මිනිස්සුත් හරියට චිත්‍ර පොත් වගේ, එක එක විදියෙ කතාන්දර එක එක විදිහට ඇදෙන.
ඒ හැම පොතක ම මුලින් ම තියෙන්නෙ සුදු පාට පසුබිමක් විතරයි. ඒ පොතේ මුල් ටික ගොඩක් කට්ටියගෙ උදවුවෙන් ලියල, මැදක් හරිය වෙනකොට කවදම හරි දවසක අපිට සිද්ද වෙනවා තනියම ම ඒ පොත ලියන්න.
අන්න එදාට ඔයාගෙ කතාවෙ ඉතුරු ටික ලියන්න හිතන විදිහ, එක එක කොටස් අඳින්න ගන්නෙ පැන්සල ද පෑනද නැත්තං පාට කූරක් මද කියන එකත් හොඳට හිතල බලන්න. මොකද සමහර තැන් ආපහු මකල අඳින්න සිද්දවෙන නිසා පැන්සලෙන් අඳින්න ඕන සමහරතැන් තදට කැපිල පේන්න ඕන නිසා පෑනකින් තද කරල පොතේ අඳින්න ඕන වගේම සමහරතැන් බොහොම පරිස්සමට පාට තෝරල ගන්න පාට කූරකින් ලස්සනට අඳින්න ඕන.
මේ මොන දේ කරත් අමතක කරන්න එපා ඔයා ඔයාගෙ චිත්‍ර පොතේ අඳින චිත්‍ර ඔයාට කැමති විදිහකට අඳින්න පුලුවන් බව.
ආපු වෙලාවට අප්ඩේට් කොරගෙන කොරගෙන යන්නෝන 🌸

YOU ARE READING
ඔබ එන්න කවියක්ව ඉතින් මට කියවන්න
Poetryකවි පමණක් නොවේ, නිසදැස් පොත් වුවත් භාරගනු ලැබේ😌.