Fight 8

87 6 11
                                    


🎀 ඒකට ..... කමක් නෑ

ජුලියන් එක්ක එකතු වෙලා සාලේ මැද්දේ තියන දර ලිප අයින් කරන මාශ්මෙලෝ කටෙ පුරවගත්ත කොල්ලො ටික දිහා බලන් සකුරා මිනිනුවා

🌸 ඔයා නිහඩතාවයට හුරු කෙනෙක් නම් මේ ගෙදර බලාපොරොත්තු වෙන්නම බැරි දේ ඒක.... කමක් නෑ ඔයාට මහන්සිත් ඇති අද ඔයා අමුත්තන්ගේ කාමරේ ඉන්න

සකුරා ඔලුව ටිකක් ඇල කරලා හිනා උනා ඇත්තටම එයා ඒ බැලුවේ එමීගේ කොන්ඩෙන් වැහිලා ඉන්න ජෙරම් දිහා

🌸 ඔයාට ඇදුමක් මන් කාමරෙන් තියන්නම් එන්නකෝ.... හෙට ඔයා ටිකක් පරක්කු වෙලා වැඩට යන්න

🎀 ඒත්....

🐯 ඒකට කමක් නෑ සකුරා

සකුරා ඇස් ලොකූ කරගත්තා එමී සකුරාගේ අතින් ඇදගන උඩ තට්ටුවට ගියා



________________________



Next day..............




🦁 ළමයී..... ඔයාල නිදිද

🦋 කෑ ගහන්න එපා එයාලට නිදාගන්න දෙන්න

කසාද බන්දලා වෙන ගෙදරකට පිටත් කරපු දෙන්නගේ කටහඩ එක්ක ඇදුම් පුරෝපු බෑග් දෙක තුනක් වැටෙන සද්දෙ ඇහෙද්දි පාන්දර අටට විතර සකුරා ඇතුලුව නිදාගන හිටිය පුරවැසියෝ ටික ඇහැරුනා

🐯 ලොකූ..... මොකද මේ ඇදුම් බෑග් එක්ක

හයෙන් පස්සේ නින්ද යන්නැති ජෙරම් මේසයක් උඩ තියාගන ලැප් එකට කොට කොට ඉන්න ගමන්ම දාන් හිටිය කන්නාඩිය යන්තම් පාත් කරලා අයියා දිහා බැලුවා නොකිව්වට පොඩි යස්ස පැටව් බලාගන්න ලොකූ ආවට එයාගෙ හිත සතුටින් පිනුම් ගැහුවා

🦋 ඔයාල නැතුව තනියම ගෙදරක ඉන්න එක කරන්න බැරි වැඩක් දෙවනී

🦁 ඔයාට පොඩි උන් ටික බලාගන්න සෑහෙන්න අමාරු වෙලා වගේ

ටයිල් එකේ තියන අගුරු පැල්ලම් දැකලා ලොකූට චූටි හිනාවක් ගියා ඒ හිනාව පිටිපස්සේ තියන ඔක්කෝම දෙවනි දන්නවා

🌸 ලොකූ....

කැම්පස් ‍යන්න ලෑස්ති වෙවී හිටිය එමී ලොකුගේ කටහඩ ඇහුන ගමන්ම ජුලියන්ගේ අතිනුත් ඇදගන පහලට ආවා ඔක්කොම වගේ දැන් සාලේ

Just Fight Where stories live. Discover now