"අර බලන්න… අර වළාකුළ බෝල අලි පැටියෙක් වගේ නේද…"
"නේත්‍රට එහෙම පේනවද…"
"ඔව්… අර හොඩේකුත් තියෙන්නේ.."
"එතකොට අරක…"
"ම්ම්… ඒක හා මූණක් වගේ…"
දීක්ශ අයියයි මමයි හිටියේ පාර්ක් එකේ... බෙන්ච් එකක ඉදගෙන අහසෙ එහා මෙහා පාවෙන වළාකුළු වලින් එක එක රූප මවන ගමන්… දීක්ශ අයියගෙයි මගෙයි සම්බන්දෙට අදට මාස හයකුත් දවස් දාහතරක් වෙනවා… අවුරුදු දෙකක් තිස්සේ ආදරේ කරපු මිහීව අමතක කරලා දැම්මා නෙමෙයි… මම කරේ දීක්ශ අයියා කිව්වත් වගේ දීක්ශ අයියට මගෙ හිතේ අලුත් ඉඩක් වෙන් කරලා දුන්නු එක… එදා දීක්ශ අයියා දෙවනි වතාවටත් මගෙන් පුරුදු ප්‍රශ්නෙම ඇහුවට පස්සේ… දීක්ශ අයියට මම දීපු උත්තරේ ගැන මුල් දවස් වල මගෙ හිතේ වරදකාරී හැඟීමක් එක්ක දෙඟිඩියාවක් තිබුනත්… දීක්ශ අයියට කැමැත්ත දීලා මිහීට වරදක් කරා කියන ඒ හැඟීම මගෙ හිතින් ඈත් කරගන්න දීක්ශ අයියා හින්දා මට පුලුවන් වුනා… එදා ඒ වතුර මල ලඟදි… 'අපි කතා බහ කරලා දැන අදුනගමු' කියන උත්තරේ වෙනුවට… මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියන පරන උත්තරේම මගෙ කටින් පිටවුනානම්… මට මේ තරම් ආදරණීය මනුස්සයෙක්ව මගහැරෙන්න තිබුනා…
"ඔහොම ඉන්න…"
කකා ඉදපු අයික්‍රීම් එකෙන් උඩු තොලේ ගෑවිලා තිබුනු අයිස්ක්‍රීම් බිංදුව එයාගේ මහපටැඟිල්ලෙන් පිහලා දාපු දීක්ශ අයියා මගෙ මූණ ලඟට පාත් වුනත්… හාදුවක් ලැබුනේ මම බලාපොරොත්තු වුන තැනට නම් නෙමෙයි…
"මම හිතුවේ ලිප් කිස් එකක්වත් දෙන්න යනවා කියලා…"
මගෙ නහය අගිස්සට දැනෙන නොදැනෙන හාදුවක් තියලා මගෙන් ඈත් වුනු දීක්ශ අයියා අමනාපයෙන් පිරිලා තියන මගෙ මූණ දිහා බලාගෙන ඉදලා… මූණෙ ඇදුනු ලා හිනාවක් එක්ක මගෙ ඔළුව අතගෑවා…
"මගෙ ඇස් වලට නේත්‍ර කියන්නේ… තාමත් පෙති දිගහැරීගෙන එන ලස්සන සුදු නෙළුමක් වගේ… ඒ සුදු නෙළුම… එක හාදුවකින්වත් ඉදුල් කරන්න… මට හිත දෙන්නෙ නැහැ නේත්‍ර…"
"ඒ කියන්නේ කවදාවත් මට ඔයාගෙන් මෙතනට… මෙතනට… මෙතනට ලැබෙන කිස් වලට අමතරව වෙන මුකුත්ම ලැබෙන්නෙ නැද්ද සුදු අයියේ…"
YOU ARE READING
ආත්මීය ප්‍රේමයක්... ( ✅ )
Short Story"මට ඕන කරන්නේ... නේත්‍රගේ හිතේ මිහිල් වෙනුවෙන් තියන තැන නෙමෙයි... මට ඕන කරන්නේ නේත්‍රගේ හිත ඇතුලේ මැවෙන අලුත්ම වචනයක් වෙන්න... මම ඉල්ලන්නේ... නේත්‍රගේ හිතින් අලුත් ඉඩක්... අලුත් තැනක් විතරයි..."