Fight 20

49 6 3
                                    


බැන්ඩේජ් , ප්ලාස්ටික් අතින් කටින් එල්ලන් ආව දොර ගාව නැවතිලා හිටිය ඔක්කෝටම ඒ ටික ඇහුනා

🐯 ඌ උන්ගෙ පැත්තෙද

ජෙරම් හිටියේ ටිකක් අවුල් මානසිකත්වෙක මේ තරම් කල් කොල්ලගේ පව්ලේ අයට මෙහෙම ඇටෑක් එකක් වෙලා නෑ මේ කිසි දෙයක් බ්ලැක් ෆයර් ගැන්ග් එක නිසා නෙමේ කියලා දන්න නිසා ජෙරම් එයාට වරද පටව නොගත්තත් වික්ටර් ව හිරේට යැව්ව එකට එයා පසුතැව්නා වික්ටර්ව නොමැරුව එකට එයා පසු තැව්නා
අනික් අතින් නැති උන සහෝදරයෙක්
විසක් නිසා උඩු දුවන තුවාලයක්
චෙරී
ජීවිතේ මුල්ම පාරට හිතට දැනුන කෙල්ලෙක්
මේ ඔක්කොම හින්දා දෙවනි හිටියේ මාර ප්‍රෙශර් එකක

🐺 එයා ලොකූව බේරුවා දෙවනී

ලොකූ ගාව දණ ගහන් බේත් දාන රෙක්ස් ලොකූ කියන්න කලින් කිව්වා

🦁 ඒ කොල්ලාට තියෙන්නෙ ඔයාගෙයි එරික්ගෙයි මූන දෙවනී තාත්තා වගේ

ලොකූ හැගීම් බරව කිව්වා එයා එයාගේ මල්ලිව , කවදාවත් වඩාගන්නවත් නොලැබුන එයාගේ ලොකුම පුතාව මුල්ම වතාවට ලගට දැකලා තිබුනා , අල්ලලා තිබුනා ඒ වගේම ඒ උරහිස් වල වාරුවෙන් ජීවිතේ බේරගන තිබුනා

🐻 එයා ඇයි ගියේ

🦁 එයා කිව්වා මේක ලොකු නූල් බෝලය.... අහ් කතුරෙන් අනින්න එපා .... මේක ලොකු නූල් බෝලයක්ලු

🐺 තව... නලියන්න එපා ලොකූ

🦁 හ්ම්ම් චෙරී ඉන්නේ වැරදි වැටහීමකලු එයා ඉන්නේ අපි ඔක්කොවම මරන්න තරම් තරහින්ලු එයාගේ අම්මා දැන් ලෙඩෙක් වෙලා ඉන්නේ අපි නිසාලු

🦊 මොන හුයන්නක්ද ඒ

🦁 කට...

🐯 චෙරී හරි දේ දන්නැත්තන් මගේ උන් නැති කරන්න කලින් ඒක හොයාගන්න කියනවා

🦁 චෙරී හිතන්නෙ එයා දන්න දේ හරි කියලා ඉස්සර අපි හිතුවා වගේ

🐺 ලොක්කෝ ටිකක් රෙස්ට් කරන්න දෙවනි ඔයත් ඔයාගෙ මූන නිල් වෙලා පුපුරන්න වගේ එරික් අපි දෙන්නා ඔෆිස් එක බලාගමු දෙවනි මුකූත් කියන්න එපා කියවන් ආවොත් ඉන්ජෙක්සන් එකක් දෙනවා

ඩොක්ටර් මල්ලියා කියෝගන කියෝගන ගියා අයියලා දෙන්නාගෙ මහන්සි මූනවල් දැක්කම එයාට දුක හිතුනා කම්පැනි එකේ වැඩ සිද්ද වෙන හැටි කොල්ලො ටික ඔක්කොම දැනන් හිටියා ඒ හින්දා එයාලට ඒක අවුලක් උනේ නෑ රෙක්ස් සද්දෙ දාන්නෙ ඉදල ඉදලා නිසා ඔක්කොම සයිලන්ට් උනා

🐯 නැගිටින්න පුලුවන් ද ලොකූ

🌸  ලොකූව උස්සන් යන්න කොල්ලො ටිකක් ඉද්දි ලොකූ මොකටද ඇවිදන් යන්නෙ

🦊 මම මගේ ලොකූව වඩා ගන්නම් කෝ එන්න ලොකූ මල්ලියා ගාවට

🐹 උබ හදන්නෙ අයියාගෙ කොන්ද කඩන්නද

🦊 ය්කූව් කෙල්ලො වසී උන ජිම් ගිහින් හදාගත්ත ඇගක් තියෙන්නෙ මට

🐹 ඇගයි කටයි තිබ්බට වැඩක් නෑ ජෑම් බෝතලේ මූඩියවත් ඇරගන්න බෑ

🦊 වහන එකා තද කරලා වහනවනෙ ඉතින්

🐯 උබලා දෙන්නද මගෙ ජෑම් එක ඉවර කරන්නේ???

පවුල්..
පවුලක් කියන්නේ ප්‍රශ්න ඇති වෙන තැනක් නෙමේ ප්‍රශ්න නැති වෙන තැනක් ප්‍රශ්න ඇති කරන තැනක් නෙමේ ප්‍රශ්න නැති කරන තැනක් ඔක්කොම බුම්මන් ඉද්දි එයාලා වගේම පිච්චි පිච්චි ඉන්න පොඩි දෙන්නා ප්‍රශ්න ගොඩක ඉන්න අයියලාගෙ මූනට හිනාවක් අරන් ආවා

දෙවනිට ජෑම් බෝතලයක් ගෙනල්ලා දෙන්නත් පොරොන්දු වෙලා  රෙක්ස් එරික් ලොකු ජෙරම් හෙවත් වැඩිහිටි පාර්ශවේ එක කාර් එකක යවලා ජුලියන් එමී පොඩි ජෝඩුව වෙන කාර් එකකට නැග්ගා

🦊 ජුලියන් මල්ලී

🖤 ම්ම්ම්

🦊 දෙවනි ජෑම් කන්නෙ කවදා ඉදන්ද

🖤 නොකිව්වට මාත් මේ කල්පනා කරන්නේ ඒක තමා

🐹 එයා දැන් ඉස්සො දැල්ලො මුකුත් කන්නෑනේ , ඒත් කොමඩුයි පිපිඤ්ඤයි හොරෙන් ගෙනල්ලා කනවා

🖤 සැර ජාති කන්නැති එක හොදයි ඒ උනාට මේක වෙනස්

🌸 දෙවනි ගොඩක් වෙනස් වෙලා හැසිරීමෙනුත් එයා මා එක්ක ෆයිට් කරන්නෙත් නෑ දැන්

මාසෙකින් විතර අයියා එක්ක කොට්ට වලින් ගහගත්තේ නෑ කියලා එමීට මතක් උනා ජෙරම්ගේ දැගලිල්ල ගොඩක් අඩුවෙලා දැන්

🌸 සකුරා නිසා නම් නෙමේ

🖤 එයාගෙ ඇගේ අවුලක් එක්කො හිතේ අවුලක්

🐹 එයාට හිත අව්ල් යන්නේ ඇයි

🖤 එයා ගොඩක් දේවල් හිතේ තියන් තනියම උත්තර හොයන කෙනෙක් මට උනත් එයා ප්‍රශ්නයක් අරන් එන්නේ උත්තරේ අනික් අතේ මිට මොලවගන එයා කැමති නෑ අපි මහන්සි වෙනවට , ප්‍රශ්න එක්ක හිර වෙනවට

Just Fight Where stories live. Discover now