ඔයාගෙ ජීවිතේටත් තරු වගේ මිනිස්සු හම්බ වෙලා තියෙනවද?
අපේ ජීවිත දවල් අහස වගේ ආලෝකමත් වෙලා තියෙන කොට එයාල දුර ඈත ඉඳන් හරි ලස්සනට හිනා වීගෙන අපේ දිහා බලාගෙන ඉන්නවා.
ඒ වගේ ම අපේ ජීවිත අමාවක දවසක රෑ අහස වගේ කලුවර වෙන වෙලාවට එයාලගෙ චූටි චූටි වැඩවලින් හරි ලස්සනට අපේ අහස හැඩ කරනවා විතරක් නෙවේ අපිට හරි පාරෙ යන විදිහත් වරද්දන්නැතුව හරියට ම පෙන්නල දෙනවා.
ඒ වගේ මිනිස්සු හරි ම දුර්ලභයි, වැරදිලා හරි ඔයා ගාවටත් අහසින් කඩාගෙන වැටුනු ඒ වගේ පුන්චි තරුවක් ආවොතින් පුලුවන් තරම් පරිස්සම් කරගන්න🩵.
හොඳද මේ නිසදැස්?? අදාස් භාරගනු ලැබේ🥹.
YOU ARE READING
ඔබ එන්න කවියක්ව ඉතින් මට කියවන්න
Poetryකවි පමණක් නොවේ, නිසදැස් පොත් වුවත් භාරගනු ලැබේ😌.