07 කොටස

210 50 93
                                    

කමෙන්ට් ගෝල් 50

සයුරු සෙනසුරාදා උදේ ඇස් දෙක ඇර ගත්තෙ බොහොම අමාරුවෙන්. මහ පාන්දර කවුරු හරි කනට ගහලා ඇහැරෙව්වා වගේ හැඟීමක් ඔහුට දැනෙනකොට අඩුම සයුරු ට කෙලින් වෙන්නවත් බැහැය වගේ හැඟීමක් දැනුනා. උදේ පාන්දර ඇලුමිනියම් කෝප්පයකට හැන්දක් ' ටකස්  ටකස් ' ගාලා වැදෙන සද්දයක් එක්ක ඇස් දෙක ඇරපු සයුරු අමාරුවෙන් කොට්ටෙ බදාගෙන අනිත් පැත්ත හැරුනෙ යුවීන් අයියට හිතෙන් ශාප කරන ගමන්. සාමාන්‍යයෙන් සයුරු ට එච්චර තරහ යන කෙනෙක් නොවුනත් ඊයෙ රෑ යුවීන් අයියා කරපු වැඩේට නම් සයුරු ට නැගලා තිබුණෙ.

ඊට රෑ ඉඳන් අද උදේ හතර හමාර වෙනකම් , හොස්ටල් හිටපු ජූනියස්ලා ටික අල්ලගෙන යුවීන් අයියා ලොකු දේශනයක් දුන්නේ කොල්ලො ටිකට මිනීමරු හැඟීම් ගනනාවක් පහල වෙනකොට. රැවුල් ෆුල් ෂේව් කරන්න , වැදගත් විදියට ඉන්න, උන් ටික බුම්මන් ගියත් සීනියස්ලා දැක්කම හිනා වෙන්න , කෑ ගහන්න දඟලන්න එපා , සීනියෝරිටි එක තියා ගන්න වගේම රට පහක දේවල් එකම දේ රිපීට් කර කර පාන්දර හතර හමාර වෙනකම් දේශනා දීලා යුවීන් කැපුනාමයි කට්ටියට නිදා ගන්න ලැබුනෙ. ඉතින් කොල්ලො ටික යුවීන් ගෙ අම්මා මුත්තා ඇතුලු මුලු සනුහරේම ආදරෙන් මතක් කරන ගමන් නින්දට ගියා.

කොහොම උනත් සයුරුට එච්චර වෙලා ඉන්න ලැබුණෙ නැහැ වගේ. හරියටම උදේ අටට විතර ඇහැරුණු යුවීන් සද්දෙට තේ හදන සද්දෙට සයුරු අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවා. එක පාරක් ඇහැරුනාම , විශේෂයෙන්ම දවල් වෙලා ආයෙ නින්ද  යන්නෙ නැති ලෙඩක් සයුරු ට තිබුනා. කොහොම උනත් සයුරු ට පැය හයක් කවර් කර ගන්න ඕනෙ නිසා ඇඳ වටේ පෙරලි පෙරලි ටිකක් වෙලා හිටියත් සයුරුට ආයෙ නින්ද අහලටවත් ආවේ නැති කොට සයුරු නැගිටින්න තීරණය කලා.  නිදි මර ගාතේ යුවීන්ව තඹේකට මායිම් නොකර අමාරුවෙන් කොරිඩෝවට පැන ගත්ත සයුරුට දැණුනෙ ලෝක විනාසෙ දෙපා මුලට පාත් උනා වගේ.

" අත් සතරකි , හිස් සයකි... මම කතර ගම දොයියො කියලාද උඹලා හිතන් ඉන්නෙ... එකෙක් හරි වරෙන් මාත් එක්ක තේ එකක් ගේන්න යන්න. තොපි සේරටම තේ අදින්න මම කවුද යකෝ"

අර්ජු හයවෙනි කාමරේ දොර ඉස්සරහට වෙලා කෑ ගහනවා. ඊයෙ රෑ අර්ජු ට නින්ද ගිහින් තිබුණු නිසා යුවීන් ගේ දේශනාව මිස් වෙලා තිබුනා වගේම යුවීන් කීවා අර්ජු නිදි නම් නිදා ගත්ත දෙන් කියලා. ඒ නිසා අර්ජු උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා හිටියෙ වෙලා තිබ්බ විපත ගැන දැනුමක් නැතිව. කොහොම උනත් ඒකෙන් මේකෙන් උනෙ හොස්ටල් සෙට් එකට උදේ කිරි එක ගේන වැඩේ අර්ජුට සෙට් උන එක.

- ක්ෂිතිජ -Where stories live. Discover now