම රාජකාරිය.
CZYTASZ
රුධිරාත්ම [Ongoing]
Literatura FaktuNon-fiction BL ලෙයින් නැහැවුණු ආත්මයක් සුවපත් කල ආදරයක්!!