Jake🐶❤️
ස්කොලේ ඇරිලා මං එහෙම්ම Jungwon,Heeseung එක්ක Jayගේ ගෙදර ගියේ මොකද Jayගේ අම්මා රසම රස කෑමක් හදලා තියෙනවා කියලා අපි 3දෙනාටත් එන්න කියලා තිබ්බ නිසා.අපි ඒ නිසා දකුණු කකුල පෙරට තියලා දිව්වේ එහේට.පොඩි කාලේ ඉදන්ම Jay කොලුවට දුකට සැපට හිටියේ අපි 3දෙනා තමා.Jayගේ අම්මත් අපිට හරි ආදරෙයි.මොනාහරි හැදුවොත් අපිට එන්න කියනවා.අපිත් ඉතිම් අතඅරින්නැ.ඇන්ටිගේ කෑම හරිම රසයි.ඒ නිසාමද කොයිද Jayටත් හොදට උයන්න පුලුවන්.ස්කොලේ වැඩත් තියෙනවා නේද කියලා මතක් වුණ නිසා අපි ඇන්ටිගේ කෑම වලට උපරිම සාධාරණයක් කරලා ඇන්ටිට thanks කරලා jayගේ ගෙදරින් එළියට බැහැලා ආවා.ඒ එන අතරමඟ පාර්ක් එක ළගදි මං දැක්කා අපේ පන්තියට අලුතින් ආපු පිරිමි ළමයා sunghoonව.එයා sunoo,niki එක්ක කොහේ හරි ගිහින් එනගමන්ද කොහේද කියව කියව 3දෙනාම යනවා දැක්කා.මං බලන් හිටියෙත් sunghoonගේ මුණ දිහා.එයාගේ මුණ පුරා හීනාව තිබ්බේ,එහෙම හිනා වුනාම එයා මාරම ලස්සනයි.එත් එක්කම මං දැක්කා පාර්ක් එකේ සෙල්ලම් කර කර හිටිය ළමයෙක්ගේ බෝලයක් sunghoonගේ පැත්තට එනවා.මං දුවලා ගිහින් ඒ බොලේ මුණේ වදින්න ගිය එක වැළැක්කුවා.හොඳ වේලාවට නැත්නම් තව පොඩ්ඩෙන් අර මනුස්සයාගේ බැබලේන මුණ සමතලා වෙනවා.
ඒ වෙලේ sunghoon මගේ දිහා බලාගෙනම හිටියා.මාත් බලන් හිටියා.ඒ ඇස් ලස්සනයි.මං එයාගෙන් ඇහැව්වා ඔයා හොදින් නේද?කියලා.මං හොදින්.sunghoon කිව්වා.ම්..එහෙනම් කමක් නැ,පරිස්සමට බලාගෙන ඇවිදින්න කියලා මං එතනින් ආවා.මොකද ඒ වෙලේ මගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා.මං දුවන් ආපු නිසා මට jungwon,heeseungව අමතක වුණා.මං හැරිලා එනකොට අර දෙන්නත් මං හිටිය තැනට ආවා.එයාලා ඇහැව්වා අවුලක් නැනේ කියලා.මං කිව්වා නැ අවුලක් නැ,sunghoon හොදින් කියලා.jake ඔයාගේ ඇස්වල කඳුලුනේ?Heeseung කිව්වා.ඔව් උදෙත් තිබ්බා ඔයාගේ ඇස්වල කඳුලු.jungwon කිව්වා.ආ..මං ඇඩුවේ නැනේ කියලා මං කිව්වා.jake ඕක නම් හරියන්නැ,ඔයාට හොදට පේනවා නේද?අපහැදිලි නැනේ?කලින් ඔයාට ඔහොම කඳුලු ඇවිත් නැනේ.අයේ මෙහෙම වුනොත් doctor කෙනෙක්ට පෙන්නන්න.කොකටත් හොඳයි නේ.නැ නැ එහෙම අවුලක් නැ මට හොදට පෙනවා කියලා,දෙන්නාගේම මුණට එබිලා මං ඇස්දෙක ගැහැව්වා.ඒ දෙන්නට හිනා😂මං දෙන්නාගේ කරට අත් දෙකත් දාගෙන කියව කියව අපි ගෙදර ගියා.
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfiction"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️
