කමෙන්ට් ගෝල් 50
සයුරු ආකේෂ් කීව නිසා එලියට යන්න ලෑස්ති උනා. සයුරුගේ උණ බැහැලා තිබුනු නිසා කාමරේ ඇතුලේ නිදාගෙන හිටියොත් සයුරුට තවත් අමාරු වෙයි කියලා කිව්ව ආකේෂ් තමන් එක්ක රවුමක් ගහලා යන්න එනවාද කියලා සයුරුගෙන් අහනකොට සයුරුට තිබුනේ කියන පමාව විතරයි. ආකේෂ් අයියා එක්ක යන්න නම් කොහේ හරි සයුරු එක පයින්ම....
එකෙන්ම ලෑස්ති වෙච්චි සයුරු හයට යන්න ලෑස්ති වෙන්නය කීව ගමනට පහේ ඉඳන් ලෑස්ති පිට. ආකේෂ් එළියට එන්න කියනකම් පැයක් විතර ඇඳේ පෙරලි පෙර හිටපු සයුරු විටින් විටේ කොන්ඩෙ හදන්නයි , ඇඳුමේ පොඩි වෙච්චි රැලි හදන්නයි වෙලාව නාස්ති කර ගන්නේ මොකටද කියලා සයුරුවත් දන්නේ නැහැ.
පැයක් , අවුරුද්දක් වගේ ගත කරපු සයුරුට අන්තිමේදී බලාගෙන හිටපු මැසේජ් එක එනකොට සයුරු සියලුම ලෙඩ දුක පැත්තකින් තියලා උඩ පැනලා නැගිට්ටා.
Malli eliyata enna
Mn bench eka gawa
ආකේෂ් අදහස් කරන්නේ ඇහැළ මල් ගස් පේලිය ගාව තියන බෙන්ච් එක කියලා සයුරු දන්නවා. ෆෝන් එකයි පර්ස් එකයි සාක්කුවට ඔබා ගත්ත සයුරු විදගෙන හොස්ටල් එකෙන් එලියට පැනලා වොලි බොල් කෝට් දිහාවට ඇවිදගෙන ගියේ තනියම හිනා වෙන ගමන්
සයුරු එළියට එනකොට සුපුරුදු පරිදි අර්ජුලා ලෙහන්සලා සෙල්ලම් කරන්න ඇවිල්ලා හිටියේ. ලෙහන්සා නම් කෝට් එකේ එලියෙන් ඉඳගෙන තුහාන් අයියා එක්ක බර කයියක. ලේසියකට කෝට් එකෙන් රෑ අට පහු උනාමවත් ගන්න බැරි ලෙහන්සා කෝට් එකේ එලියේ ඉන්නවා දැක්කාම සයුරුට අමුත්තක් දැනුනත් සයුරු ඒ ගැන වැඩියේ කල්පනා කරන්න කලින් ලෙහන්සා සයුරුව දැකලා විදගෙන ආවා.
" අඩෝ සයුරු. දැන් අඩුද ඒයි "
ලෙහන්සා දුවගෙන ඇවිත් සයුරුගේ නළලට අත තියලා එයාගෙ නළලටත් අත තියලා සයුරු රස්නෙද කියලා බැලුවා.
"දැන් උඹට හොඳයි ව....... ටිකක් ඉඳපන් අම්මෝ ඒයි සුවඳ.. මනමාලියක් බලන්න යන්න වගේ... රෝස මල් යහනාවෙන්ද ඕයි බැස්සේ... මොනවාද උඹ යූස් කරන පර්ෆියුම් එක?"
YOU ARE READING
- ක්ෂිතිජ -
Non-Fictionකවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න