පසුවදනක්...

139 24 45
                                    

"කාටවත් කරදරයක් හිරිහැරයක් නැති තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉදපු කොල්ලෙක්… සිද්දවුනු දේ නම් මහා අපරාදයක්…"

"ලෙඩේ ගැන දැනගන්න කල් ගිහිල්ලලුනේ… මුලින් අදුනගත්තානම් හොඳ කරගන්න තිබුනලු…"

"පොඩි පොඩි අමාරුකම් තිබුනට මේ ළමයා හිතට අරන් නැහැනේ…"

"ලෙඩේ ගැන දැනගෙන මහ කාලයක් ගියේ නෑ… වැඩිම වුනොත් අවුරුදු දෙකක් හමාරක් වගේ ඇති…"

…………………………

"සුදු අයියේ… ඔන්න මන් අද ඔයාව බලන්න ආවා… පොරොන්දු උන විදිහට ගිය සතියේ එන්න බැරි වුන එකට සමාවෙන්න… පිළියන්දල අලුත් බ්‍රාන්ච් එකත් ඕපන් කරපු නිසා මේ දවස් වල වැඩ වැඩියි… වෙනදාවගේ නිතර නිතර ඔයාව බලන්න එන්න වෙන්නෙ නැත්තේ ඔයාව අමතක කරලා හින්දා නෙමෙයි සුදු අයියේ… තියන වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි…"
මම අරගෙන ආපු සුදු පාට ලිලී මල් පොකුර දීක්ශ අයියගේ රූපේ ඉස්සරහා ටයිල් පොළව උඩින් තිබ්බා…

දිසානායක මුදියන්සේලාගේ දීක්ශ අභිමාන් දිසානායක

උපත : 1994 .10 . 07

විපත : 2024 . 10 . 04

සිහිවටන ඵලකයේ ගහලා තිබුනු සුදු අයියගේ පින්තූරේ පාට මැකිලා ගිහිල්ලා… පින්තූරේ අගක හැදීගෙන ආපු දියසෙවල සීරාවක් නියපොත්තෙන් කුරුටු ගාලා පිහදලා දැම්ම මම… සොහොන් කොතේ කොනකින්ම හිමින් සීරුවේ වාඩි උනා…

"දස්සගේ වයිෆ්ට ගිය සතියේ බබාව හම්බුනා සුදු අයියේ… රෝස පාට චූටිම චූටි කෙලි පොඩ්ඩියෙක්… මට තාම බලන්න යන්න හම්බුනේ නෑ… දස්සා මට ගෙදරට එක්කගෙන ආපු දවසෙම ෆොටෝ එකක් එවලා තිබුනා… ගිය සතියේ මට සුදු අයියගෙ නංගිවත් හම්බුනා… අම්මයි තාත්තයිත් සනීපෙන් ඉන්නවා කියලා කිව්වා… අපේ තාත්තගෙ නම් කොන්දේ අමාරුව දවසින් දවස වැඩි වෙනවා… ඉංග්‍රීසි බෙහෙත් වලට හරියන්නෙ නැති හින්දා ඔන්න ඔය කොහෙද දුරක වෙද මහත්තයෙක් ලගටත් අරන් ගියා… බෙහෙත් කරන්න පටන් අරන් තාම සති දෙකයි… කියන්න තරම් ලොකු හොදක් තාමටනම් නෑ… ඒත් ඉතින් තාත්තගෙ තියන මුරණ්ඩු කමට ගෙදරට වෙලා ඉන්නේ නැතුව හැමදාමත් මට උදව්වට කියලා ඔෆිස් එකට එනවානේ… මම ඔෆිස් එකේ මැරීගෙන වැඩ කරනකොට එයාට ගෙදරට වෙලා ඔහෙ බලන් ඉන්න හිත දෙන්නෙ නෑලු…
සුදු අයියා මාත් එක්ක හිටියානම්… තාත්තට ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා ඔයාට මගෙ වැඩ වලට උදව් කරන්න තිබුනා නේද සුදු අයියේ…"

ආත්මීය ප්‍රේමයක්... ( ✅ )Where stories live. Discover now