06.

34 10 18
                                    

" අයියෝ මටත් පිස්සුද මන්දා පුංචි මහත්තයා මොනවා හිතුවද දන්නෑ "

මහත්තයාට බීම එක දීලා ඇවිත් අම්මා කීව වගේ මගේ බීම එක බොන්න යනවා වෙනුවට මම කාමරේට දුවගෙන ආවේ ආයේත් සැරයක් පුංචි මහත්තයා නිසා මගේ කම්මුල රත් වුණ හින්දා.

මහත්තයා අමතක වෙන්න කියලා මම ඇස් දෙක පියා ගත්තම මට ආයේ පෙනුනේ ශර්ට් එක බාගෙට ගලවන් ඔහේ ඇලවෙලා හිටපු හැටි. සන්සුන් කරගන්න කියලා හදපු හිත ආයෙම හයියෙන් ගැහෙනවා. මට මොකක් වෙලාද?

මහත්තයාගේ තමයි වැරැද්ද දැක්කනේ දාවාලේ අර ගෑනු ළමයි ටිකත් මහත්තයා දිහා කන්න වගේනෙ බලන් හිටියේ. ඒත් ඔහේ ගානක් නැතුව හිටියේ

වෙච්චි ඔක්කොටම මහත්තයාටම බැන බැන ඉන්න ගමන් මගේ ඇස් ගියේ කලින් ගෙනත් ඇද උඩින් දාපු බෑග් ටිකට.

මම බෑග් වල තිබ්බ දේවල් එකින් එක එලියට අරන් බැලුවා. දෙවියනේ මෙච්චර ? මං හිත්න්නේ මහත්තයා එයාට ගත්තට වඩා ඇදුම් ගොඩක් එතන තිබුනා. ඒ මදිවට අලුත්ම සපත්තු දෙකකුත්. තනි සුදු පාට සපත්තු දෙක මං දැකලා තියනවා මේ පැත්තට එන මගේ වයසේ වගේ පිරිමි ළමයි මේ වගේ සපත්තු දාන් ඉන්නවා. බාටා සෙරෙප්පු වලට හුරු වුන මගේ කකුල් වලට ඒ වගේ සපත්තු දෙකක් හීනයක් විතරක් වුනා.

දුප්පත් කමම නෙවෙයි මට ඕනි කිවා නම් අම්මා හරි ලොකු නෝනා හරි ඕනම වෙලාවක ඕනම දෙයක් මං වෙනුවෙන් අරන් දෙයි ඒත් මට එහෙම කරදර කරන්න හිතෙන්නේ නෑ. මගේම අම්මා නොවුනත් අම්මා එයාට පුළුවන් උපරිම සැපක්ම මට දෙනවා ඉතින් එහෙම තියෙද්දී මම කොහොමද තව තව දේවල් එයාගෙන් ඉල්ලන්නේ?

ඉතින් මහත්තයා මට මේ දුන්න දේවල් මට හුගක් වටිනවා. මම අලුත්ම සපත්තු දෙක නහයට තියලා එකේ අලුත් සුවඳ බැලුවා ඒක සුවදයී මම සපත්තු දෙකත් පපුවට තුරුල් කරන් ඇදට කඩා වැටුනා. ගජන්ගෙ පිස්සු මහත්තයා හිතපු තරම් නපුරෙක් නෙවෙයි වගේ. මට අද මලුත් දුන්නනේ.

මල් පොකුර මතක වෙච්චි පාර මම සපත්තු දෙකත් පැත්තකට දාලා ඒ ටික අතට ගත්තා. දැනම වතුරට දැන්මේ නැත්තම් මැලවෙයි. බණ්ඩාවෙල ගෙවුණු අවුරුදු දහ නමයට මම ඕන තරම් මේ කැලෑ මල ඇහැට දැකලා ඇති සුවද බලලත් ඇති ඒත් ඒ කවර දාකටත් වඩා මේ මට ඒවා ලස්සනට පෙනුනා. මම මල් පොකුර ඉබලා බැලුවා. දෙවියනේ මේ කෑලෑ ලිලී මලත් සුවදට දැනෙනවා ඒ එන්නේ මහත්තයාගේ සුවඳ වත්ද? නැත්තම් කැලෑ ලීලී මල් වලට කොහෙන්ද සුවදක්?

𝓣𝓱𝓲𝓼 𝔀𝓪𝔂   _ මේ පාරෙන් _ Where stories live. Discover now