ප්‍රාතිහාරි 02

65 9 7
                                    

පැය ගානක් එක දිගටම අත රිදෙනකන් එක එක අතට ලොකූ කඩදාසිය හරව හරව හරිම පැත්තකට හරියන්න චිත්‍රේ  ඇදෙනකන්ම නිර්මාණි කරේ කෝවිලේ ගෝපුරම් දිහා බලාගෙන කල්පනාවකට වැටෙන එක..............

කෝවිලක්,.....සමහර විට ඒ නිර්මාණිගේ සංසාර ආසාවක්ද කොහෙද....කොහේ ගියත් මොනවා කරත් කෝවිලකට අඩිය තියන්නම හිතාගෙන යන නිර්මාණි මුළු ලංකාව වටේම ඇවිදලා නැතිව ඇති.....ඒ වුණාට ලංකාව වටේම තියෙන කෝවිල් වලට ගිහින් ඇති,........

ඒක හරි පුදුම ආසාවක්,....මිනිස්සුන්ට තියෙන්නේ පුදුම ආසාවල්,.......සමහර වෙලාවට නිර්මාණිට පුදුමයි ඇයි මං දෙමළ කෙල්ලෙක් නොවුණේ,කියලත්.....ඒකත් දෙමළ මිනිස්සු ගොඩාක් ඉන්නේ යාපනේ,.....නිර්මාණි ඉන්නේ හරියටම පේදුරු තුඩුවේ ඉදන් පහළට මැන්නොත් දෙවුන්දර තුඩුව ළඟටම වෙන්න.......

නිර්මාණි යන යන හැම කෝවිලකම තමන්ගෙම අතින් චිත්‍ර අදින්න හුරු වෙච්ච කෙල්ලෙක්,.......අකුරු අතරේ මිනිස්සු හැඟීම් පෙන්නනවා වගේම චිත්‍ර,...කැටයම් අතරේ චිත්‍ර ශිල්පියෝ,....කැටයම් ශිල්පියෝ තමන්ගේ හැඟීම් පෙන්නන්නේ පුදුම තරම් ආකර්ෂණීය විදියට,......ඇස් අස්සෙන් ගිහින් හදවතේ රුධිර නාළ වලටම දැනෙන්න මිනිස්සු තමන්ගේ හැඟීම් ප්‍රකාශනය,....තමන්ටම ආවේණික විදියට ප්‍රකාශ කරන විදිය................

මනුශ්‍ය වර්ගයා කියන්නේ පුදුම තරම් හැඟීම් වලින් පිරිපුන් කොටසක්......නිර්මාණි ඒක මොනදේ වුණත් විශ්වාස කරනවා,......ඇම්බැක්කේ දේවාලේ,....ඉසුරුමුණිය,.....කෝවිල්,...,පල්ලි,.මේ හැමතැනකම වර්ග භේදයක් නැතිව සිහින් ආකෘතියකට කොටපු කැටයම්,........එතනදීම කැටයම් වලින් මිනිස්සු ප්‍රකාශ කරපු හැඟීම්,...සිතිවිලි,.......කියන හැමදේම,...තමන්ට දැනිච්ච පුංචිම දේ වුණත් පුදුම තරම් ලස්සනට කැටයමෙන් කියලා තියෙනවා,....................

ඒ විතරක්ද රෝමේ කියන්නේ චිත්‍ර ශිල්පීන්,...කැටයම් ශිල්පීන් කී දෙනෙක්ගේ අග්‍රගන්‍ය කැටයම්,චිත්‍ර කෞතුකාගාර වල ප්‍රදර්ශනය කරලා තියෙනවද....ඒ හැඟීම්,...හෝ....සිතිවිලි ප්‍රකාශ නෙමෙයිද...........නිර්මාණි ඒ ලස්සන චිත්‍ර,...කැටයම්,...ගැන හිතින් වර්ණනා කරන ගමන් තමන්ගේ ඉස්සරහ කෝවිල දිහා බැල්මක් හෙලුවා,.........

ප්‍රාතිහාරි!Where stories live. Discover now