Fight 7

85 7 1
                                    



🐯 සකුරා මගේ සහෝදරයෝ මේම්හ්..

🎀 මම චූටි අයට ආසයි සර්

ජෙරම් මුකුත් කියන්න කලින් ගෙනාපුවා අත් දෙකේ පුරෝගන සකුරා කාර් එකෙන් බැස්සා කොල්ලා ආය පාරක් නලල අතගාන්න ගත්තේ කෙල්ලව එක්කන් එන්න ගත්ත තීරනේ හොදද නරකද කියලා කල්පනා කරන ගමන්

ජෙරම් දොර ඇරියා විතරයි ,

🦊🐹 මූ තමා කරේ...

පාන්දර තුනට ගේම හෙල්ලෙන්න කෑ ගැහුවේ දැලි නාගන ඉන්න කොල්ලො යුවී විකී දෙන්නා

🐹 වූ ජපන් ගර්ල්.. ඕවා අපිටද?

සකුරා ටිකක් කම්ෆියුස් වෙලා හිටියෙ ලොකූ වත්තක් මැද්දෙ තියන ලොකූම ලොකු  ගේ දැකලා එයා මුලින් පුදුම උනා ඊලගට දැන් මේ දකින දර්ශනෙන් එයා පුදුම උනා
සුදු පාට ටයිල් එක උඩ දර ලිපත් හදාගන ඒකේ මුට්ටියක් ලිපේ තියන් දැලි ගාගන ඒකට පිබ පිබ ඉන්න ලෝකප්‍රසිද්ද ගායකයෙකුයි නලුවෙකුයි
ඒ මදිවට පුටුවට තියලා බැදලා කටට තක්කාලි ගෙඩි දෙකක් ඔබලා ඉන්න ඔලීවියා රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයයි ප්‍රොෆෙසර් කෙනෙකුයි

කෙල්ල ආය ඇහිපිල්ලම් ගැහුවේ වෙලාවේ හැටියට නිදි මත එක්ක දකින හීනයක්ද කියලා දැනුන සාදාරන සැකේට

🎀 සර් මේ...

🐯 මගේ මල්ලිලා

🎀 ඕහ්....

මූනේ දැලි ගාන් ඉන්න යූවිට සකුරා මාශ්මෙලෝ පැකට් එකක් දික් කරා කොල්ලා ඒක අරන් සකුරාට තෑන්ක්ස් කරලා මෙච්චර වෙලා මරාගත්ත විකී එක්ක ඒක බෙදාගන කෑවා

🐯 ඔයා ඉදගන්නකෝ සකුරා

නලලත් අත ගගාම ජෙරම් ගිහිල්ලා පුටුවේ ගැටගහලා හිටිය හිරකාරයෝ දෙන්නව ලිහුවා ලොකූ නැති ගෙදර නිකම් අම්මා නැති ගෙදර වගේ ඔක්කොම එකට ඉන්න දවසක ලොකූ නැති උනොත් පොඩි උන් ටික මෙහෙම දගලන එක අතිශය සාමාන්‍ය දෙයක් ලෝකේ ඉස්සරහ දාන් ඉන්න වෙස්මූන ගලවලා එයාලට නිදහසේ ඉන්න පුලුවන් ගෙදරදි විතරනේ ඉතින් ඒ නිදහස එයාලා උපරිමෙන් විදිනවා

🐯 කෝ චූටී

🐻 එයා..උඩ

🐯 ජුලියන්

🐻 දෙන්නම

ජෙරම් ඇහි බැමක් උස්සද්දි එරික් උඩට දිව්වේ දෙන්නා නිදි නම් ඇහැරවන් එන්න වෙන මොකකටවත් නෙමේ සකුරාව පෙන්නන්න

🐻 සුදුවෝ....සුදුවෝ

දොර ගාව ඉදන් එරික් කතා කරද්දි එමී හිටියේ ජුලියන්ගේ කොන්ඩෙට චූටි චූටි කොන්ඩබූල් දාන ගමන්

🐻 සුදූ දෙවනි පහලට එන්නලූ

එරික් ඒක කියාගනම පහලට ගියා

🌸 දෙවනි අර ගර්ල්ව ගෙදරට දාන්න ඇති නේද අනේ මන්දා

🖤 චූටි අයියලා මොනාද පෙරලගන්නවත් ඇහුනා

🌸 ශෝක් වලියක් වෙන්න ඇති ඒත් ඔයාගෙ කොන්ඩෙට වද දෙන අවස්තාව මග ඇරගන්න මම කැමති නෑ

ස්ට්‍රෝබෙරි නයිට් කිට් දෙකක් ගහන් එන කෙල්ලවයි කොල්ලවයි දැක්කලා පුදුම නොව්නත් කොල්ලගේ ඔලුවේ තියන විච්චූරන කොන්ඩ කටු ගොඩ දැකලා සකුරා පුදුම උනා මීට සුලු මොහොතකට කලින් සන්සුන් වෙන්න කියලා රෙක්ස් අතට දීපු වතුර වීදුරුව එයාගෙ අතින් ලිස්සලා යද්දි වැඩ දන්න නිසා ජෙරම් ඒක අල්ලගත්තා

🎀 අනේ....සො...සොරි සර්

🐯 නෑ කමක් නෑ ඔයා ඉන්න තත්වේ මට තේරු.....

🌸 අයියේ මටත් පොලේ ගහන්න වතුර එකක් ඕන

නලල ඇගිලි තුඩු වලින් තද කරන ගමන් ජෙරම් කතා කරපු හැටි දැකලා එමීට විතරක් නෙමේ අනික් අයටත් ඒකම කරන්න හිතුනා

🌸 ඔහ්.... හායි අක්කේ මම එමී

ඇස් ලොකු කරන් ඉන්න සකුරා ගාව වාඩි වෙලා හිටිය ජෙරම්ගේ ඔඩොක්කුවට කිසිම අවුලක් නැතුව පැන්න එමී කිව්වා සමහරු කියනවා ගෑනු ලමයි ලොකු වෙද්දි සහෝදරයෝ අතේ දුරින් තියාගන්න ඕන කියලා ඒත් එමී නම් එයාගේ අයියලාගෙන් පොඩ්ඩක්වත් ඈත් උනේ නෑ

ජෙරම් එයාගේ ඔඩොක්කුවේ ඉදන් සකුරා එක්ක කතා කරන එමීගේ අවුල් වෙලා තිබ්බ කොන්ඩ කෑලි ටික එකතු කර කර මෙලෝ දෙයක් ඇහෙන්නෑ වගේ හිටියා

🎀 හායි මිස් එමී මම සකුරා

🌸 මිස් කියන්න එපා මම ඔයාගේ බොස් නෙමේනේ

🐻  සකුරා , මුලින්ම සොරි ඔයා මෙහෙ ආව මුල් දවසම අවුල් ජාලයක් උනාට











මුලිම්ම සොරි,

Just Fight Where stories live. Discover now