මේක නම් මල කරුමයක්. අච්චර ලේසියේන් මාලිගාව ලගින් යන්න තියෙද්දි වැව රවුම වටේ බොරුවට ගාටනවා. තව අර මහගිරිදබත් නගින්න ඕනේ ඉස්කෝලෙට යන්න කලින්.
ඒකත් කමක් නෑ අරකි එක දවසක් හරි මූණ දිහා බලා හිනා වෙනව නම් මං හිතන්නේ **** එකේ මුලු සයන්ස් සෙක්ෂන් එකම දන්නවද කොහෙද උඹ ඒකි පස්සේ එනවා කියලා. හැබැයි ඒකි ඇර.
හරි හරි බං පොඩ්ඩක් ඉවසපන්කෝ. මං මේක කොහොහොම හරි දාගෙන පෙන්නනකං. මං දන්නවා කවදා හරි තරුෂි මට කැමති වෙනවා කියලා. බලපංකෝ එතකල්.
කැමතිවෙයි මේං කියලා උබ වගේ ගෙම්බෙක්ට. යකෝ හතයි කාලයි. අද නම් අනිවාර්යයෙන් කනවා කරුකාරයගෙන් පුක රත් වෙන්න පරක්කු වෙලා ආවා කියලා. ගුටි කෑවත් කමක් නෑ අර ප්රිෆෙක්ට් පගරනැට්ටෝ ඉස්සරහ ගූ වෙන එකනේ ඉවසන්න බැරි.
ඇත්තටම මොකද්ද සදරු ඔයාට ඔය ප්රිෆෙක්ට්ලත් එක්ක ඔච්චරටම තියෙන ප්රශ්නේ?
මේකනේ බං මතක නැද්ද මූ ඉස්කෝලේට ආපු මුල් කාලේ එක දවසක අර එහා පන්තියේ සිස්ස නායකොයෝ ටිකයි උන්ගේ සෙට් එකයි මූට අතවර කරා කොරිඩෝ එක දිගට. අපි ඒ වෙලාවේ ආවේ නැත්නම් මූව සමූහ දූෂ්ණයට ලක්වෙනවා.
අන්න අන්න අරකි එනවා.
අප්පෝහ් අදත් නැලුවේ නෑ!
හරි හරි බං එයා කවදා හරි මං දිහා බලයිනේ. අනික එයා දැන් දන්නවා මං පස්සෙන් එනවා කියලා. එදා බයෝ ක්ලාස් එකෙදී මගේ මූණ දිහාත් බැලුවා.
යමුකෝ බං දැන්වත් විනාඩි දහයයි තියෙන්නේ.
🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄
සාරංගි මැඩම් පංතිබාර හන්දා හැමදාම ෆස්ට් පීරියඩ් එක බයෝ. එක අතකට ඒකත් හොදයි නැත්නම් අර අයිස් පප්පත් ඇවිත් chemistry එහෙම පටන් ගත්තනම් උදේ ඉදන්ම මස්තේ ඒ මදිවට හොදට නිදාගන්නත් පුලුවන්. හැබැයි පන්තයේ ඉස්සරහම පේළියටම වෙලා නිදාගන්නවා කියන එක නම් කරන්න බැරි වැඩක්.
අඩෝ මැගෝනිගල් මැරිලලු නේද?
හ්ම් මාත් දැක්කා. දැන් ස්නේපුත් නෑ, ඩම්බල්ඩොර්ත් නෑ. හැග්රිඩුත් නෑ දැන් මැගෝනිගලුත් මැරැණා.
කවුද මැගෝනිගල්?
Ewwww මගල්ස්. මොකද්ද සදරු ඒකවත් දන්නේ නැද්ද? හැරි පොටර් බලලා නැද්ද?
ඕවා ඹැලුවේ පොඩි කාලේ නේ බං. අනික ඒකේ හිටපුවුන් කවුද? උන් රැට කෑවේ මොනවද, දවල්ට කෑවේ මොනවද කියලා හොයන්න මට ඇම්මක් නෑ. මාත් මොකට උබලා වගේ නර්ඩ් සෙට් එකක් එක්ක එකතුවුණාද?
එකතු වුණේද? මොකද පංතියේ අනිත් එවුන් උබේ පම්පොරි වලට කැමති නැති හන්දා උඹට යන එන මක් නැති වුණ හන්දා තමයි උඹට අපි වගේ පාවෙන සෙට් එකක් එක්ක එකතු වෙන්න වුණේ.
හරි හරි බං. උබලා දෙන්න ඉතින් රත්තරන් කොල්ලෝ දෙන්නෙක්නේ. මගෙ පිනකටනේ උඹලා දෙන්න මට සෙට් වුණේ.
ඒයි එන්ඩ එපා මගේ කුක්කු අල්ලන්ඩ. උඹ මිරිකලා මිරිකලම මේවා දැන් ලොකු වෙලා. එහෙම කිව්වේ රදීෂ්, එහෙම නැත්නම් අපේ තඩී. අපේ සෙට් එකටම අලුතින්ම එකතු වුණ බුවා. මිනිහා කලින් ඉස්කෝලේ ගියේ ගලගෙදර පැත්තේ ඉස්කෝලෙකට හැබැයි සාපේ ඉවර කරලා බයෝ කරන්න ඕනේ කියලා තමයි අපේ ඉස්කෝලට ආවේ.
එතකොට අපේ සෙට් එකේ කුකුළා සදරු. ඒවගේම පම්පෝරිකාරයා. ගෙවලුත් නුවරමයි. එකේ ඉදන් ඉස්කෝලේ ආවත් මට මූව සෙට් වුනේ දොලහෙදි මේ පන්තියට වැටුණම. අලුත් පංතියට ඇවිත් මුට ඉද ගන්න තැනක් නැති වුණාම ඇවිත් අපි ගාව පලවෙනි පේලියේ වාඩි වුණා. මොනව වුනත් හිත හොද කොල්ලා, ඒත් තියන ලොකුම අවුල වැව් රවුම ගාව තියන ලොකු ඉස්කෝලේක කෙල්ලෙකුට හිත්න් පෙම් කරමින් ඉන්න හන්දා ඒකේ ආදීනව අපිට විදින්න වෙන එක.
එතකොට මම තසුන්, ගොඩක් අය කියන්නේ මට පොට්ට හැරී කියලා. ලොකු කණ්නාඩි දෙකයි, කැහැටු සරීරෙයි, හැරී පොටර් පිස්සුවයි හන්දා කට්ටියම මට කියන්නේ පොට්ට හැරි කියලා තමයි. තව එකක් මං රේවන්ක්ලෝව්. ආසම හැරී පොටර් කැරැක්ටර් එක **** **. ගෙවල් අරණායක ඒත් ශිශ්යත්වේ පාස් වෙලා නුවරට ආවට පස්සේ අපි ඔක්කොම නුවරට ආවා.
ඉතින් මේ තමා 12-A (Bio) එකේ පළවෙනි පේළිය
ළමයි පොත් ගන්න. මේ සතියෙවත් අපි ජීවීන්ගේ විවිධත්වය ඉවර කරන්න ඕනේ. කෝ ලියාගන්න අද මාතෘකාව සීලන්ටරේටා වංශය
🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸මේක මගේ පළවෙනි කතාව. ඔව් අඩුපාඩු ගොඩක් ඇති! 🫣🫣
එහෙම දෙයක් ඔයාලටත් පෙනුනොත් comment එකක් දාන්න.
Thank you හැමෝටම මේක කියවනවට!