මතීෂ කීව ඒ තනි තරුව හදේ අයිතිය සින්නක්කරවම ලියාගෙන මාස දෙකකටත් ලගයි.
ඉතින් ඊටත් වඩා මේ මාස දෙක ඇතුලත දෙන්නා ගොඩක් ලං වෙලා. ඉස්කෝලෙ ගියාටත් දෙන්නා පන්තිවල හිටිය වෙලාවක් හොයාගන්න බැරි තරම්. ඉස්කෝලෙ , පිට කියලා වෙනසක් නෑ දෙන්නා හිටියෙ කොහොමත් එකට. වැඩිපුරම හිටියෙ ලයිබ්රි එකේ." චූටි අයියේ මට මේ ගාන කියලා දෙන්නකෝ " ITවල Networking ගනක් හදන ගමන් හිටිය සධීර එහෙම කියලා පොත එහා පැත්තෙ ඉන්න මනුස්සයට පාස් කරා.
" බූරු පැටියො මේක හදලා වැරදීනෙ... " පොත ගත්ත ගමන් මතීෂ කතා කරේ සධීරගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලනා ලගට අදලා ගන්න ගමන්. කොච්චර කියලා දුන්නත් වැඩක් නෑනෙ.
" ඉතින් කියලා දෙනවකො " සධීර වැඩිපුරම හුරතල් වුනේ මතීෂ ලග විතරයි. තාත්තා අගවත් මේ තරන් සධීර හුරතල් වෙලා නැතුව ඇති. අනිත් වෙලාවට යක් පැටියෙක් වගේ. එකා යකා කියන්නෙ නිකන් නෙමේනෙ.
අන්තිමට මතීෂට වුනේ ගාන කෙසේවෙතත් මුළු networking පාඩමම A to Z කියලා දෙන්න. මතීෂ කියන්නෙ ඕනම කෙනෙක්ට ඕනම පාසමක් එකපාර ඔලුවට යන විදිහට කියලා දෙන්න පුළුවන් කෙනෙක්. පාඩම් මතක තියාගන්න පොඩි පොඩි ටිප්ස්ස් මතීෂ ලග තිබ්බා. කොච්චර කියලා දුන්නත් බැරි පඩම එකපාරිනම සධීරට මතක හිටියා.
" දැන් පාඩම තෙරුනාද ම්ම්... "
" තේරුනානන් තමා ඒත් ගැහුවනෙ "
" කවුද යකෝ ගැහුවෙ... ටොක්කක් ඇන්නා කියලා උඹේ ඔලුව හිල් වෙනවද විශ්.. කෝලන් කරන්නැතුව හිටපන් බං... මේ මාස දෙකට මාව නිකන් කරකලා අතෑරලා වගේ... අන්තිමට උඹේ ඔයෛවරයක් නැතුව කියවිල්ල මටත් බෝ වෙලා පේනවනෙ "
" අන්න උඹට තේරුනා.. අඩෝ මතියා උඹේ කට නිකන් වක්කඩ ඇරියා වගේ " හරිනෙ ඉතින් ඔය අහගත්තෙ. මෙච්චර වෙලා කියෙව්වර අහල පහල මිනිස්සු ඉන්නවද කියලා බැලුවෙ නෑනෙ. දෙන්නගෙ කතාව මැද්දට පැන්නෙ වෙන කවුරුත් නෙමේ මතීෂගෙ පන්තියෙ කොල්ලෙක්.
කාත් එක්කවත් වැඩි කතාවක් නැත් මතීෂ එක පාරටම මේ පොඩි එක්ක මෙච්චර කියවනකොට කාටද පුදුම නැත්තෙ. මොකද මේ එහෙම කියවනද දැක්ක පලවෙනි වතාව.අනිත් එක සහස් විතරයි හරියටම දැනන් හිටියෙ මේ දෙන්නා අතරෙ තියෙන්නෙ මොකද්ද කියලා.
.
.
.
.
" මට අද ප්‍රක්ටිස් තියනවාඔයා පරිස්සමට ගෙදර යන්න විශ් " මැච් ලග හින්දා මතීෂට මේ දවස් ටිකේම වගේ ප්‍රැක්ටිස් දාලා තිබ්බා.
" හරි අයියෙ ඔයත් පරිස්සමෙන් "
" ම්ම්.. මම රෑට මැසේජ් එකක් දාන්නන් "
" හරී "
මතීෂ එක්ක කතා කරලා ඊලගට ආවෙ හැමදාම යන කොෆි ශොප් එකට. සිතිජ සධීර දෙන්නා ඉස්කෝලෙ ඇරිලා හැමදාම වගේ මේ කොෆි ශොප් එකට ආවා.
" අඩෝ සධී අන්න කුඩු නෝනා ඉන්නවා " සිතිජ එහෙම කීවෙ ශොප් එකේ අක්කව පෙන්නලා. සිතිජයි ඒ අක්කයි අතරෙ කාලෙකට අලින් යම් යම් දේවල් සිද්ද වුනා. ඒ කීවෙ ලොකු ලොකු දේවල් නෙමේ. දෙන්නා අතරෙ මාස පහක හයක වගේ relationship එකක් තිබ්බා. කොච්චර බොරු කරා වුනත් බොරුව එලියට එනවනෙ. අන්න ඒ වගේ තමා අක්කා දැනගත්තා සිතිජ එයාට වඩා අවුරුද හතක් විතර බාල පොඩි කොල්ලෙක් කියලා. අන්තිමට ඉතින් ඒක වර්චස් වෙලා ගියා.
" කට වහගන හිටපන් සිතිජ මතකනෙ ගියපාර හොදම එකෙන් අහගත්තා "
" හරි හරි ඉතින් නිකමට පෙන්නුවේ. ඒ අතීත කතානෙ මං දැන් හරී.....ම හොද ලමයෙක් "
" අනේ මං දන්නැද්ද "
දෙන්නගෙ රණ්ඩු මැද්දෙ බබල් ටී දෙකට වෙච්ච දෙයක් හොයාගන්නවත්නෑ. සිතිජ කතාව නැටවැත්තුවෙ තව කියෙව්වොත් දෙන්නටම යන්න වෙන්නෙ ආව විදිහට නෙමේ කියලා තේරුන හින්දා.
YOU ARE READING
මියැදුනු පෙම ( Complete )✔
No Ficciónළග තියනකන් අගේ නැති දේවල් දුරස් වුනාම අගේ වැඩී මතීෂ. ඒ වටිනාකම දැනෙන්නෙ ලග තියන දේවල් අහිමි වුන වෙලාවට