කන්ද උඩරට රාජධානිය -
මහනුවර දෙවන රාජසිංහ රජ සමය~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඒ කන්ද උඩරට රාජධානිය කේන්ද්‍ර කොටගත් පාලන තන්ත්රයකට සිරි ලංකාද්වීපය නතුව ගෙවුණු සියවසකට පමණ පසු කාල පරිච්ඡේදයයි...
විදේශීය ආධිපත්‍යයට නතුව තිබූ මෙරට බොහෝ ප්‍රදේශ ඉන් ගලවා ගෙන ලංකාද්වීපය එක්සේසත් කිරීමෙහි ලා නිරන්තර වෑයම් කළ ප්රතාපවත් රජෙකු ලෙස රාජසිංහ රාජ සමය ලියැවී තිබුණද, ඔහුගේ ඒකාධිපති ආඥාචක්රයත්, ආත්මාභිමානයත්, අසීමිත අහංකාරයත් හේතුකොටගෙන වහල් භාවයට පත් දුගී ජන ජීවිතය පිළිබඳව සඳහන්වූ මූලාශ්‍ර ඇත්නම් ඒ අතළොස්සකි...
"දෙයියෝ බුදු වෙන්ඩ...! හාමුදුරුවනේ දහසක් බුදු වෙන්ඩ...!" යනාදී දහසකුත් එකක් අයැදීම් හා නැමදීම් වලින් සෑමදිනකම ඔහුගේ රාජසභාව පිරී තිබුණි...
රජු ඉදිරියේ තමා ඉතා පහත්කොට සලකනු ලැබීමෙහිලා වැසියන් කෙරෙන් කිසිදු විරෝධයක් නොවුණි... රහසිං දෙයියන්හට එසේ හෝ පුදසත්කාර කරන්නට ලැබීම භාග්‍යයක් කොට ඔවුන් සලකනු ලැබිණි...
නමුදු මේ කරුණු කාරණා සියල්ල සදාකාලයටම වලංගු නොවූයේ රජුගේ කෲර ක්‍රියා වරින් වර ප්‍රකට වන්නට වූ විටය... මහ ඕලන්ද සටනේදී රණශූරයෙකුව හුන් සීහල සේනාධිපතිවරයෙකු හට ඊර්ෂ්‍යාවෙන් නියම කළ මරණ දණ්ඩනයෙන් පසු ක්‍රමක්‍රමයෙන් රටවැසියන් තුළ රජු කෙරෙහි වූ ප්‍රසාදය පළුදුවන්නට පටන්ගෙන තිබුණි...
අර්ථයක් ඇතිවත් නැතිවත් හෙතෙම ලේ වැගිරුවේය... ඔහු දුන් දණ්ඩන පවා අමානුෂික විය... අනුකම්පා විරහිත විය... කිසිවකුගේ අවවාද අනුශාසනයක් නෑසූ ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බොහෝ දෙනා පීඩා වින්දෝය...
ඉදින් එතැන් පටන් තවත් වසර කිහිපයක් ගතවද්දී වරින් වර ඇතිවූ කැරලි කිහිපයකටම මුහුණදීමට ඔහුට සිදුවී තිබීම අරුමයක් වේද...?
සියල්ලටම වඩා ළය කම්පිත කරවන පුවත සැල වූයේ මින් තෙවසරකට පමණ ප්‍රථමවය... රජුට ප්රතිපාක්ෂිකයන් විසින් ඇති කරන ලද කැරැල්ලකට පසු, ස්වකීය පසළොස් හැවිරිදි පුත්කුමරා හට වස පොවන්නට තරම් කෲර වූයේය...! රෝගී වූ රජ කුමරා ඉන් වසරකට පමණ මිය ගියේය... රටවැසියන්ගේ ආදර ගෞරවය තමාටත් වඩා සිය එකම පුත්‍රයා වෙත ඇදී ගොස් ඇති බැව් දැනුණු විට පියරජු ගත් තීරණය එය විය...
ŞİMDİ OKUDUĞUN
ස්වයංවර | Historical
Tarihi Kurguහෙතෙම ආලෝකය පරයා අන්ධකාරයට ප්‍රිය කළ සේම දහවලට හෝ සූර්ය කිරණයක් ඒ ගල් තලාත්, පෙණ කැටි විසුරුවන දිය පහරත් හමුවට පැමිණියේ කලාතුරකිනි... සප්ත ඇළි වලින් විසිරෙන සිසිල් පෙණ කැටිත්, සිසිල් මාරුතයත් ඔහුගේ අභිමතය පූර්ණ වන පරිදි අවට සිසිල්ව තබාගන්නට වග බලාග...