" ග්‍රැනී "
" හත්දෙයියන්නේ "
ලීලා ඉස්තෝප්පුවට දුවලා ගියේ මුණුපුරා දැක්ක ගමන් බදා ගන්න හිතාගෙන වුනත් තමන්ට වඩා දෙගුණයක් විතර උස ඒ උසටම ගැලපෙන දේහදාරියෙක් වෙච්චි ඩිලෝන් දැක්ක ගමන් ලීලාගේ ඇස් නලලට ගියා.
ලංකාවේ පිරිමියෙකුගෙන් සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන උසක් තිබුන තමන්ගේ මුනුපුරාට බෑනගේ මූණුවර නොතිබුනා නම් ලීලාවට නම් කොහොමත් මේ කවුද කියලා අදුර ගන්න වෙන්නේ නෑ.
විමලට පුංචි මහත්තයා ආව පණිවිඩේ කියනන් දුවපු දෙව්දුන් ඒ පින්මෙනම් ආපහු දුවන් ආවේ ලීලා හිතුවටත් වඩා සද්දෙකින් දෙවියෝ සිහි කරලා තිබුන නිසා. නෝනට කරදරයක්ද බලන්න දුවන් ආපු දෙව්දුන්ගේ ඇස් නෝනගේ වගේම උඩ ගියේ දොර ළඟ හිටන් ඉන්න යෝධයා දැකලා.
" ග්‍රෑනී මම අදුරගන්න බැරි වුණද? "
නෝනගේ පොත් රාක්කේ උඩ ලස්සනට තියලා තියන හක්ගෙඩිය කනට කරලා විතරක් මුහුදේ සද්දේ අහලා තියන දෙව්දුන්ට නුහුරු සිංහලෙන් කතා කරන මේ තරුණයාගේ කටහඩ ඇහුන ගමං කවදවක් දැකල නැති මහා මුහුදේ රැලි ගහන සද්දේ මතක් වුනේ ඒ තරම් ඒ හඬ ගැඹුරු නිසා.
ඊටත් නොගැලපෙන්නේ සිංහලෙන් කතා කරන කොන්ඩෙත් අමුතු හැඩේකට කපලා හිටපු පාටින් ඉද හිට එළි බහින වෙලාවක මුණගැහෙන සුදු මහත්තුරු තරම්ම සුදු වෙච්චි මේ පුංචි මහත්තයාට පුංචි මහත්තයා කියන නම නම් ගැලපෙන්නේම නැහැයි කියලා දෙව්දන්ට හිතුනා.
" අදුරගන්න බෑ නේනනම් දරුවෝ මේ මුණුවර සහේල පුතාගේ වගේ නැත්තම් මග තොටක දැක්ක නම් මම අහක බලන් යාවී "
ලීලා කියපු දේට හිනාවුන ඩිලෝන් එයාගේ උස වගේ බාගයක් වුණ පුංචි කාලේ නිදන වෙලාවට අම්මා කියන කතා වල හිටි ග්‍රැනීව බදා ගත්තේ ඩිලෝන්ගේ පිරුනු බාහු අස්සේ කෙසඟ සිරුරක් තිබ්න ලීලාව අතුරුදන් කරලා.
මෙව් හැමදේම දිහා බලන් හිටි දෙව්දුන් ආපහු ගෙට දිව්වේ විමලට එයාලගේ පුංච් මහත්තයා පුංචි නෑ කියන අලුත් විස්තරේ කියන්න.
" අප්පේ මේ උලුවහුත් ආපහු හදවන්න වෙයිද මංදා, ඔලුව වද්ද ගන්නේ නැතුව ඇතුලට එන්න පුතේ. සෝමේ ඔහොම්ම ඔය බෑග් ටික මහත්තයගේ කමරෙන් ගිහින් දාන්න"
YOU ARE READING
𝓣𝓱𝓲𝓼 𝔀𝓪𝔂 _ මේ පාරෙන් _
Romanceවේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා