සෙනසුරාදාට එලි වුණ වෙලාවේ ඉදන් දුනුකේබංඩාර බංගාව හරි කලබලයි. වෙනදා පාංදර පහට වැඩ පටන් ගන්න බංගලාවේ උදවිය අද පාන්දර හතරක කුකුළා හඩලන්න කලින්ම නැගිටලා.
අද තමයි පුංචි මහත්තයා දෙව්දුන් එක්ක ගමන පිටත් වෙන්න දාගෙන තිබුනේ. ඉතින් විමලා උදේම නැගිටලා ගමනට අරන් යන්න ඕනින් කෑම හදනවා. ඊයේ රෑ හදපු අලුවා ටිකයි කිරි ටොෆී ටිකයි නම් කැඩෙන්නේ නැති වෙන්න භාජන වලට අහුරලත් ඉවරයි. විමල මේ උදේම නැගිට්ටේ කට්ලට් ටික බැදලා තියලා දෙන්නට ගෙනියන්න කෑම එකක් හදලා ඔතා ගන්න වෙලාව මදි වෙයි කියලා.
දෙව්දුන්ට මතකයි එයා මුලින්ම ස්කෝලෙන් ගිය ට්‍රිප් එක දවසෙත් අම්මා මේ විදියටම කෑම ගොඩක් හදලා දුන්න හැටි ඒ විතරයි නෙවෙයි ලීලා නෝනා එක්ක අනුරාධපුරේ යන්න පිටත් වුණ දවස එදත් මේ වගේම බංගලාවේ කුස්සිය්රෙ හරි හරියට වැඩ තිබුනා. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් කොහේ හරි විනෝද ගමනකට ලෑස්ති වෙනකොට ඕනම ගෙදරක්.
ඉතින් වෙනදාට වඩා කලින් ඇහැරුන දෙව්දුනුත් අම්මගේ වැඩ වලට හරි හරියට උදව් කලා. වෙන දවසක වගේ නම් ලීලා නෝනත් මෙතන ඒත් මේ දවස් ටිකේ නෝනා ඉන්නේ ටිකක් අසනීපෙන්.
කොහොම හරි එහාට මෙහාට දුවලා යන්තම් පුංචි මහත්තයටයි දෙව්දුන්ටයි අරන් යන්න කෑම ටිකත් ලෑස්ති කරලා හය හමාර වෙනකොට ඒ වැඩ ටික ඉවර කර ගත්‍තා.
" උඹ ඕක තියලා ගිහින් දැන් ලෑස්ති වෙයන් පුංචි මහත්තයා උදේ කීයට යන්න හිතන් ඉන්නවද දන්නෑනේ "
බැදපු කට්ලට් වලින් ගජන්ගෙ පංගුව වෙන් කරන ගමන් හිටි දෙව්දුනට විමලා කීවේ දැනටත් පරක්කුද කියලා සැකෙට. ඒ වුණත් තාම මහත්තයාගේ කාමරේ පැත්තෙන් නම් සද්දයක් වත් නෑ.
කොකටත් කියලා දෙව්දුන් ගිහින් ලැස්ති වෙන්න පටන් ගත්තේ එය නිසා යන ගමන පරක්කු වෙන්න ඉඩක් නොතියා. ඊයේ රෑ අයන් කරලා තිබුන පුංචි මහත්තයාම අරන් දුන්න අලුත් ලා රෝස පාට ටී ශර්ට් එකට සුදු පාට කලිසමක් ඇදලා මහත්තයා අරන් දිපු සපත්තු දෙකත් දාල ලැස්ති වුණ දෙව්දුන් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එයාගේ හැඩ බැලුවේ ඇත්තටම දෙව්දුන් කලකෙන් තමන්වම ලස්සනට දැක්ක නිසා.
YOU ARE READING
𝓣𝓱𝓲𝓼 𝔀𝓪𝔂 _ මේ පාරෙන් _
Romanceවේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා