ප්‍රාතිහාරි 08

49 4 2
                                    


"මගේ කසින් බ්‍රදර්....!"

නිර්මාණී ඇස් දෙකත් හීනි කරගෙන ෆොටෝ එක දිහා බැලුවා....මේධා කොල්ලගේ කරට අතකුත් දාගෙන....කොල්ලා මේධාගේ කරට අතක් දාගෙන...නිර්මාණීට හොඳටම නෝට් වුණේ ඒක.....නිර්මාණී අර කොල්ලා දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.....වැඩක් ඇති කෙනාගේ දිහා බලන් හිටියා මිසක.......නිර්මාණී හිනාවක් මූණේ තියාගෙනම මේධා දිහා බැලුවා.....

"ලස්සනයි....!"

නිර්මාණී එහෙම කිව්වම මේධා එහාපැත්ත බලන් හිනාවෙන්න ගත්තා.....

"ඇයි ඇයි දැන්.....!"

නිර්මාණී මේධාගේ අතක් ඇල්ලුවා....මේධා හිනාව නවත්තලා නිර්මාණී දිහා බැලුවා.....නිර්මාණීට ඇත්තටම තරහ ගිහින් මේ වෙලාවෙනම්......

"මොකක්ද...!"

"ඇයි හොරා⁣ට හිනාවෙන්නේ.....!"

නිර්මාණී ඇසුත් හීනි කරන් අහනවා......මේධා ඒ හීනිවෙන ඇස් බැල්ම දිහා බලන් ඉන්නවා......

"මම!"

"ඔව් ඔයා!"

මේධා තමන්ටම ඇඟිල්ල දික් කරලා තමන්වම පෙන්නගෙන අහනවා.....නිර්මාණී ඔව් කියන්න ඔළුව වැනුවා......

"නෑ!"

"නෑ නෙවෙයි ඔව්....ඔයා හිනාවුණා....ඒකත් හොරාට.....!"

නිර්මාණී නම් රණ්ඩු කෙක්කක්.....මේධාට ඒක හොඳටම පැහැදිලි වුණා.....මේධා හිනා නොවී ඉන්න උපරිම උත්සහ ගන්න ගමන් නිර්මාණීව රණ්ඩුවටම ඇද ගන්නවා.....

"නෑ....!"

මේධා නෑ කියලා එහා පැත්ත.බලාගත්තා......නිර්මාණීට දැන් නම් තරහම තරහක් ආවේ....

"පිළිගන්නේ නැත්තේ කොන්දක් නැති මිනිස්සු.....!"

ඒ තරම් දුරට නිර්මාණී ඒක සීරියස් අරන්....මෙතන වෙන කෙල්ලෙක් හිටියනම්....මේධාගේ යාළුවෙක් හිටියනම්....එක වචනයයි මේධා කියන්න ඕන...තවත් වාද කරන්න එන්නේ නැහැ....මොකද ඒ මේධාගේ හැටි....

"දැන් එ⁣තකොට මට කොන්දක් නැහැ...එහෙමද....!"

මේධාත් සීරියස් මූඩ් ඔන් කරගෙන එද්දිම එහෙම ඇහුවා....නිර්මාණීත් මේධා දිහාටම හැරුණා......මේධාගේ ඇසුත් හීනි බැල්මකින් නිර්මාණීට තරවටු කරනවා....ඒත් නිර්මාණී නෙමෙයි ඇස් හීනි කරන් කටේ සද්දේ වැඩි කරාට කාටවත් බය වෙන්නේ....

ප්‍රාතිහාරි!Where stories live. Discover now