ස්වයංවර - 02

36 7 24
                                    

"තව හෝරා කිහිපයයි රාව්...! මෙතැන් සිට සැතපුම් සැටක් අරණට... විශ්වාසය තබාගනු සියල්ල විසඳෙවි... නුඹ දන්නවානේ නියමය... අරුණ වැටෙන්නට පෙර-"

"ම්ම් නොවේ...!!!"

මහාරව්ගේ නොසැලකිලිමත් කාලවර්ණ දෑස් මත වූ සියුම් දිළිසුම දිවාකර් නොදුටුවේය... නමුදු පුපුරා යාමට ආසන්න ඒ ස්වරය ඔහු බොහෝ පැහැදිලිව හැඳිනුවේය... එ නිසාදෝ සිඳී යමින් වූ වැවෙහි, සලපනාවේ වූ කලු ගල් අතර හිඩැසක සඟවා තිබුණු පොට්ටනිය සොයාගෙනවුත් එහි වූ කුඩා ප්‍රදීපය පිටතට ගත්තේය... දැල්වූ ප්‍රදීපයෙහි උණුසුමට දෙ අත්ල අල්වාගෙනම හිස එසවූයේය... මොහොතකින් පදවි වැව් බැම්ම මත්තෙහි මෙතුවක් වූ ළගන්නාසුළුම දසුන දිවාකර්ගේ දෑස් මානයේ විය...

මහාරව්ගේ තියුණු කාලවර්ණ දෑස් මැළවී තිබුණි... නමුදු එහි අමුතු කුමක් හෝ යමක් විය... තමා මගහැර තම උර මත වූ ඔටුණු පරෙවියා මත නැවතී තිබුණු ඒ දෑස්, පහන් දැල්ලේ මන්දාලෝකය හමුවේ දිදුළනු ඔහු බලා සිටියේය... ආකාසයේ සිය දහස් ගණන් වූ තාරකා අතුරෙහි වුවද එවන් දීප්තියක් දිවාකර් මින් පෙර නොදුටුවේය...

සීතල ගල්තලාව මත එලූ තල් පත් පැදුරෙහි එරමිණියා ගොතා හිඳගෙන, දෑත් වල ඇඟිලිතුඩු වරින් වර පොඩිකරමින්, නළල රැළි ගන්වමින් මහාරව් තනිවම කල්පනාවකය... කාල වර්ණ සළුවෙහි නිරාවරණය වූ තැන් වලින් පෙනෙන මී පැණි පැහැ සම වැව් ගම්මානවල තරුණියන් අතර හෝ වනු දිවාකර් හෝ නොදුටුවේය... මනාව සැකසුණු රළු දෙබැම, හැඩ දෙතොල් හා තියුණු හනු දාරද එලෙසය... වැව් ගම් වල ඇත්තන් හා මහාරව් ආකාසය හා පොළොවටත් ධුරය...

දිවාකර්, මහාරව්ගේ මුහුණ හොඳින් පෙනෙනා පරිදි තල්පත් පැදුර මත්තෙහි දිගාවුණි... සිව් විසි වසරක් පුරාවට මහාරව්ගේ සෑම සියුම් සෙලවීමක්ම නිහඬව වටහාගැනීමට ඔහු පුරුදුව සිටියේය... ඉදින් අදත් එසේමය... තමා ඉදිරියෙහි වූ ඒ ගර්වයෙන් පිරි මුහුණෙහි වූ සෑම ඇසිපිය සැලීමක්ම, දෙතොල් සිහින් වීමක්ම ඔහු නිඬවම පිරික්සුවේය... පදවි වැවේ සීතළ සුළං හා දබර කරනා මහාරව් සේම මුරණ්ඩු කෙහෙරැළි දෙස බලා සිටියේය... අවසන ඒ දෑස් සිය දෙපා අසළ වූ ප්‍රදීපය මත නැවතුණු විට, ඒ කාලවර්ණ දෙනෙත් මත්තෙහි වූ රන් පැහැ ගිනි දැල්ල සිය සිරුරද උණුසුම් කර දමනු සේ ඔහුට දැණුනි...

ස්වයංවර | Historical Where stories live. Discover now