•|05|•

33 11 0
                                    

කාලය ගෙවුණෙ මිටින් අතාරින කුරුල්ලෙක් පියාඹල යනවටත් වඩා වේගෙන්.

වල ළඟ ස්ටඩි ඒරියා එකෙ යන ඩිස්කෂන්
ආයෙ හොස්ටල් එකෙත් මදි පාඩුවට දාන පොඩි පොඩි තගයන්
කාමර ගාණෙ රෑ එළි වෙන තුරු පත්තු වෙන බල්බ් එළි යට කෙරෙන පාඩං එක්ක දවසට පැය විසි හතරක් නෙමෙයි හැත්තෑදෙකක් වත් ඕන

මේ ගෙවුණු කාලෙට තිසුර ගෙ අයිසොලේෂන් එක තව වැඩි වුණා
මුලදි මුලදි එක දිගට ඩිස්කෂන් වලට තගේට ආවට පස්සෙ ඒක ටිකක් අඩු වුණා
අන්තිමට තිසුර ගෙ ඒවට පාටිසිපේශන් එක අවාරෙට වැටෙන පොල් වගෙ වුණා
එකම හොඳේ එන වතාවකදි තිසුර උපරිම වැඩ කරන එක විතරයි

තිසුර ගෙ අඳ ගොලු පිළිවෙතත් එන්න එන්නම වැඩි වුණෙ මේ කාලෙදි
ඒකට බිහිරි කියන එක දාන්න බැ
හේතුව තිසුර අඳ ගොලු කරේ ම ඒ කනට ඇහෙන දේවල් නිසා

මෙහෙම ගෙවුණු මාස හයක් එක්ක තිසුර ඇත්තටම අර කට්ට ඇතුලෙ හැංගිලා වැදිලා ඉන්න ගොලගොලුබෙල්ලෙක්ටත් අන්ත වුණා

වෙනදට කවීජ ල සෙට් එක තිසදි ල සෙට් එක දකින තිසුර ගෙ ලස්සන හිනාව හැංගුණා වගෙම ඒ වෙනුවට අර කරපිංචා කොළ දෙකක හැඩේට තියෙන නෙස්කැෆේ කෝපි කුඩු පාට ඇස් දෙක හීන් වෙලා කුරුඳු දල්ලක ළපටි රතු පාට ගත්ත ඇදක් පලුද්දක් නැති හීනි තොල්පට අගට එන පේන නොපෙනෙන හිනාවක් විතරක් තිසුරගෙං හැම එකටම ප්‍රතිචාර විදිහට ලැබෙන්න ගත්ත

ඔය හිනාවට සමහර අය බයත් වෙලා තිබුණා
මොකද කෑ ගහල ගහන්න බනින්න ඕන තැනකටත් තිසුර දුන්නෙ ඔය ඇස් හීනි වෙන කට කොනේ හිනාවම විතරයි
දෙකට නැමිලා කට පුරා හිනා වෙන්න ඕන තැනටත් එච්චරම තමා
අනික ඒ හීං හිනාවත් නැති වෙලාවට තිසුර ගෙ මූණ ගල් පිළිමයක් වගෙ වෙලා තිබුණා
එක දශමයකින් වත් හැඟීමක් නොපෙනන කලු ගල් මූණක්

පුදුම ම දේ වුණෙ යන්තමට අවුරුද්දක් වයස් පරතරය තිබුණ ඒ නිසාම සහෝදරයො දෙන්නෙක් ට වඩා හොඳ යාලුවො දෙන්නෙක් වගෙ වුණ තිසුරයි තිසදියි අතර බැඳුණු අදෘශ්‍යමාන තාප්පෙ
කලිං නං තිසුර අම්මා තාත්තා ට පවා නොකියන දේවල් තිසදි එක්ක බෙදා ගත්ත
ඒකට තිසදි කියන්නේ ගැහැණු ළමයෙක් කියන එක වත් බාධාවක් නොවුණු තරම්

කතරකින් එතෙරව...Where stories live. Discover now