කමෙන්ට් ගොල් 50
ලෙක්චස් දවල් දෙකට ඉවර උනත් සයුරුට එදා ඔලුවෙ කැක්කුමක් හැදිලා තිබ්බේ. ඇඟත් ටිකක් රස්නෙ වෙලා තිබුනා. ඊට කලින් දවසේ සයුරු ලෙහන්සා එක්ක පණ්ඩිතකමට හන්දියට ගිහිල්ලා කිතුල් අයිස් ක්‍රීම් කාලා , එනකොට වැස්සකටත් අහු උනා. ඊට පස්සේ භාගෙට තෙමිලා ඉන්න හොඳ නැති නිසා රෑම නෑවා. උදේ වෙනකොට සයුරුට බඩු හරි ගිහින් තිබ්බේ... පැනඩොල් ගත්තාම හරි ගියාට ආයෙම පැය හය හරි යාගෙන එනකොට ඔලුවෙ කැක්කුම වැඩි වෙනවා.
" සතුටු වෙයන් උඔට ඔය ඔලුව රිදෙන්නේ ඔලුවක් තියන නිසානේ... උඹත් එක්කම ගියපු මේකි මේ යස අගේට ඉන්නේ රිදෙන්න ඔලුවක් නැති නිසා"
අර්ජු ලෙක්චස් ඉවර වෙලා එලියට එන ගමන් සයුරුගේ කර වටේ අත දා ගන්න ගමන් කියනකොට සයුරුට හිනා ගියාම ලෙහන්සා අර්ජුගේ කකුල පෑගුවා. ලෙහන්සාගේ හීල් එක අර්ජුගේ කකුලට කිඳා බහිනකොට අර්ජුගේ දත කට පූට්ටු උනා.
"ආව් යෝධියේ!!"
අර්ජු ලෙහන්සාට අත දිගෑරලා පාරක් ගහනකොට ලෙහන්සා පැත්තකට පැන්නා. ඒ ගමන ඒ පාර වැදුනේ පැත්ත පාඩුවේ හිටපු සිතෙව්ට.
"අනේ බං. උඹලා හින්දා මට ටැකිකාඩියා වගේ"
සිතෙව් වැඩියේ කතා නොකලාට ඉඳලා ඉදලා කරන විහිලුවලට හිනා යනවා. එදා ලෙක්චර් එකේ Tachycardia කියන වචනේ කියලා දුන්නා. ඒ කියන්නේ හාට් රේට් එක තියෙන්න ඕනේ ගානට වඩා වැඩි වෙනවා කියන එක. කොහොම හරි එක මෙඩිකල් ටර්ම් එකක් ඉගෙන ගත්තා කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ස්ලාට, වඳුරට දැලි පිහිය අහු උනා හා සමානයි. ඒක ඕනෙ එකටයි එපා එකටයි හති වැටෙනකම්ම පාවිච්චි කරනවා. මේ ඒ එහෙම එක අවස්ථාවක් විතරයි.
"අනේ බං... ඒක නෙවේ ඊයේ තුහාන් අයියා මට viagra වල පිසියොලොජි එකත් කියලා දුන්නානේ... මම මේ රීප්‍රොඩක්යිව් මොඩියුල් එක පටන් ගන්නකම් ඉන්නේ ලෙක්චරර් අහපු ගමන් අත උස්සලා කියන්න"
අර්ජු කියනකොට සයුරුට ආයෙ හිනා ගියා.
"අඩෝ හිනස්සන්න එපා බං.. මගේ ඔලුව රිදෙනවා වැඩී එතකොට"
YOU ARE READING
- ක්ෂිතිජ -
Nonfiksiකවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න