කමෙන්ට් ගෝල් 50
සයුරු ඇහැළ ගහ යට වාඩි වෙලා වොලිබෝල් සෙල්ලම් කරන දිහා හිනා වෙවී බලන් හිටියා. වෙනදා උනා නම් ලෙහන්සා සීනියෝරිටි එක කුකූට දාලා තුහාන් අයියට බල්ලෙක්ට වගේ බනින එකට හිනා වෙවී , අර්ජුගෙ කට කැඩුණු කතාවලට අත් පොඩි ගහ ගහ සයුරු වොලිබෝල් මැච් එක සම්පූර්ණයෙන්ම වගේ එන්ජෝයි කරනවා. ඒත් අද සයුරු ගෙ හිත වෙන කෙනෙක් ගාව නතර වෙලා.
විටින් විටේ නළලට උනපු දාඩිය පිහ දාන ගමන් , ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක හුලං වැදෙන්න වගේ අතින් ගසලා හොලවන ගමන් , මූණට වැටෙන කොන්ඩෙ පිට පස්සට කරන ගමන් වොලිබෝල් සෙල්ලම් කරන ආකේෂ් අයියා ගාව නොදැනුවත්වම සයුරුගෙ ඇස් දෙක නතර වෙලා තිබුනා. සයුරු එයා අරගෙන ආව වතුර බෝතලෙත් අත් වලට තද කරගෙන ඒ දිහා බලාගෙන හිටියේ ඇස් පිය ගහන්නෙ නැතිව. කොහොම උනත් විනාඩි කීපයක් යන්න කලින් තමන් ආපු වෙලාවෙ ඉදන් කන්න වගේ ආකේෂ් දිහා බලන් ඉන්නවා කියලා සයුරුට තේරුනා. සයුරු ට දැණුනෙ අපහසුතාවක්. ඒ එක්කම ලෙහන්සා උඩ පැනලා ගහපු ෂොට් එකක් අනිත් ටීම් එකට ඩිෆෙන්ස් කර ගන්න බැරි උනාම ලෙහන්සා උඩ පැනලා කෑ ගැහුවා. අර්ජු එක්ක පහකුත් ගැහුවා. තුහාන් අයියා දාගෙන අත් අල්ලගෙන උඩ පනින ලෙහන්සාටයි අර්ජුටයි දාගෙන රවනවා. පේන විදියට මැච් එක ඉවරයි වගෙ.
"නංගී... ස්කෝස් කොහොමද ගියේ"
ශනුදි ගාවින් වාඩි වෙලා හිටපු ඉමීඩියේට් සීනියර් අයියා ශනුදිගෙන් කතා කරලා අහනකොට පොත කියව කියව හිටපු ශනුදි ඒක දැනගෙන හිටියෙ නැහැ. ශනුදි වහාම මැච් එක 'බලනවා වගේ' වගේ හිටපු සයුරු දිහා බැලුවා.
"සයුරු... ස්කෝස් කීයද?
"ම්... මේ මම දන්නෑනෙ"
සයුරු ගොත ගැහුවා. ආකේෂ් අයියා ගෙ කොන්ඩෙයි , ඇහි බැමයි , ඇස් දෙකයි දිහා බලාගෙන හිටපු සයුරු කොහොමද ස්කෝස් දන්නෙ. සයුරු අපහසුවෙන් හිනා වෙනකොට ශනුදි පුදුමෙන් සයුරු දිහා බැලුවා.
"ඔයා මැච් එක බලන් හිටියෙ නැද්ද සයුරු? අර අයියා ඇහුවේ"
"ඉට්ස් ඕකේ නංගි..."
ශනුදි සයුරුගෙන් අහනකොට නම නොදන්න කන්නාඩි අයියා මැද්දෙන් පැන්නා ම ශනුදි යන්තම් හිනා වෙලා ඉස්සරහ බලා ගත්තා. සයුරුට දැණුනෙ අපහසුතාවක්. කිසිවක් නොකියා සයුරු ආයෙම ඉස්සරහ බලනකොට තමන්ගෙ පැත්තට ඇවිදගෙන එන බෑග් එකත් එල්ලා ගත්ත ආකේෂ් දැක්කාම සයුරු ගෙ හුස්ම ඉහල පහල යන වේගෙත් වැඩි උනාට සයුරු හිතේ කහටක් නැතිව දත් තිස් දෙකම දාලා විරිත්තලා හිනා උනා.
YOU ARE READING
- ක්ෂිතිජ -
Nonfiksiකවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න