-1-

117 13 8
                                    


මේසෙ උඩ තිබ්බ පොතකට එහා පැත්තෙ තිබ්බ පෝන් එකේ open වෙලා තිබ්බ spotify app එකේ මේ වෙලාවෙ Play වෙන ගමන් තිබ්බෙ අශාන් ෆනෑන්ඩෝගෙ මම නැතිදාක සිංදුව. අහගන ඉන්න වෙන කෙනෙක්ට මේක නිකම්ම නිකන් සිංදුවක් විතරක් වුනාට පෝන් එකේ අයිතිකාරයාටනන් තිබ්බෙ ඒ සිංදුව එක්ක වෙනම ගණුදෙනුවක්. ඒත් ඒ අතීත කතාව ඇතුලෙ තිබ්බෙ හැමෝම හොයනව වගේ happy ending එකක්නන් නෙමේ. කෙටියෙන්ම කීවොත් ඒ කතාවෙ අවසානෙ sad ending එකක්.

" උඹට පුළුවන්ද මේ හැමදේම ඔහොම අල්ලන් ඉන්න " මේසෙ ලගට ආව කෙනෙක් ඒ වෙද්දි play වෙන ගමන් තිබ්බසිංදුව ටිකකට නතර කරලා කතා කරේ පෝන් එකේ අයිතිකාරයාට. ඒත් ඇහුව ප්‍රශ්නෙට උත්තරේ වුනේ සන්සුන් හිනාවක්.

" උඹ ඔහොම හිටියට හිතනවද ඌ ආපහු එයි කියල " කලින් ප්‍රශ්නෙට උත්තරයක් නැති තැන ආයම ප්‍රශ්නයක් ඇහුවෙ ඒකට හරි උත්තරයක් දෙයි කියලා පොඩිහරි බලාපොරොත්තුවක් තියාගන. ඒට්ජ් ඒකට හම්බුනෙත් අර මලානික මූනෙ තිබ්බ හිනාවම විතරයි.

" සධීර උඹ මොනවහරි කියන්න තියනවනන් කියලා හිත නිදහස් කරගනින් "

" මොනවද " ඉදලා ඉදලා දුන්නෙ එකම එක වචනෙකින් උත්තරයක් විතරයි. ඒත් ඒකෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද.? අහපු ප්‍රශ්නෙට හම්බුනේ ගැලපෙන්නෙම නැති උත්තරයක්.

" මතීෂ ගැන " සිතිජ ආයම කීවෙ සධීරගෙ මූණ දිහා බලාගන.

" නෑ " අදාල පාර්ශ්වයේ නම කීවට ඒකට උත්තරේ වුනේ එක අකුරක් විතරයි. ඉතින් අය මොන කතාද. එක අකුරකින් ප්‍රශ්න ඇහුව සිතිජව ගොලු කරලා දැම්මා. අහන්න ප්‍රශ්නත් දෙන්න් උත්තරත් නැති දේවල් පස්සෙ තව පන්නන්නෙ මොකටද. මෙච්චර වෙලා ප්‍රශ්න ඇහුව සිතිජ නැගිටලා ගියේ sprite දෙකක් අරන් එන්න.

මතීෂ ආර්‍යන්.. ලංකාවෙ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක අයිතිකාරයගෙ පොඩි පුතා.. එහෙමත් නැත්තන් Sri Lankan National Football Team එකේ Captain.. බෙල්ල ලගට වැවිලා තිබ්බ මූණ වැහෙන්න වැටුන කොණ්ඩෙ පිටිපස්සෙ තිබ්බෙ අහංකාර පෙනුමක් තියන මූණක්.. කෙටියෙන්ම කීවොත් තාත්තගෙ කපාපු පලුව.. තව විස්තර කරනවනන් ඉස්කෝලෙ කාලෙ ඉදන් මේ වෙනකන් ගෑණු ළමයින්ගෙ crush අතර උඩින්ම ඉන්න කෙනෙක්..

සධීර විශ්වාන්.. Sri Lankan National Football Team එකේ couchගෙ එකම පුතා.. සුදු , උස , ටිකක් විතර මහත කොල්ලෙක් වුන සධීරගෙ මූණෙ හැම වෙලාවෙම වගේ තිබ්බෙ හරියම සන්සුන් පෙනුමක්.. සධීරටත් ගෑණු ළමයින්ගෙන් තිබ්බෙ මතීෂට වගේම හොද ප්‍රතිචාරයක්.. කැම්පස් කොල්ලෙක් වුන සධීර නිකන් ඉන්න හ්ම වෙලාවකම කරේ ඇහැට පේනමානෙ හිත ගිය දෙයක් අදින එක..

" කොච්චර අල්ලන් ඉන්න ආස වුනත් සමහර දේවල් තියනවා මුළු හිතින්ම අයින් කරලා දාන්න වෙන. ඒත් ඒ කතා ඇතුලෙ හරි ලස්සන මතක තියනවා. සධීර මතීෂ දෙන්නගෙ කතාවත් හරියට ඒ වගේ. කොච්චර අල්ලන් ඉන්න ඕනෙ වුනත් මුළු හිතින්ම අතෑආන්න වුන කතාවක් " සධීර කීවෙ ස්ප්‍රයිට් බෝතල් දෙක තාම අතේ තියන් බලන් ඉන්න යාලුවගෙ අතේ තිබ්බ එක ස්ප්‍රයිට් එකක් ගන්න ගමන්. ඒ කීවෙ සිතිජ අන්තිමටම ඇහුව ප්‍රශ්නෙට උත්තරයක්. කොච්චර නෑ කීවත් සිතිජ දන්නවා සධීරගෙ හිතේ තියන දේවල් එලියට ගන්න හොදම ක්‍රමේ නිහඩ වීම කියලා.

" ඌ ආය එන්නෙ නෑනෙ "

" මම දන්නව "

" ඒත් ආය ආවොත් "

" එකපාරක් නැවතුන ආදරේකට මට වචන ගොතන්න බෑ සිතිජ. ඉතින් මොකටද ආයම ආවත් වැඩක් නෑ "

කොච්චර ලස්සන කතාවකට හිමිකම් කීවත් මතීෂ සධීර දෙන්නට සිද්ධ වුනේ නොදන්න මිනිස්සු වගේ වෙන් වෙන්න. ඒත් සිතිජ අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ coffee shop ඒඑ දොර ලගෛන් මතු වුන එක් කඩවසම් රූපයක් දිහා බලාගන කියන එක සධීර දැක්කෙ නෑ. හිටිය තැනින් නැගිටලා යාලුවත් ඇදගන අතුරුදහන් වෙලා යන්න සිතිජට උවමනාවක් තිබ්බත් ඒ රූපෙ අයිතිකාරයා මේ වෙනකොටත් හිටියෙ එයාලා ඉන්න පැත්තට එන ගමන්

" විශ් "

මතු සම්බන්ධයි.

🛑 මෙහි ඇතුලත් නම් හා සිද්ධි මා විසින් යොදාගත් මනඃකල්පිත නම් හා සිද්ධි බව කරුණාවෙන් සලකන්න.

මියැදුනු පෙම ( Complete )✔Where stories live. Discover now