කමෙන්ට් ගෝල් 50
සයුරු පහුවදා ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට යන්න ලා නිල් පාට ෂර්ට් එකට ඔෆිස් ට්‍රවුසර් එක දාගෙන , සපත්තු දාගෙන ගානට පිලිවෙලට ලෑස්ති වෙලා කන්නාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන හිටියා. ගෙනිහිල්ලා වැඩක් නැති උනත් බෑග් එකකට පොතකුත් දා ගත්ත සයුරු බෑග් එක කරේ දාගෙන ෆෝන් එක සාක්කුවට දාගෙන කාමරයෙන් එලියට බැස්සෙ තමන්ට හම්බුනු අලුත් යාලුවො දෙන්නා ලෑස්ති වෙලාද බලන්න හිතාගෙන උනත් කාමරේ ඉස්සරහ පිරිලා හිටපු ළමයි කන්දරාව දැකලා සයුරු ගැස්සුණා.
ඒ තියෙන්නෙ ගමන් පථය අවහිර කරමින් හැදුනු පෝලිමක් කියලා තේරුම් ගන්නත් සයුරුට ටික වෙලාවක් ගියා. හැමෝම හිටියෙ තරහෙන් පුපුරන මූණු එක්ක. සමහරු සරම් ඇඳගෙන. සමහරු තුවාය ඇඳගෙන. අටට පටන් ගන්න ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට තව පැය කාලයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒ අතර වාරයේදී මේ ළමයි කාමරේ දොර හරහට හිටගෙන කරන්නෙ මොකක්ද බලන්න සයුරු බෙල්ල දික් කරලා බලනකොට සයුරු තරහෙන් පුපුර පුපුර තුවාය පටලවගෙන හිටගෙන ඉන්න අර්ජුයි සිතෙව්යි දැකලා එතනට කිට්ටු කලා.
"මේ මොකද?"
"මොකක් කරනවා වගේද පේන්නේ? තමුසෙ ගෙ රූම් මේට් අතන පැයක් තිස්සෙ රෙද්දක් මදිනවා. අයන් එක දෙන්නෑ"
සිතෙව් සයුරුගෙ ඇඟට කඩාගෙන පනිනකොට සයුරු බෙල්ල දික් කරලා වෙන්න මොකක්ද කියලා බැලුවා. කීවත් වගේ එක රැල්ලක් වත් හිටින්නෙ නැති වෙන්න යුවීන් ෂර්ට් එක බැරෑරුම් මූණක් මවාගෙන හෝ ගාලා මදිනවා. සයුරුට හිනා ගියා.
"හිනා වෙන්න එපා. මොනවා උනත් විපතක්නෙ වෙලා තියෙන්නෙ"
අර්ජු කීවේ සයුරු හිනා වෙනවා දැකලා සිතෙව් තවත් පුප්පා ගන්නකොට. වාසනාවකට වගේ සයුරු රෑට අයන් කරලා නිදා ගත්තෙ. නැත්තං වෙලා තියන විපතට තමනුත් අහු වෙන විත්තිය සයුරු ට රහසක් නෙවේ. විටින් විටේ කසු කුසු ගාන ළමයිට රවන ගමන් යුවීන් කිසි ගානක් නැතිව රෙදි මදිනවා.
"ඔය MP මට පේන්න බෑ. ඕකාගෙ ඔලුව බර වැඩි වෙලා තියෙන්නෙ..."
"MP?" සයුරු අර්ජු කියනකොට කුතුහලයෙන් ඇහුවා.
YOU ARE READING
- ක්ෂිතිජ -
Non-Fictionකවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න