04.

39 12 8
                                    

ඔන්න දෙන්නම මල් පැල වලට සාත්තු කරන වැඩේ ඉවර වෙනකොට එකොළහත් පහු වෙලා. දෙන්නම කීවට දෙව්දුන්ට තමයි අන්තිමට වැඩ දෙකම කරන්න වුණේ. මොකද පස් බුරුල් කරන්න කියලා මුල්ලුව අතට ගත්ත පුංචි මහත්තයා යකඩ අත වල ශක්තිය දාලා රෝස මුල් වලටත් කොටන්න පටන් ගත්ත නිසා එක එහෙම කරන්න එපා කීවා කියල දෙව්දුන්ටත් කෑ ගහල එයාටම කරන්න කියලා ලීලා ජනේලෙන් බලන් ඉන්නව දැක්ක නිසා බොරුවට බිම හාර හාර දෙව්දුන් වැඩේ ඉවර කරනකල්ම එතනට වෙලා හිටියා.

කොහෙම හරි උදේ ඉදන්ම කෑමක් වත් නොකා බඩගින්නේ හිටි ඩිලෝන් ගෙට ආපු ගමන් ගිහින් ග්‍රැනී ළඟ හුරතල් වුනේ එයාට බත් කවන්න කියලා. 

ඊයේ රෑ වුන සිද්දිය ගැන කිසිම කෙනෙක් වෙනම කතා කරේ වත් ඒ නිසා ඩිලොන්ට අමුතුවට සැලකුවේවත් නැති නිසා ඩිලෝන් හිටියේ හුගක් සැහැල්ලුවෙන්.

දවල් දවසේ මෙහෙම හිටියට රෑට එයා එක්කම තනි වුණාම විකාර වෙන එයාගේ හිත ගැන ඩිලොන්ගේ හිතේ බයක් නොතිබුනා නෙවෙයි. මාස ගානකට කලින් වුණ සිද්දිය නිසා ඩිලොන්ගේ නින්ද නැති වෙනකොට ඩිලෝන් දිගින් දිගටම ස්ලීපින් ටැබ්ලට්ස් වලට හුරු වුණේ ඒවා නැති වුණ දාට නපුරු හීන ඩිලෝන්ගේ නින්දත් අමාරුවෙන් හදා ගන්න හිතත් ආපහු එයාව ඒ අදුරු රාත්‍රියට අරන් යන නිසා.

මේ සිද්ධියෙන් පස්සේ මානසික වෛද්‍ය  වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න රෝසි ඩිලෝන්ව යොමු කරත් ඒ නියම කරපු බෙහෙත් අහුරු පිටින් හැමදාම බීව වුණත් තමන්ගේ පුතාගේ කිසිම සුවයක් නොපෙනුන රෝසි එයාගේ තනි තීරනේට ඩිලෝන්ට බෙහෙත් ගන්න එකත නතර කරලා ඩිලෝන් රෝසිට හොරෙන් පැක් කර ගත්තු ස්ලීපින් ටැබ්ලට්ස් ටිකත් අයින් කරවලා තමයි එයාව ලංකාවට එව්වේ.

ඩිලෝන් දෙව්දුන් එක්ක එලියෙ මල් වලට සාත්තු කරන අතර රෝසිට ඇමතුමක් ගත්ත ලීලා ඊයේ වෙච්චි සිද්දිය ගැන කීවේ ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ කොහොමද කියලාවත් එයා දැනුවත් වෙලා හිටපු නැති නිසා.

කොහොම වුණත් ඒ කියපු විස්තරේ ගැන රෝසි නම් වැඩි තැකීමක් කරපු බවක් ලීලට පෙනුනේ නෑ.

𝓣𝓱𝓲𝓼 𝔀𝓪𝔂   _ මේ පාරෙන් _ Where stories live. Discover now