මින්දූ......
මින්~දු ... ඒ ඒ එහෙම මට කිසි කෙනෙක් මේ වෙනකම් කතා කරලා නැ . ඒත් ඒ නම කිව්වත් මගෙ ඔලුවට දැනුන වේදනාව දරා ගන්න අමාරුයි . ඔලුව ඇතුලෙ මින්දු _____ මින්දු ______ මින්දු කියලා දෝංකාර දෙද්දි මට දරාගන්නම බැරුව මැවුනෙ කලුවරක් විතරයි . මේ සුවද ~ මේ මේ
බ්ලැක් ඕර්කිඩ් ~ ආආආආආආහ්හ්හ්හ්
මින්දුල්ය ... මොකද වුනේ .
මින්දුල්ය
ඔ ඔයා ලග කොකොහොමද බ්ලැක් ඕර්කිඩ් සුවද~ක් එන්~නෙ සර් ...
සර් මාව එයා ලගට අරන් ඒ පපුවෙන් මගෙ ඔලුව තියලා මගෙ කෙස් ගස් අතරින් එයාගෙ දිග ඇගිලි යැව්වා . ඒත් ඒ සුවද නිසා මගෙ ඔලුව පුපුරන්න තරම් දේවල් මැවෙන්න ගද්දි මං ඒ පපුවෙන් ඈත් වුනා . ඈත් වෙලා මගෙ හිතට ආව පලවෙනි ප්‍රශ්නෙම ඇහුව්වා .
ඒ මගෙ සුවද ... අදුරන්න පුලුවන්ද
ම්ම්මොකක්
නතින්ග් .. අපි යං ගෙදරට
ඒත් එක්කම කාර් ඩූර් එකත් ඕපන් කරන් සර් එලියට ගියපු නිසා මාත් කාර් ඩූර් එක ඕපන් කරන් කාර් එකෙන් බහින්න යද්දිම සර් ඇවිත් කාර් ඩූර් එක ඕපන් කරා
අවුරුදු දහ අටක ජීවිතේ ඇතුලෙ කිසිම කෙනෙක් මට මෙහෙම ට්‍රීට් කරලා නැ . ඒ නිසා මට හරි අපහසුයි වගෙ
ස්~සර් ඔහොම යන්න බෑනෙ ... මං ය~න්නම්~
එක පාරක් කිව්වම අහපං මින්දුල්ය . මං තමුන්ට කිව්වා . දෙපාරක් දේවල් කියන්න තියන්න එපා . ගොඩ් දැට්
මනුස්සකමට කිව්වෙ බාත්රොබ් එක ඇදන් පාරේ යන්න එපා කියලා . ඒකටත් පුප්පනවා . අනේ ඒකට අපි . හැමදාම හැමවෙලේම හිනා වෙලා ඉන්නෙ . මං ආය මොකුත් නොකියා ඔලුව නමලා ඉස්සරහට ඇවිදන් ආවා .
උදේට නගින පඩිපෙල් විසි හතර හවසට ආයම බැහගන බැහගන යනවා . කේන්ති ගියාම දුක හිතුනම මේ පඩිපෙල් දිගෙ උඩට පහලට දුවලා මං ඒ කේන්තිය දුක නිවාගන්නවා . ඒත් මෙච්චර කාලෙකට මට කිසිම දවසක කේන්ති ගිහින් නැ . කිසිම කෙනෙක්ට බනිනවා කියලා හිතලවත් නැ . ඒත් ඇති තරම් දුක හිතින අවස්තා තියනවා .
YOU ARE READING
24 FANTASY [BL]🚫21+
Fantasyඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්...