"නේත්‍ර… හිතේ මොනවා හරි ප්‍රශ්නයක් තියනවානම්… හංගගෙන ඉන්නේ නැතුව මට කියන්න…""මගෙ ඔළුවෙ තියන ප්‍රශ්න ඔයාට කියලා… නිකන් බොරුවට ඔයාගෙ ඔළුවත් ඒවගෙන් පුරවන්න ඕනෙ නෑනේ අයියේ…"
"නේත්‍ර මට කිව්වා… කතා බහ කරලා දැන අඳුනගමු කියලා… අපි අපි හරියට දැන අඳුනගන්න නම්… පිට අය ඉස්සරහදි මවාගන්න බොරු මනුස්සයව පැත්තකට දාලා… අපි දෙන්නා ඉස්සරහදි… අපි අපිම වෙන්න ඕනෙ නැත්ද නේත්‍ර…?"
"මම නේත්‍රට හිතේ තියන දේවල් කියන්න කියලා බල කරන්නෙ නෑ… විශ්වාසයක් තියෙනවානම් විතරක්… නේත්‍රට පුලුවන් හිතේ තියන හැමදේම මාත් එක්ක බෙදාගන්න…""අයියට මතකද මන් එදා කිව්වා… මගෙම බිස්නස් එකක් පටන් ගන්න කැමතියි කියලා…"
"ඒ වැඩේට අපේ තාත්තා කැමති නෑ අයියේ… එයා කියනවා ඕව දියුණු කරන්න නැහෙන වෙලාවෙ හොඳ ජොබ් එකක් කරානම් හොඳ ගානක් ඉතුරු කරගන්න තිබුනලු… අම්මත් ඉතින් අපේ තාත්තා කියන හැමදේම ඉස්මුදුනින් පිළිඟන්නවනේ… එයාගෙ වැඩේම මගෙ රූම් එකට එන එන පාරට ඒ ගැන කිය කිය මගෙ ඔළුව කන එක… අදත් මන් එන්න හදද්දී ඔය කතාව ඇදිලා ඇවිල්ලා තාත්තත් එක්ක රණ්ඩු වුනා… එයාලා මාව කවදාවත් තේරුම් ගත්තෙ නෑ… වෙන කෙනෙක් යටතේ බැනුම් අහගෙන මාසේ පඩියට වැඩ කරනවා වෙනුවට… මට ඕනේ අනාගතේ වෙනුවෙන් මගෙම දෙයක් ගොඩනගාගන්න කියන එක එයාලට තේරෙන්නෙ නෑ… මේක මගෙ ජීවිතේ… මගෙ සතුට… ඇයි එයාලට බැරි මගෙ කැමැත්තට ඉඩදෙන්න…""මගෙ ලඟට එන්න…"
"අ..යියේ…!!"
"ශ්… කිසිම දෙයක් කියන්න එපා… ඇස් දෙක පියාගෙන… හොඳ හුස්මක් අරන් පිට කරන්න… ඔයාගේ හිතේ තියන හැම වේදනාවක්ම… ඒ හුස්මත් එක්කම පිට කරලා දාන්න…"
"කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑනේ නේත්‍ර… දෙමව්පියෝ හැමවෙලාවකදිම තමන්ගේ දරුවෝ ගැන ඕනවටත් වඩා වද වෙනවා… ඔයාගේ හීන බලාපොරොත්තු ඒ විදිහටම ඉටු නොවී බිදිලා ගියොත්… ඒ දේවල් වලින් ඔයා මනසින් කඩා වැටෙයි කියලා ඔයාගේ තාත්තගේ හිතට බය ඇති… දරුවෝ මොනතරම් උස්මහත් වුනත්… දෙමව්පියන්ගේ ඇස් වලට තමන්ගේ දරුවෝ හැමදාමත් පොඩි උන් නේත්‍ර… අන්න ඒ නිසයි… එයාලා අපිව හැමදාමත් අවදානම් වලින් ඈත් කරලා අපිට සුවපහසු වටපිටාවේ විතරක් රඳවගන්න උත්සහ කරන්නේ… නේත්‍ර තාත්තත් එක්ක රණ්ඩුවට යන්න එපා… රණ්ඩුවට පැටලිලා ප්‍රශ්න විසඳගන්න බෑනේ… ඒකෙන් වෙන්නේ නේත්‍රටම පව් පිරෙන එක විතරයි… නිදහස් වෙලාවක… තාත්තා ලඟින් ඉදගෙන… තාත්තත් එක්ක හොඳින් කතා කරන්න නේත්‍ර… ඔයාගේ හිතේ තියන සැලැස්ම ගැන එයාට පැහැදිලිව තේරුම් කරලා දෙන්න… ඔයාගේ හිතේ තියන තරමටම… එයාගේ හිතෙත් ඔයා ගැන විශ්වාසයක් ඇති කරන්න… නේත්‍රගේ තාත්තා අනිවාරෙන් නේත්‍රව තේරුම් ගනී…"
"ඕනේ නම් මට පුලුවන්… නේත්‍රගේ තාත්තත් එක්ක මේ ගැන ඇවිල්ලා කතා කරන්න…"
YOU ARE READING
ආත්මීය ප්‍රේමයක්... ( ✅ )
Short Story"මට ඕන කරන්නේ... නේත්‍රගේ හිතේ මිහිල් වෙනුවෙන් තියන තැන නෙමෙයි... මට ඕන කරන්නේ නේත්‍රගේ හිත ඇතුලේ මැවෙන අලුත්ම වචනයක් වෙන්න... මම ඉල්ලන්නේ... නේත්‍රගේ හිතින් අලුත් ඉඩක්... අලුත් තැනක් විතරයි..."