චෙහානි ගෙ මූණෙ තිබුණේ උපහාසයක්
තිසදි අකම් පහල වෙලා තිබුණ තිසුර ගෙ රිසල්ට් එකට චෙහානි එබිලා බලද්දී එකම එක A අකුරකට F අකුරු දෙකක් දැක්කම චෙහානි ට නං ඕන වුණෙ දැනෙන සතුට වෙනුවෙන් එතන දහ අට පාලිය නටන්න"පුහ් මහ ලොකු මීටරේ……!"
තිසදි ගෙ කෝමා වෙලා හිටපු රීරි යකා ව ඇහැරවන්න චෙහානි ගෙ වචන ටිකට පුළුවන් වුණා
ඒ නිසා ම දඩස් ගාලා ෆෝන් එක මේසෙ උඩට අතෑරපු තිසදි කරේ කෙලින්ම චෙහානි ගෙ අතින් ඇදං ගිය එක
රවීනා ට වත් නෙහාශ් දුලාන් දෙන්නට වත් සාමාන්‍යයෙන් ජොලියෙ ඉන්න ඕල්වේස් ෆුල් හැපනිං කෙල්ලෙක් වුණ තිසදි ගෙ මේ හදිසි කේන්තියට හේතුවක් හරියට හිතා ගන්න බැරි වුණානෙහාශ් බැලුවේ තිසුර ළඟට ගිය කවීජ දිහා
තිසුර ගෙ නොනවතින අත් හේදිල්ල නතර කරගන්න තවම කවීජ ට බැරි වෙලා
හැබැයි යන තාලෙට ඉක්මනින් ම කවීජ ඒක නතර කරයි
ඒ නිසා ම තිසුර ව කවීජ ට තනියම බැලන්ස් කරගන්න පුළුවන් කියන විශ්වාසයක් නෙහාශ් ට දැනුණාදැං බලන්න ඕන හදිසියේ හෙණ ගහන්න වගෙ කේන්ති ගත්ත තිසදි ගැන
වැඩිය කේන්ති නොගන්න නිවුණ ජොලි චරිතයක් එකපාරට කේන්ති ගන්නව කියන්නේ ම හදිසි ආපදා තත්ත්වයක්
ඒකට හොඳම උදාහරණෙ තමා තිසදි කියන්නේරැළි වැටුණ කලු දිග කොණ්ඩෙකට එයාගෙ අයියා වුණ තිසුර වගෙම මී පැණි පාට හමක් එක්ක නෙස්කැෆේ කෝපි කුඩු පාට ඇස් දෙකක් තියෙන තිසදි කියන්නේ ඇත්තටම ආකර්ෂණීය වගෙම සැහැල්ලු ආතල් චරිතයක්
තිසදිට කේන්ති යන්නෙම නැති තරං ගොඩාක් වෙලාවට නං
හැබැයි සමහර වෙලාවල් තියෙනවා ඕක එහෙංපිටිංම අනිත් පැත්ත වදින
එහෙම වෙලා තිසදි කේන්ති ගන්නව කියන්නේ එතනිං එහාට ඉන්නෙ තිසදිට වඩා ආවේශ වෙච්චි කාලි යක්ෂණිය කියල තමා ඒ දවස් වල තිසුර නං කියන්නේතිසුර ගෙ අතීත වචන මතක් කර කරම නෙහාශුත් දුලාන් ව ඇදගෙන ස්ටඩි ඒරියා එකෙං දිව්වේ රවීනත් ඒ පස්සෙ වැටෙද්දී
"නෙහාශ් චුට්ටක් ඉන්න…….!"
අතරමග රවීනා අන්තිමට කොල්ලො දෙන්නව නතර කර ගත්තා
රවීනා ට අන්තිමට තිසදි ගෙ මේ හදිසි කේන්තිය ගැන අනුමානයක් හදාගන්න පුළුවන් වෙලා වගෙ
අඬ ගෑම ඇහිල නතර වෙච්චි තැන ඉඳන් ආයෙ හැරිල බලපු නෙහාශ් ට රවීනාගෙ මූණ දැක්කම හිතුණෙ එහෙම
YOU ARE READING
කතරකින් එතෙරව...
General Fictionසම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නො...