Chpter 02

138 25 14
                                    

Mindulya pov

කොහොම හරි පාරත් පැනලා මං ඉක්මනින් ආව බස් එකට නැග්ගා . මේ වෙලාවට බස් වල සෙනගක් නැ . ගොඩක් අයට වාහන තියනවා . එහෙමත් දුප්පත් කෙනෙක්ට උනත් අද කාලේ ස්කූටරයක් හරි තිබුනා . ඒත් මට . මට මං ගැනම දුක හිතුනා .

මං බස් එකෙන් බැහැලා  ලියොරන්ස් මාලිගාව දිහාවට ඇවිදගන ආවා . දෙපැත්තෙ ලස්සනම ලස්සන රොබොරෝසියා මල් ගස්... රෝස පාට රොබොරෝසියා මල් හුලග නිසා හෙමින් පාවෙලා කිසි කලබලයක් නැතුව බිමට වැටෙනවා ...

වට පිට බල බල ආව මං මාලිගාව ලගටම ඇවිල්ල . ඉක්මනින් සාක්කුවෙන් ෆෝන් එක අරන් සයිලන්ස් කරගන ආයම මම ෆෝන් එකසාක්කුවට දා ගත්තා . මොකද මේක පුංචි නොකියා ෆෝන් එකක් . ඕක රින්ග් වෙන්න ගත්තොත් හරි මොබිටෙල් එකෙන් පැය විසි හතරම මාව මතක් වෙලා එවන dear customer මැසේජ් එක ආවොත් හරි මට මේ රස්සාවත් නැති වෙනවා . අහ් මින්දුල්‍ය එහෙම හිතන්න එපා . ඔයාට අද මේ රස්සාව ලැබෙනවා . Fighting man

මම මාලිගාවේ ලොකුම ලොකු දොරවල් දිහා බලන් මටම කියා ගත්තා . මාලිගාවෙන් එන අමුතු ආලෝකය දිහා බලන් මං ආයම මගෙ ටයි එක හදාගන කොණ්ඩෙත් පොඩ්ඩක් හදාගන ඉස්සරහට ඇවිදන් ගියා

දොර ගාවම ගාර්ඩ් එක . කලුම කලු පාටින් ඇදගන සන්ග්ලාස් දාගන තව ගන් එක්කුත් අතේ තියාගන ගොඩක් හැඩිදැඩි පිරිමි අය කිහිපයක් පෝලිමට හිටගන හිටියා . දැක්කම බය හිතෙනවා .

බය හිතුනට කරන්න දෙයක් නැ මින්දුල්‍ය ඔයා එයාලා එක්ක කතා කරන්නම වෙනවා .

" ස්~සර් ම~ං අද ඉන්ට~විව් එකට ආවේ ..මේ ~ මගෙ පා~ස් එක "

වචනත් ගොත ගැහෙනවා මේ මිනිස්සුන්ව දැක්කම . කොහොම හරි මං පාස් එක පෙන්නලා මනුස්සකමට හිනා වෙලා ඇතුලට ආවත් ඒ මිනිස්සුන්ගෙ මූණේ හිනා පොදක්වත් තිබුන් නැ .

මාලිගාවට ඇතුල් වෙලා ටික දුරක් ආවට පස්සෙ තව කෙනෙක් ඇවිල්ලා මාව චෙක් කරා . මෙච්චර චෙක් කරන්න මේ මාලිගාව ඇතුලෙ මොනවද දන් නැ තියෙන්නෙ . සහරාන් බෝම්බ ගැහුව්වට මේ මින්දුට බෝම්බ ගහන්න තියා ෆෝන් එකට කාර්ඩ් එකක් දා ගන්නවත් අතේ සතයක් නැ . හැබැයි ඉතිං ලෝකේම ප්‍රසිද්ද ආලෝකයේ ජීවය තියන ලියොරන්ස් වංශිකයන්ට අදුරෙ පාලනය තියන මොරානස්වරුන්ගෙන් ප්‍රහාරයක් ආවොත් ... කියන මතේ අනුවනම් මෙහෙම චෙක් කරලත් මදි ...

24 FANTASY [BL]🚫21+Where stories live. Discover now