💙Chapter 14🤍

37 6 16
                                        

JAKE🐶
මං ස්කුල් බැග් එකත් අරන් ස්කොලෙන් එළියට ආවාම මාව ගන්න මගේ ඩ්‍රයිවර් කාර් එකේ ස්කොලේ ළඟට ඇවිත් තිබුණා.මං එහෙම්ම කාර් එකේ නැගලා මාව පාර්ක් එක ළඟ බස්සන්න කියලා ඩ්‍රයිවර්ට යන්න කිව්වා.මොකද දැන් මට ගෙදර යන්න තරම් හොද මානසිකත්වයකින් මං හිටියේ නැති නිසා.මං පස්සේ අම්මටත් call කරලා කිව්වා මං අද ගෙදර එන්න පරක්කු වෙනවා කියලා.මං Sunghoon කියපු දේවල් කල්පනා කර කර පාර්ක් එකේ ඉස්සරහට ඇවිදගෙන ගියා.ඔහොම යන මඟදි ගෑණුකෙනෙක් මගේ ඇගේ හැප්පිලා එයාගේ අතේ තිබ්බ Handbag එක බිමට වැටුනා.මං ඊට පස්සේ වැටුණු handbag එකේ තිබුනු දේවල් ඇහිදලා දිලා ඔලුව පාත් කරලා සමාවෙන්න කිව්වා.ඒ ගෑණු කෙනා මගේ දිහා බලලා හිනා වෙලා යන්න ගියා.මං ගිය විදිහටම ඇවිදගෙන ඉස්සරහට යන්න අඩිය තිබ්බාම මගේ සපත්තුවේ මොනාහරි පැගුනා වගේ දැණුනු නිසා බිම බැලුවම,සුදු පාට පොඩි රෙදි වලින් මහපු බැග් 1ක් මං දැක්කා.පස්සේ මේකත් අර ගෑණුකෙනාගේ වෙන්න ඇති කියලා හිතලා එයාට මේක දෙන්න පාර්ක් එකේ පොඩ්ඩක් ඇවිදලා බැලුවම ඒ ගෑණුකෙනා පෙන්න හිටියේ නැ.පස්සේ මං ඒ බැග් එක සාක්කුවේ දාගෙන පාර්ක් එකේ තිබ්බ බංකුවක වාඩි වුනා.
වාඩිවෙලා අහස දිහා බලන් ඉද්දි මට Sunghoonගෙන් call 1ක් ආවා.
"Hello,Jake"
"ඔව් කියන්න Sunghoon"
"Jake,ඔයා හොදින් නේද?ඔයා කොහේද ඉන්නේ?"
"මං හොදින් Sunghoon.මං ඉන්නේ පාර්ක් එකේ"
කියලා කියන්න විතරයි හම්බුනේ Sunghoon,ආ හරි.මං එනවා කියලා මේ මනුස්සයා phone එක තිබ්බා මට මුකුත් කියන්න හම්බුනේ‍්ත් නැහැ.පස්සේ මං එහෙම්ම ඉඳගෙන හිටිය බංකුවේ හාන්සිවෙලා ඇස්දෙක පියා ගත්තා.ටික වේලාවකට පස්සේ මගේ නම කතා කරනවා ඇහුන නිසා ඇස්දෙක ඇරියම Sunghoon මගේ මුණට එබිලා හිටියා.මං ගැස්සුනු පාර නැගිට්ටම මගේ මුණ Sunghoonගේ නළලේ වැදුනාම,Sunghoon ආව්..ගාගෙනBalance නැතුව බිම ඇදගෙන වැටුනා.මට ඒ වැටුන විදිහ දැක්කම හිනත් ගියා.හරියට ඉබ්බෙක්ව අනිත් පැත්ත හැරවුනා වගේ sunghoonව ඒ වෙලේ පොළව සිඹගත්තා🤣මං හිනා වෙනවා දැකලා Sunghoon,හීනා වේවි ඉන්න මට නැගිටින්න අත දෙන්න එපා😒කියලා කිව්ව නිසා මං Sorry Sunghoon ඔයා හොදින් නේද කියලා අහලා මගේ අත දුන්නා නැගිටින්න.පස්සේ Sunghoon බංකුව ළඟ වැටිලා තියෙන බැග් 1ක් මට අරන් දිලා Jake මේක ඔයාගේද? බිම වැටිලා තිබුනා කියලා මට දුන්නා.ඒ වැටිලා තිබුනේ අර ගෑණුකෙනාගේ චුටි බැග් එක.මං ඊට පස්සේ Sunghoonට කිව්වා,මේක මගේ නෙවෙයි Sunghoon.මං පාර්ක් එකට එන අතරමඟ ගැනුකෙනෙක් ඇගේ හැප්පිලා එයාගේ handbag එක වැටුනා.පස්සේ මං බිම තිබුන ඒවා ඇහිදලා දුන්නා.ඕක මං හිතන්නේ miss උනු එකක් ඒ ගෑණුකෙනාගේ.