xx ♡

156 8 2
                                    


" ඒ උනාට අපිනම් හිතුවෙ නෑ චූටි  හිමාශට ඔහොම බූට තියයි කියලා .

" අනේ මේ මම ඒ හෝන්තුවට කැමති නෑ.

" ඒ උනාට ඔයානම් පොඩි කාලෙ කිව්වේ හිමාශව බදිනවා කියලා. මතකද nursery  එකේ concert එකක හිමාශා වෙන කොල්ලක් එක්ක couple dance එකකට ඉදලා මේකා එතන අඩ අඩ නැටුව හැටි.

" අම්මෝ ඔව් ඔව් පොඩි කමටද මුගෙත් වැඩ. තේමිය ඒ කොල්ලට ගල් වලිනුත් ගැහුවා. ඒ කොල්ලත් ගේම අත ඇරියේ නෑ හිමාශගෙ අතින් අල්ලන් ඒ පැත්තෙන් අදිනවා තේමිය අනිත් අතින් අල්ලන් මේ පැත්තෙන් අදිනවා හුණු වටේ කතාව වගේ.

" ඇයි චූටි හිමාශගෙන් ඇහුවේ හිමාශා ඔයා මට නේද ආදරේ ගගා. මට තාම මැවිලා පේනවා අඩ අඩ ඇගිල්ලකුත් දික් කරගෙන හිමාශාගෙන් ඒක ඇහුව විදිහ.

" අනේ අයියේ !!!! අභිශේක් මෙයාලා බොරු කියන්නේ. ඔයා ඕවා විශ්වාස කරන්න එපා.

තේමියගෙ හපන්කම් ගැන නතාශායි යොහානුයි තරගෙට දිග ඇරියේ මේ ඇහෙන කතා වලටත් අභිශේක්ට හිනාවෙන්නද අඩන්නද කියලා නොතෙරෙන කොට. ඉතින් තේමියගෙ අන්තිම තුරුම්පුව උනේ  අහිංසක මූනකුත් හදාගෙන අභිශේක් දිහා බලන් ඉන්න එක තමන් මේවට වැරදි නෑ වගේ.

" ඔව් ඔව් අපි බොරු කියන්නේ. තේමිය දන ගාන වයසෙ ඉදන්ම කරේ රට්ටු හිනස්සන වැඩ. නැත්තම් අවුරුදු කුමාරිට යන්න ඕනා කිය කිය ගේ පෙරලයි ඈ ??.

" ඇයි ඩෙංගු හැදිලා ඉද්දි තමා මරු ආතල් දුන්නේ. අම්මා මෙහෙන් අඩ අඩ ඉන්නවා චූටි ඒ අස්සෙන් අහනවා අම්මේ මම මැරුනොත් මාව කෑව මදුරුවව හිරේ දානවද කියලා.

" නිකං හිටහල්ලා බං ඔය පොඩි එකාව අවුස්සන්නැතුව.

අයියයි අක්කයි එකතු වෙලා මල්ලිගෙ සායම හෝදන අතරතුර ආදිත්‍යා මේ වෙන්න යන අසාධාරනේට හඩ නැගුවත් ඒකෙන් නෙවේ දශමෙක ප්‍රතිපලයක් තිබුනෙ.

" අනේ මේ මම එහෙම කිව්වේ නෑ !!!   ඔයාලමයි පොඩි කාලේ මට කිව්වේ මම ලොකුවෙලා බදින්න ඕනා හිමාශව කියලා. ඉතින් මාත් ඒක ඇත්ත කියලා හිතුවා. ඇයි වදේ මේ බටකොල ආච්චියි බටකොල සීයයි එකතු වෙලා මාව නරක් කරලා එනවා මෙතන මගෙ සායමත් හෝදන්න.

LOVE HATE 🖇 (Sinhala bl)Where stories live. Discover now