"ඒ තිසූ උඹට තනියම අස් කර ගන්ට හැකි නෙ?!"
කවීජ ඇහුවෙ අන්තිම බෑග් එකත් තිසුර ගෙ අලුත් කාමරේ ට ඇදල දාගන්න උදව් කරාට පස්සෙ
මෙච්චර කාලෙකට තිසුර, කවීජ, නෙහාශ් වගෙම දුලාන් කියන හතර දෙනා එකට හිටි රාගවන් හොස්ටල් එකෙ හතරෙ රූම් වලිං අයිං වෙලා අලුතින් තෝමස් එකට මාරු වුණෙ රාගවන් එක ජූනියර් බැජ් එකෙ පොඩි වුංට දෙන න්‍යායක් කැම්පස් එකෙ තිබුණ හන්දාඒ වෙලෙදි හිතා ගන්න බැරි විදිහට තිසුර තනි කාමරයක් ඉල්ලල තිබුණේ කොහොමටත් බැජ් එකෙ ඔත්තෙ ගාණක් හිටපු කොල්ලංගෙං එකෙක් ට දෙකේ කාමරේක තනියම ඉන්න වෙනව කියල දැන දැනමයි.
ඒ චාන්ස් එක තිසුර තමංට අර ගත්ත හේතුව මෙච්චර කාලෙකට එක කාමරේ රූමො වෙච්චි කවීජට නෙහාශ් ට දුලාන් ට තියා තිසුර ගෙ එක කුස උපං නංගී වෙච්චි තිසදි ට වත් හිතා ගන්න බැරි වෙලා තිබුණා."පුළුවං බං!
උබලත් ගිහිං උඹලගෙ රූම් ටික අස් කරගනිල්ලාමට මේකට උපරිම පැය දෙකක් යයි ඕන්නං!"
තිසුර කීවෙ කවීජගෙ උරේට තමංගෙ උරෙං තට්ටුවක් දාන ගමං. ඒ තිසුර ගෙ අන්තිම තීරණේ කියල අත්දැකීමෙන් ම තේරුං ගත්ත කවීජ ගියෙ තිසුර ගෙ කාමරේ දොරත් ඇදල අඩවල් කරගෙනම.
"ඇති යාන්තං……..
ඩොබී දැං නිදහාාාස්!"
කවීජ අඩවල් කරං ගිය දොර සම්පූර්ණයෙන් ම වහල දාපු තිසුර කීවෙ අත් දෙකත් දෙපැත්තටම විහිද ගෙන.
කලින් රාගවන් එකෙ හිටපු හැරෙන්න තියා හරියට හුස්ම ගන්න වත් ඉඩක් නොතිබ්බ අංක අට කාමරේ එක්ක බලද්දී අලුතින් තමංට ලැබුණු D23 කාමරේ තිසුර ට සෑහෙන හිතට අල්ලල තිබුණේ.
නින්දෙං හැරෙන්න වත් ඉඩ නැති අඩි තුනයි හය ඇඳන් දෙකක් කබඩ් දෙකක් රැක් දෙකක් මේස දෙකක් පුටු දෙකක් විතරක් නෙමෙයි තමංටම කියල වෙන්වුණු පොඩි බැල්කනියක් පවා තිසුර ගෙ අලුත් කාමරේට තිබුණා.
හොඳ හුස්මක් ඇදල දාපු තිසුර ඉස්සෙල්ලාම කරෙ තමංගෙ දුරකථනයෙං යූටියුබ් වලට ගිය එක.
ලයිබ්රි ටැබ් එකෙ තිබුණ තමං ආසම සින්දු එකතු කරල හදපු ප්ලේ ලිස්ට් දෙක තුනකිං එකක් අරං එයා කරෙ ටිකක් සද්දෙට කාමරේ ඇතුලෙ ඒ සින්දු ප්ලේ වෙන්න ඇරපු එක.
YOU ARE READING
කතරකින් එතෙරව...
General Fictionසම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නො...