මං පස්සේ එයාට ඕක දෙන්න හෙව්වම එයා පෙන්න හිටියේ නැහැ.මං ඉතිම් ඒ වෙලේ ඕක සාක්කුවේ දාගත්තා.ඒ වෙලේ sunghoon ඇහැව්වා,ඔයා මේකේ මොනාද තිබ්බේ කියලා බැලුවේ නැද්ද jake?බලන්නේ නැතුවද මනුස්සයෝ සාක්කුවේ දාගත්තේ?කියලා Sunghoon ඇහැව්වා.නැ Sunghoon එහෙම බැලුවේ නැහැ.හරි නැනේ.ඇයි එහෙම ඇහැව්වේ?ඇයි අහන්නේ මනුස්සයෝ?මේකේ හොරකම් කරපු එකක් දාලා තිබුනා නම් එහෙම?පස්සේ ඔයාව පොලිසීයෙන් අරන් යන්නකම් ඔයා දන්නෙත් නැ මේකේ මොනාද තිබුනේ කියලා?ඒ නිසා ඔයාගේ නොවන මොනවම හරි දෙයක් ළඟ තිබුනොත් හරි දැක්කොත් හරි,එක්කෝ කාටහරි පෙන්නන්න නැත්නම් කියන්න සද්ද නැතුව ඉන්න එපා.අපි දන්නැනේ මොනාවා තියෙනවද කියලා.කෝ දෙන්න මට ඕක.ඔයාට බැරිනම් මං හරි ඕකේ මොනාද තියෙන්නේ බලන්න කියලා Sunghoon මගේ අතේ තිබ්බ බැග්එක අරන් බැලුවා.Ohh!මේ මුද්ද?ආ..ඒත් මේ ඒක වෙන්න බැහැ!කියලා Sunghoon තනියම කියෙව්වා.ඇයි Sunghoon?ඔයාටත් මේ වගේ ring 1ක් තියෙනවද?ඔව් Jake.මටත් තියෙනවා.ඔයාටත් තියෙනවා.ඇ?මට කොහෙන්ද අනේ මේ වගේ ring 1ක්?මං මේක දැක්කෙත් අදයි කියලා sunghoonට කිව්වා.ඊට පස්සේ ring එක දිහා හොඳට බලන් ඉදලා එයාගේ side bag එකේ ඇතුලේ තිබිලා පොඩි බැග් එකකින් ring 1ක් අතට ගත්තා.ඒ ring එකත් මට අද හම්බුන ring එක වගේමයි.Ohh Sunghoon!Rings දෙකම ඒක වගෙනේ කියලා,මං ඇහැව්වා, ඔයා මොනාද කල්පනා කරන්නේ?ඇයි මේකත් අපේ කලින් ආත්මේට සම්බන්ධයිද?කියලා,Rings දිහා කන්න වගේ බලන් ඉන්න Sunghoonගෙන් මං ඇහැව්වා.ඔව් Jake.මේ මුදු අපේ Soulmate Rings වගේ.මේ මගේ ළඟ තියෙන මුද්ද නම් මගේ Soulmate මුද්ද.මේක මට දුන්නේ,මට හැමදේම මතක් කර දුන්න Jun බාබාගේ ආච්චි.ඒත් ඔයාගේ මුද්ද ඇහැව්වම එයාලා ළඟ නැහැයි කිව්වා.ඒකයි මං කල්පනා කලේ ඔයාට කොහෝමද මේ මුද්ද හම්බනේ කියලා.අයියෝ Sunghoon?ඔයා කොහෝමද කියන්නේ මේ ඒ මුද්දමයි කියලා?එක වගේ මුදු ගොඩක් තියෙනවානේ.අපි කොහෝමද කියන්නේ මේ ඒ මුද්දමයි කියලා මං sunghoonට කිව්වා.හරි Jake,අපිට මේක හරියටම දැනගන්න පුලුවන් පොඩි දෙයක් තියෙනවා කරන්න.ඒක කරාම නම් අපිට දැනගන්න පුලුවන් මේ තියෙන්නේ අපේ Soulmate ringsමද කියලා.ඒ මොකකද්ද sunghoon කියලා මං ඇහැව්වා.ඒ වෙලේ Sunghoon එයා ළඟ තිබ්බ ring එක ඇගිල්ලට දාගෙන අනිත් ring එක අරන් මට ඇගිල්ලකට දාගන්න කියලා දුන්නා.Jake,මේ ring ඒක ඔයා දාගන්නකෝ.ඒ දාගත්තට පස්සේ අපි දෙන්නාගේ මුදු දෙක දිළිසිලා රත්තරන් පාට නුලක් වගේ එකකින් අපි දෙන්නාගේ මුදු දෙක සම්බන්ධ වෙනවා පේනවා නම් එහෙනම් මේ අපි දෙන්නාගේ Soulmate මුදු කියලා Sunghoon කිව්වා.

_Once Again_✨(Jakehoon)Where stories live. Discover now