සුදු ඩේසි මල් ලස්සනයි ඉර එලිය වගේ පිරිසිදු හැගීමක් ගේනවා ඒත්, වටිනාකමක් නෑ.
රතු රෝස මල් ලස්සනයි ආදරණීය හැගීමක් ගේනවා ඒත්, කටු තියෙනවා.
හයිසින්තස් මල් ලස්සනයි වර්ණවත් රටා මැවෙනවා ඒත්, දුක්බර කතාවක් ගැන කියවෙනවා.
මොණරකුඩුම්බිය මල් ලස්සනයි නිදහස කියන දේ අපිට මතක් කරල දෙනවා ඒත්, ගොඩක් කට්ටිය පාගල දානවා.
හැබැයි
මෙච්චර සිනිදු මේ මලක්වත් පොඩිවෙයි තැලෙයි කියන බයටවත් වෙන කවුරුත් නිසාවත් තමන්ගෙ හැඩයවත් තමන්ගෙ විදිහවත් වෙනස් කලේ නෑ. ඒක නිසා ම වෙන්නැති හැම මලක් ම විශේෂ වෙන්නැත්තෙ ඉතින් ඔයත් විශේෂ කෙනෙක් වෙන්න.
සමහරක් විට ඒ ලස්සන ඇස්ටර් මලක් වෙන්නත් පුලුවන්, වැහිකුලක් එනකන් නියං කාලෙත් පුලුවන් විදියකට හැමදේම දරාගන්නා.....
සූටි පොතක් හදන්ට හිතුනා😁
අම්බෝ!!! ලිව්වා ඒනම්
කාටාරි විචාරයක් ඕන්නම් කියන්ට ඈ
බායි ඈ
YOU ARE READING
ඔබ එන්න කවියක්ව ඉතින් මට කියවන්න
Poetryකවි පමණක් නොවේ, නිසදැස් පොත් වුවත් භාරගනු ලැබේ😌.