ජෙරම් ජුලියන් දෙන්නා කෙලින්ම ගියේ එයාලාගේ රහසිගත මද්යස්තානයට එතන එලියෙන් මෙලෝ ගාඩ් එකක් නොපෙනුනාට ඇතුලෙන් මාර ගාඩ් එකක් තිබ්බේ බ්ලැක් ෆයර්ලාගේ මෙව්වා එකක් හින්දද මන්දා මේ ගැන්ග් එකේ ලොක්කාගෙ ඉදන් ඔක්කොම කට්ටිය මාර හැන්සම්
ජෙරම් ජුලියන් දෙන්නා සෙට් එක අරන් වැඩේට බහින්න මුලින් හිතාගන හිටියත් හරියටම චෙරීව නෝට් කරගන නැති නිසා සෙට් එක අරන් යන්න ජුලියන් කැමති උනේ නෑ
🐯 ජුලියන් ගෙදර පලයන්
🖤 මොකද බය වෙලාද
🐯 මට මොකක් හරි අවුලක් දැනෙනවා බං.... උබ පලයන් ගෙදර
ජුලියන් එතනින් එහාට මුකුත් කිව්වේ නෑ හැගීම් ඒ තරම් ගනන් නොගන්න ජෙරම්ට මොනා හරි නරක දෙයක් දැනුනා කියන්නෙ ඒක අනුමානයක් නෙමේ අනිවාර්ය දෙයක් , ඉවක්
ජුලියන් යනකල් ඉදලා ජෙරම් බයික් එකෙන් තනියම එයාට ඔත්තුව ලැබුන තැනට ගියා
චෙරී පොඩ්ඩක් අමුතු ඩයල් එකක් එයා අද එනවා කියලා ඔත්තුව හම්බෙල තිබ්බේ හොස්පිට්ල් එකකට , අවයව ජාවාරම කියන්නේ ප්‍රසිද්ද රහසිගත ජාවාරමක් ඒත් චෙරී කෙලින්ම හොස්පිට්ල් වලට පැනලා තමා දේවල් උස්සන්නේ මහ අමුතු වැඩක් වගේ අනික් අයට පෙනුනට ජෙරම් හොදට දැනන් හිටියා චෙරීගෙ යටි අරමුන
ජෙරම් එයා ඇදන් ආව කලු කෝට් එක ගලවලා බයික් එක උඩින් දාලා හොස්පිට්ල් එක ඇතුලට ගියා රෙක්ස් මේ හොස්පිට්ල් එකට නිතර යන එන නිසා ජෙරම්වත් මෙහෙ අය ගොඩක් අදුරනවා
ජෙරම් මේ වෙලාවේ ආවේ මිශන් එකට විතරක් නෙමේ එයා ජුලියන්ව යැව්වේ එයාට නරකක් දැනුන නිසා විතරකුත් නෙමේ
ගිය සතියෙ චෙක් කරන්න දුන්න ලේ එකේ රිසාල්ට් බලන්න මේ සතියෙ එන්න කියලා තිබ්බ නිසාමයි ජුලියන් අද තනියම ආවේ
කලින් පාර චෙරී එක්ක ෆයිට් කරන්න උනේ ජෙරම්ට තනියම ඒක මාර අහඹු හමුවීමක් එදා චෙරීගේ අතේ තිබ්බ කිනිස්සකට ජෙරම්ගේ බඩ ගාව කැපුනා සාමාන්යෙන් ජෙරම්ව තුවාල කරන්න ලේසි නෑ ඒත් චෙරී දක්ශ ෆයිටර් කෙනෙක් අනික මේ සති දෙකට මේ තුවාලේ උඩු දුවනවා ඇරෙන්න කිසිම හොදක් නෑ
ජෙරම්ට ශුවර් එකක් තිබ්බා කිනිස්සේ මොනා හරි විසක් තියෙන්න ඇති කියලා ඩීටෙල්ස් එලියට නොදෙන්න ඩොක්ටර්ට මරණ තර්ජන කරලා තමා එයා මේ ටෙස්ට් එක කරගත්තේ ඒත් ජේඑස් විදිහට නෙමේ ජෙරම් විදිහට
🎀 සර්...
