ප්‍රාතිහාරි 06

65 7 6
                                    

"ආරු,...මං දවසක මැරුණොත්!"

"පිච්ච මල් වල සුවඳට මං ඇබ්බැහි වෙයි....!"

තවමත් හරිහැටි අඩුවක් නැති ඔළුවේ කැක්කුම නිසා නිර්මාණීට හොඳ නින්දක් ලබන්න බැරි වුණා.....මුළු මොළේම ගලවලා එහායින් තියන්න පුළුවන් වුණානම් නිර්මාණී දැන් ඒක කරලා ඉවරයි....

"නිර්මාණී!"

නිර්මාණීගේ අතකින් කවුදෝ අල්ලලා හෙලෙව්ව නිසා නිර්මාණීට ඇහැරුණා.....මුළු නළල පුරාම හීන් රිදුමක් විතරක් වෙද්දි නිර්මාණී හෙමිහිට ඇස් ඇරලා බැලුවා..........

"උබ මොකටද යකෝ ඔය තරම් බිව්වේ......!"

තූර්යාගේ කන කීං ගාන චංචල කිංකිණි නාදේ තමයි උදෙන්ම නිර්මාණීගේ කන් දෙක අස්සේ දෝංකාර දුන්නේ.......නිර්මාණී තූර්යා දිහා බලලා ආපහු ඇස් වහගත්තා........කියන්න බැරි තරම් ඔළුව ඇතුළෙන් රිදෙන්නේ හිතාගන්නවත් බැරි තරමට......

"දැන් ඉතින් උබලයි අක්කා ශුවර් එකට මාව අල්ලලා පොළොවේ ගහයි.....තෝ නිසා තමයි....මං මැරුණොත් මැරෙන්නේ උබවත් ඇදන් ගිහින් තමයි.....ඇයි යකෝ වදේ....!"

තූර්යා උදේම බොරුවට අඬන්න ගත්තා.....නිර්මාණී ඒ දිහා බලලා තූර්යාගේ අත අල්ලගත්තා......

ප්‍රාතිහාරි!Where stories live. Discover now