"වාහනේ ගන්න , පුළුවන් ඉක්මනට මට ගෙදර යන්න ඕනේ.."
"අහ් හරි සර්.."
කවදාවත් නැතුව මගේ හිතට වෙනස් හැගීමක් දැනෙන්න ගත්තා. ගොඩක්ම හිත ඇතුලෙන් ගින්නක් වගේ කේන්තිය උඩට ආවා. හහ් එයා කව්ද මට එහෙම කතා කරන්න.අනික මගේ ඇස් වලට කදුළු දෙන්න. මොනා කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ එයා.හිතන් ඇති මහා ලොකු වැඩකාරයා කියලා.මට නම් කේන්ති . ගහන්න හිතෙනවා ඕකාගෙ බෙල්ල අනිත් පැත්තට යන්න.මන් නම් ආසම නැහැ ඔය චරිතෙට.අනේ ඉතින් මිනිස්සු රැවටෙනවා නේ ඕකාට. කසිප්පු කාරයෙක් වගේ හරියට මුන.හැබැයි එහෙමත් නැහැ නේද ලස්සනට ඉන්නවා.
ශික් මොන මඟුලක් ද මන් ඒ හිතුවේ.අනික මගේ දේශපාලන ගමනට තිත තියනවලු මාත් බලන් ඉන්න තිත තියනකන් තමයි.එනවා මෙතන තිත තියන්න.ෆෝන් එක අරන් බුකියේ උඩට පල්ලේහාට යද්දී අහම්බෙන් වගේ තේජාන්ය ගේ පේජ් එක වැටුණේ චුට්ටක් ගිහින් බලපන් කියලා මගේ හිත වද දෙද්දී.
ආලකමන්දාවේන් එහා
හහ් මොනා නැතත් ගැළපෙනම නම දාලා තියෙනවා ප්රතිපත්ති ප්රකාශනේට
ඔව් කොහොමත් වික්රමසිංහ ලගෙ දේශපාලනේ ආලකමන්දාවේන් එහා තමයි.එයාලා හැමදාම කළේ මිනිස්සු ඉස්සරහ ආලකමන්දාවක් මවලා මුඩුක්කුවක් හදපු එක.කේන්තිය වැඩි කමට ගෙදර ගිහින් මහා රෑ වෙනකං කල්පනා කර කර ඉඳලා දන්නෙම නැතුව මට නින්ද ගියේ හෙට දවස ගැන අලුත් බලාපරොත්තු හිතේ මැවෙද්දී
Ringing......
පාන්දර ෆෝන් එක රීන්ග් වෙන සද්දෙට මට ඇහැරුනා.
"ඇයි මාධවී කියන්න...."
"මල්වාන ආසනේ තේජාන්ය ගේ පක්ෂ කාර්යාලයට ගිනි තියලා..."
"මොකක්....."
"ඒක ඉතින් අපිට ඉෆෙක්ට් වෙන්නේ නැහැ නේද.ඒත් මෙච්චර ඡන්දෙ ළග තියාගෙන ඔහොම දෙයක්.."
"ඉෆෙක්ට් වෙන්නේ නැහැ නෙවේ ආකෙන්ය දැනටමත් වෙලා ඉවරයි.ගොඩක් අය හිතන්නේ
මේක කරේ අපි කියලා.අනිවාර්යෙන්ම මේක අපිට ප්රශ්නයක් වෙනවා ආකෙන්ය.අනිවාර්යෙන් ඔයාට.කව්රු කරා උනත් මේකේ යටි අරමුණක්
තියෙන්නේ ඕනේ..."
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