තිසුර ට අවට වට පිටේ ගැන නං වගේ වගක් නෑ
කකුල් දෙක පැය දෙකකට වඩා වතුරෙ ඔබා ගත්ත ගමංමයි
ඇහෙන නෑහෙන හීන් හඬින් ඒ ගැඹුරු කටහඬ ගීයක් මුමුණනවා"එදා වගේ තාමත් වැට අද්දර
නාමල් පූදිනවාඑදා….. වගේ….. තාමත් වැට අද්දර
නාමල් පූදිනවානොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහි වෙනවා"අමරදේව මාස්ටර් ගෙ සින්දුවෙ අන්තිම ටික තමා කවීජ ට ඇහුණෙ
එහෙමම කවීජ මතක් කරෙ තිසුර ගෙ ජීවිතේ උඩ යට වැටුණත් එයා තවම මෙහෙම ඉන්න විදිහඑදා රිපිට් එක ලියල සති තුනකට පස්සෙ රිසල්ට් ආවා
තිසදි කවීජ ඇතුලු සෙට් එකම ප්‍රාර්ථනා කරේ තිසුර ව ගොඩ ගිහිං තියෙන්න කියල
ඒත්
එක සබ්ජෙක්ට් එකක් ලකුණු දෙකකිං ෆේල් වෙලා එතනදිත් තිසුර ව බැජ් මිස් වෙනවාඔය සිදුවීමත් එක්ක තිසුර පුදුම විදිහට මානසික මට්ටම අතින් දුර්වල වුණෙ වෙනදාට අනිත් අය එක්ක කතා කරන වචන දහය පහළවත් නැත්තටම නැති වෙලා තිසුර සම්පූර්ණයෙන් ම ගොලු න්‍යායක් අනුගමනය කරන්න ගනිද්දී
මේ අතරෙ තමා තිසුර ගෙ කාමරේ ට එහා පැත්තෙ කාමරේ හිටපු අය කවීජ ට අමුතු පණිවිඩයක් දෙන්නෙ
ඒ කීව විදිහට
තිසුර අසාමාන්‍ය විදිහට කාමරේ දොර ජනෙල් වැඩි වාර ගාණක් අරිනවා වහනවා
හරියට කලිං තිසුර ම කාමරේ දොර ජනෙල් වහපු වග එයාට අමතකයි වගෙ
ඒ වගෙම නිතරම වාගෙ අත් දෙක සෝදනවාඔය ගැන කීවම කවීජ මුලින් විශ්වාස නොකරත් කිහිප වතාවක් ම මේ ගැන කියද්දි අන්තිමට කවීජ තීරණය කරනවා තිසදි ගෙත් උදව් ඇතිව මේ ගැන හොයලා බලන්න
ඒ අනුව ආයෙමත් පහළ බැජ් එකෙ විභාගෙ ට තිසුර ට සූදානම් වෙන්න උදව් කරන අතරෙ තමා තිසදි කවීජ දෙන්නා තිසුර ගෙ තියෙන හරි අපූරු ඒ වගෙම අමුතු පුරුද්දක් හොයා ගන්නෙ
තිසුර ට කවදාවත් ඒ කාලෙදි පේපර් එකක මැද තියෙන ලේසි ප්‍රශ්නයක් කරල උත්තර ලියන එක පටං ගන්න බැ
තිසුර හොයන්නෙ අංක එකේ ඉඳන් කරගෙන යන්න
ඇත්තටම එහෙම කරද්දී කාලය පහසු අපහසු ප්‍රශ්න අතර මැනේජ් කරන්න අමාරු වීමෙන් තමා තිසුර ට ෆේල් වෙන්න වෙලා තියෙන්නේ
YOU ARE READING
කතරකින් එතෙරව...
General Fictionසම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නො...