ගහට ගහක් මොරටුවෙදි හමුවීම කෙසේ වෙතත් ජෙරම්ට කොහෙන් ගියත් සකුරාව හම්බෙන වාසනාව නම් තිබ්බා
🐯 සකුරා.... මේ අම්මද
සකුරාගේ අතින් අල්ලන් හිටිය සකුරා වගේම රවුම් මූනක් තියන සකුරාට වඩා චූට්ටක් උසින් අඩු තරුණ කමේ සලකුනු තාම මූනෙ ඉතුරු වෙලා තියන කාන්තාව දැක්කම ඒක අහන්න තරම් දෙයක් උනෙත් නෑ
🎀 ඔව් සර්.... අම්මා මේ ඉන්නේ මගේ සර්
ජෙරම්ට ඇහුන විදිහේ වරදක්ට සකුරා කිව්ව හැටිද දන්නෑ ජෙරම්ට 'මගේ සර්' කියන එක ඇහුනෙ ටිකක් බර කරලා කියනවා වගේ
🎀 සර් හොස්පිට්ල් ආවේ.... අසනීපයක්ද
🐯 නෑ සකුරා රෙක්ස් මේ හොස්පිට්ල් එකට නිතරම එනවා මම ආවේ එයා ඉන්නවද කියලා බලාගන යන්න
🎀 අහ්.... සර්ගේ ඔලුව
🐯 ඒක දැන් අඩුයි සකුරා....
ජෙරම්ට එමීගේ බොරු කීමේ හැකියාව තිබ්බ හින්දා සීරුවට සීන් එක කියාගන ගියා හැබැයි,
👨⚕️ මිස්ටර් ජෙරම්...මන් කෝල් එකක් දෙන්න ගියේ... එන්න අපි රිපෝට් එක බලමු
ජෙරම්ට මේ වගේ අවස්තා මේ අවුරුදු තිහක ජීවිතේ හම්බෙලාම නෑ බොරුවක් කියලා ඉවර වෙද්දිම ඒක මාට්ටු උනා ජෙරම්ගේ කොහොමත් පැහැදිලි කිරීමේ ගතියක් නැති නිසා සකුරා ඇස් ලොකූ කරම් ඉද්දි එයා සකුරා දිහාවත් නොබලා කෙලින්ම ඩොක්ටර්ගේ ඔෆිස් එකට ගියා
👨⚕️ මිස්ටර් ජෙරම් ඕක උනේ...
මැදි වයසේ වෛද්‍යවරයා උඩ ඇදුම ගලවලා ඉන්න ජෙරම් දිහා බලන් ලොකූ කෙල ගුලියක් ගිල්ලා ජෙරම්ගේ ඉල්ලීම නිසා මෙතන හිටියේ ඩොක්ටර් විතරයි නර්ස් කෙනෙක් එහෙම හිටියනම් එතනම කලන්තේ දානවා බෙල්ල ගාව තියන කැලලයි බඩ ගාව තිබ්බ කැපුමයි එක්ක ජෙරම්ගේ ඇගේ අමුතුම ආට් එකක් හැදිලයි තිබ්බේ සරලවම පර්ෆෙක්ට් ඇගල්
🌝👍 මරු කද හුම්ප්
YOU ARE READING
Just Fight
Non-Fictionවික්ටර් අන්කල් හිරේට ගියාට පස්සේ එයාගේ මාෆියා ගැන්ග් එක මාර විදිහට පැතිරුනා " දෙවනි ලව් එකක් පටන් ගන්න අදහසක් නැද්ද " " මටෝන්නෑ ඔව්වා " Rose of Knights side story