ප්‍රාතිහාරි 03

42 7 7
                                    


"කොහෙද මනුස්සයෝ අතුරුදහන් වෙන්නේ....!"

දුර ඉදන් ඇවිදන් එන තූර්යාට කියපු නිර්මාණී ඉනට අත් දෙකම තියන් බලන් හිටියා......

"නිර්මාණී,....ගිහින් වාඩිවෙන්න අන්න අතනින්.....උබට කලන්තෙත් හැදෙනවා තව චුට්ටක් එහා මෙහා වුණානම්.......!"

තූර්යා නිර්මාණීගේ අතකින් අල්ලගත්තේ නිර්මාණී ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්දැද්දි,...

"දැන් ඒක හරී,....අවුලක් නැහැ....!"

නිර්මාණී තූර්යාගේ අත අල්ලගෙනම කිව්වේ තූර්යාගේ කලබලේ වැඩිකම නිසා.....

"අවුලක් නැහැ තමයි,.....මාව මරන් කයි උබලයි අක්කා!"

තූර්යා කිව්වේ නිර්මාණීගේ අක්කාව මතක් කරගෙන....නිර්මාණීට වඩා වෙනස්ම චරිතයක් වෙච්ච නිර්මාණීගේ අක්කා කාත් එක්කවත් වැඩි කතාබහක් නැති,....කෙනෙක්,....ඒක නිසාම කෙල්ල ගොඩාක් තරහ යන කෙනෙක් කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ......නිර්මාණීට ඒක ඇහුවම හිනා ගියා......

"අක්කා එහෙම නැහැ....!"

නිර්මාණී කිව්වේ ඇස් දෙකත් හීනි කරන් හිනාවෙන ගමන්,.....හිනාවෙද්දි හීන් වෙන ඇස්,තමයි නිර්මාණීට තිබුණේ,.......

"එහෙම නැහැ!,...උබට!"

තූර්යා කිව්වේ අක්කගේ සැරට දෙලෝ රත් වුණ වෙලාවක් මතක් කරගෙන......නිර්මාණී තූර්යාගේ රඟපෑම් ටිකට හිනාවුණා......

"මං ළඟ හිටපු කෙල්ල කවුද,.....මං දිහා කන්න වගේ බලන් හිටියේ.......!"

නිර්මාණී ඇහුවේ මේධා බලන් හිටපු විදිය මතක් වෙලා.....තූර්යා හිතන්න ගත්තේ එවෙලේ නිර්මාණී ළඟ හිටියේ ⁣කවුද කියලා.....තූර්යා නිර්මාණී ගැන සිහියකින් හිටපු නිසා තූර්යාට එහෙම මතකයක් තිබුණේ නැහැ........

"මං දැක්කේ නැහැ.....!"

නිර්මාණී තූර්යා දිහා බලලා පිටිපස්සේ ගල් කණුව ළඟට අත දික් කරේ මේධාව පෙන්නන්න.....

"අර!,අතන....!"

ඒත් ගල් කණුව ළඟ එවෙලේ කවුරුවත්ම වාඩිවෙලා හිටියේ නැහැ.......නිර්මාණී කෝවිල වටේටම ඇස් ගෙනිච්චා......මේ ටිකකට කලින් කතා කරපු කෙනා කොහේ අතුරුදහන් වුණාද කියලා නිර්මාණීට හිතාගන්නත් බැහැ......

ප්‍රාතිහාරි!Where stories live. Discover now