ප්‍රාතිහාරි 09

34 5 0
                                    


"නිර්මාණී!ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා......!"

නිර්මාණී ගේ ඇතුළට එන්න අඩිය තිව්වා විතරයි........නිරාශා කෑ ගැහුවේ නිර්මාණී මූණත් දෙක කරගද්දි.....මහන්සි වෙලා මහන්සි වෙලා වොශ් එකක් දාන් ඇඳට පැනලා නිදාගන්න කියලා ආවම...ඒ දැනෙන සොඳුරු හැඟීම.....ඒ සුන්දර අදහස් ටික විනාස කරන්න ආව යක්ශනී කවුද කියලා බලන්න ගේ ඇතුළට ආව නිර්මාණීගේ ඇස් දෙක ආපහු ටිකක් ලොකු වුණා.....

සති තුනක්.......ඔව් සති තුනක් තිස්සේ නිර්මාණීට මඟඇරුණු ඒ ඇස්......නිර්මාණීගේ මුළු ඇඟ දිගේ කරන්ට් එකක් ගියා වගේ දැනුණේ,.....සීතල හුළඟටද.....නැත්නම් ඒ ඇස් නිර්මාණීගේ ඇස් එක්ක පැටලුණු නිසාද....කිසිම දෙයක් හිතාගන්න බැරි වුණු නිර්මාණී ⁣දොරේ ලොක් එක තද කරලා අල්ලගත්තා.......

මේධා....මේධාගේ ඇස් නිර්මාණීගේ ඇස් වල ඒ බැල්ම කොයි වගේද කියන්න දන්නවා.....නිර්මාණීගේ ඇස් මුල් වතාවට දැකපු වෙලාවෙත්......නිර්මාණීගේ ඇස් මේ වතාවේ දකිද්දිත්.....මේධාට ඒ ඇස්වල තිබුණු තිගැස්ම හරිම හුරු පුරුදුයි කියලා දැනුණා.....සමහර විට මේධා නිර්මාණී ගැන ඕවර් ගිහින් වැඩි වෙලාවක් හිතලා තියෙනවා.....නැත්නම්.......,මේධා මුකුත්ම හිතුවේ නැහැ...

"ඔයා!"

නිර්මාණී මේධා දිහා බලන් වචන හෙව්වා.....එදා හොස්පිට්ල් එකේ දැකපු දවසින් පස්සේ අද තමයි මේධාව මෙහෙම ළඟටම දකින්නේ.......ඒකත් නිර්මාණී කවම කවදාවත් මේධා නිර්මාණීගේ ගෙදර මෙහෙම ඉඳී කියලා ⁣එක තත්පරේකටවත් හිතලා නැහැ......මොකද ඒකට හේතුවක් නැහැ....අවස්ථාවක් නැහැ....

"ඔව්!මම....කොන්ද පණ නැති!"

"හෝව්!හෝව්!"

මේධා ආපහු එදා දවසට නිර්මාණීව අරන් ගියා.....නිර්මාණී දොරේ ලොක් එක අත ඇරලා මේධා දිහාට අත් දෙකම පෙන්නලා නවත්තන්න කියලා කිව්වා......

"සොරි!"

නිර්මාණී මේධාගෙන් සමාව ඉල්ලුවා.....ඒත් මේධා මේක මෙහෙම බලාපොරොත්තු වුණේ නැහැ...නිර්මාණී තමන්ගෙන් සමාව ඉල්ලයි කියලා මේධාට හිතුණේ නැහැ.....මේධාට හිතුණ එකම දේ නිර්මාණී උද්දච්චයි......ආඩම්බරයි.....
ඒත් මේධා එකම එක සමාවකින් වචනයක් අමතක කරන කෙනෙක් නෙවෙයි කියන එක නිර්මාණී දන්නේ නැහැ......

ප්‍රාතිහාරි!Where stories live. Discover now